IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


‘තර්ජනය හෝ පාරේ වැතිරීමෙන් ආණ්ඩුව වෙනස් කරන්න ඉඩ දෙන්නේ නෑ’

(දයාරත්න ඇඹෝගම)
 
තර්ජනය කිරීම නිසා හෝ මහ පාරේ වැතිරීම නිසා හෝ රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීමටවත් ආණ්ඩුව වෙනස් කිරීමටවත් ඉඩ නොලැබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, වාරි මාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර හොරොව්පතාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි. හොරොව්පතාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක වීරකුමාර දිසානායක මහතා සංවිධානය කළ මෙම බල මණ්ඩල රැස්වීම කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී අද (28) පැවැත්විණි.

එහිදී අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙසේ පැවසීය.

‘විමල් වීරවංශ  මහතා ඇතුළු තවත් බොහෝ දෙනෙකු 5 වැනි දා කොළඹ වටලනවා. කියලා කථා කරනවා. වටලන්නේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. විමල්ට කොළඹ වටලන්න බෑ.  වටලන්න එන්න හදන අයටත් මතක් කරන්නේ කොළඹ බලලා ගියාට කමක් නෑ. හැබැයි මේ රටේ දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ ව්‍යවස්ථාවක් එක්ක. ජනාධිපතිවරයෙක්ට ඉන්න පුළුවන් අවුරුදු ගාණක් තියෙනවා. ඒක වෙනස් කරන්න උද්ඝෝෂණයකට හෝ පා ගමනකට බැහැ. ඒක වෙනස් කරන්න වෙන විදිහක් නෑ.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය පියසිරි විජේනායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ, ජාතික නිදහස් පෙරමුණේ හිටපු මහ ලේකම් ප්‍රියන්ජිත් විතාරණ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.



අදහස් (2)

‘තර්ජනය හෝ පාරේ වැතිරීමෙන් ආණ්ඩුව වෙනස් කරන්න ඉඩ දෙන්නේ නෑ’

Cisco Wednesday, 29 August 2018 03:39 AM

යෝජිත ඡන්ද නියම වෙලාවට තියන්නේ නැත්නම් වෙන කොහොමද විරෝධය දක්වන්නේ ඇමතිතුමෝ?

:       0       69

Bamunuarachchi Thursday, 30 August 2018 11:46 PM

කොළඹ බලලා ගියාට කමක් නැතිලු. ඔය ගොල්ලොත් කොළඹ ආවේ හෝගානා පොකුණ බලන්න නේද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1333 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 475 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site