IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


“තම නීති රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි මට බලකරන්න කිසිදු රටකට හැකියාවක් නෑ“

(අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි, මාවනැල්ල - බණ්ඩාර ජයරත්න, කිරිඳිවැල - උපාලි රණවීර, ගම්පොල - සුරංග රාජනායක)

“වෙනත් රටවල නීති-රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි සැබෑ ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වන තමාට බල කරන්න කිසිදු රටකට හැකියාවක් නැතැයි” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

“විදේශ පුරවැසියෙකු ලංකාවේ ජනපති වුවහොත් විදෙස් රටවල් කියන පදයට නටන්න සිදුවෙතැයි”ද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

“ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා නැති සෑම උපාධිධාරියෙකුටම රැකියා දෙන බව”ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

“ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ රියදුරන් ලක්ෂ ගණනක් සිටින බව කී සජිත් ප්‍රේමදාස මහතා, ඔවුන් වෙනුවෙන් ඇපයක් සහ පොලී නැතිව රුපියල් ලක්ෂ තුනක ණය මුදල දෙන්නේ යැයි”ද කීවේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුයේ මාවනැල්ල, ගම්පොල, අරණායක, රඹුක්කන සහ පොල්ගහවෙල පැවැති ජන රැලි අමතමිනි.

ජනරැලි සඳහා අතිවිශාල ජනකායක් සහභාගි වී සිටියහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.

“මාව අපේක්ෂක ලෙස පත් කරන්න බෙල්ල තියපු කෙනකු තමයි කබීර් හෂීම් මැතිතුමා. එතුමා කළ සේවය හා මාවනැල්ල ජනතාවද කිසිසේත්ම අමතක කරන්නේ නැහැ.

මාවනැල්ලට අලුත් ගැම්මක්, අලුත් සංවර්ධනයක් අවශ්‍යයි. 16 වැනිදාට නියත වශයෙන්ම මාවනැල්ල නගරය සුරපුරයක් කිරීමේ ගමන අරඹලා, තිබෙනවාට වඩා ශක්තිමත් ආර්ථිකයක් ජනතාව අතරට මා ගේනවා.

මාවනැල්ල පුරවරයේ ඉඩම්, නිවෙස් නැති විශාල පිරිසක් ඉන්නවා. රටේ නිවාස වැඩපිළිවෙළ අමාත්‍යාංශය හයකට බෙදලා තිබෙන වෙලාවේ 16 වැනි දායින් පසු මේ හයම එක අමාත්‍යාංශයක් යටතට ගෙන 2025 දී රටට සෙවණ දෙන වැඩපිළිවෙළ රටටම ක්‍රියාත්මක කරනවා.

රබර් ආර්ථිකයක් ස්වයං රැකියා ආර්ථිකයක් වඩු කර්මාන්ත ආර්ථිකයක් මෙහි තිබෙනවා. මේ ආර්ථිකවල කොටස්කරුවන් වන සියලු දෙනාට රජයේ මැදිහත්වීමෙන් බදු බර අඩු කර රාජ්‍ය මූල්‍ය සහයෝගය තුළ ස්වයං රැකියා හා වඩු කර්මාන්තය ඇතුළු කර්මාන්ත ඉහළ තලයට ගෙනෙන්න කටයුතු කරනවා.

අලුත්නුවර පූජා භූමිය සංවර්ධනය කළේ මගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීමෙනුයි. මේ වනවිට මගේ මැදිහත්වීමෙන් තවත් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. මෙරට ජනාධිපති ලෙස අලුත්නුවර උතුම් පුදබිම අංගසම්පූර්ණව වැඩි දියුණුකර ඉතිරි වැඩ කොටසත් නිමා කරනවා.

ජාතික වශයෙන් අප දැවැන්ත වැඩ ගණනාවක් ක්‍රියාත්මක කරනවා. දුප්පත්කම නැති කිරීමේ සමෘද්ධි වැඩසටහන වැඩි-වැඩියෙන් ශක්තිමත් කරන අතරතුර දුප්පත්කමින් පෙළෙන ජනතාව දුප්පත්කමින් මුදවිය යුතුයි. ඒ වෙනුවෙන් සමෘද්ධියට අමතරව ජනසවිය වැඩසටහන ද යළිත් ක්‍රියාත්මක කරනවා.

කෙටි කාලය තුළ මෙරට දුගී දුප්පත්කම තුරන් කරන්න කටයුතු කරනවා. මගේ පියා තමයි, පාසල් දරුවන් ලක්ෂ 43කට දිවා ආහාරය හා නිල ඇඳුම් දුන්නේ. මගේ ප්‍රතිවාදියාගේ රජය කාලයේ දිවා ආහාරය කපා දැම්මා. මගේ පියාට දරුවන් වෙනුවෙන් කරන්න සැලසුම් කළ වැඩපිළිවෙළ සම්පූර්ණ කරන්න බැරි වුණා. නමුත් ලබන 16 වැනිදා ජනාධිපති වූ පසු මා නිල ඇඳුම් කට්ටල දෙකක්, දිවා ආහාර වගේම සපත්තු ජෝඩුවකුත් දෙනවා.

ඇයි පාසල් දූ-දරුවන්ව මෙතරම් ශක්තිමත් කරන්නේ? දැනුම කේන්ද්‍ර කර ගත් ආර්ථිකයක් නිර්මාණය කරන්න නම් උගත්-බුද්ධිමත් ජන සමාජයක් ගොඩනැගෙන්න ඕනෑ. උගත් බුද්ධිමත් ජන සමාජයක් බිහිවෙන්න නම් දරුවන් පාසල් යන්න උනන්දු කළ යුතුයි.

මගේ ප්‍රතිවාදියෝ මේක මුදල් නාස්තියක් කියනවා. නුඹලාට කෝටි ගණනක් ණය ගිනිපොළියට ගෙන නෙළුම් කුලුණ නෙළුම් පොකුණ හදන්න පුළුවන් වුණා නම් මා පාසල් දරුවන්ට දිවා ආහාරය දෙන්න පැකිළෙන්නේ නැහැ.

සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක්ම මූලික කරගෙන කර්මාන්තපුර අරඹනවා. කර්මාන්ත පුරවර වැඩසටහන තුල යොවුන් පරපුරට රැකී-රක්ෂා ලැබෙනවා. බංග්ලාදේශයට, ඉන්දියාවට, වියට්නාමයට, කාම්බෝජයට යන ඍජු විදේශ ආයෝජන අපේ මාතෘභූමියට රැගෙන එනවා.

යොවුන් පරපුර ලොකුවට ඩිජිටල් විප්ලවය ගැන කතා කරනවා. එය කතාවට පමණක් සීමා නොකර මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමට නව තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තාක්ෂණ විද්‍යාල ආරම්භ කර ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියට පත් කරනවා. ඒවායේ බයෝ තාක්ෂණය, නැනෝ තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය, නවෝත්පාදනය, ඉංග්‍රීසි භාෂා - සාක්ෂරතාව වැනි දැනුමද ලබා දෙනවා.

මේ විද්‍යාලවලින් සමත්වී එළියට එන යොවුන් පරපුරට තොරතුරු තාක්ෂණ උද්‍යානයක් ආරම්භ කරනවා. නව ඩිජිටල් තාක්ෂණය කේන්ද්‍ර කර ගත් ව්‍යාපාරයක් මේ උද්‍යානයන්හි ආරම්භ කරනවා.

තරුණ ප්‍රඥප්තියක් මා එළි දැක්වූවා. ඒ වෙනුවෙන් ගිවිසුමකට මා එළැඹුණා. කාන්තාවන් සමඟ කාන්තා ප්‍රඥප්තියට එළැඹුනා. කාන්තා ප්‍රඥප්තියේ තිබෙන්නා වූ සියලුම කොටස් කාලවකවානු සහිතව ක්‍රියාත්මක කරන්න මා කටයුතු කරනවා.

ජන සමාජයේ පුංචිම මනුස්සයාගේ සිට සුළු-මධ්‍යම පාන්තිකයා, රාජ්‍ය සේවකයා, විරෝදාර රණවිරුවන්, පෞද්ගලික ව්‍යාපාරිකයන්, කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් සියලු දෙනා පොදු ජනතාවගේ ජනපති ලෙස පත්වූ පසු රැක බලා ගන්නවා.

රටේ ජාතික ආරක්ෂාව සුරැකීම උදෙසා, නීතිය හා සාමය අකුරට ඉටු කිරීමට එහි වගකීම ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට දෙනවා. සුදුස්සාට සුදුසුතැන මා දෙනවා.

ඒ වගේම ජාතික ආරක්ෂාව පමණක් නොව රටේ දරු පරපුරට පිළිලයක් වූ කුඩු ව්‍යාපාරයත් සුනුවිසුණු කරනවා. ත්‍රස්තවාදීන් විනාශ කරන්නාසේම කුඩු ව්‍යාපාරිකයන් ද විනාශ කරනවා. ස්ත්‍රී දූෂකයන්, මිනීමරුවන්, ළමා අපචාරකරුවන් විනාශ කර යුක්තිගරුක-විනයගරුක ශිෂ්ඨසම්පන්න ජන සමාජය බිහි කරනවා.

මේ කාරණා ගැන මගේ ප්‍රතිවාදියා සමඟ වාද කරන්න ලොකු ආශාවක් තිබෙනවා. මෙහෙම වාද-විවාද කළාම ජනතාවට ලොකු ප්‍රයෝජනයක් අත්වෙනවා. එතකොට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ වැඩසටහන කවුරු හරි ලියා දුන්නු එකක් ද කියා බලා ගත හැකියි. අපේක්ෂකයාට ඒ ගැන අවබෝධයක් තිබෙනවාද, දැනුම තිබෙනවාද, මොළයක් තිබෙනවා ද බුද්ධියක් තිබෙනවාද කියලා ඔක්කොම හොයා බලන්නත් පුළුවනි.

මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු වෙන්නේ මගේම අදහස මගේම දර්ශනයයි. වෙන කව්රුවත් ලියපු එකක් නොවෙයි. හැම එකක්ම ප්‍රසිද්ධ විවාදයක් තියා බලන්න පුළුවනි. අපේ හිතවත් මාධ්‍යයට ඒ වෙලාවට කෙටි රාමුවක් නොව පුළුල් රාමුවක් පෙන්වන්නත් පුළුවනි. එතකොට ටෙලිප්‍රෝම්ටර් එකේ වීදුරු කෑලි එහාට-මෙහාට යනවා බලා ගන්නත් පුළුවනි. මට නම් ටෙලිප්‍රෝම්ටර්වලින් කතා කර පුරුදු නැහැ. මොකද, සියලු කරුණු මගේ ඔලුවේ තිබෙනවා. හැබැයි ප්‍රතිවාදියා තවම විවාදයට එන්න ලැහැස්ති නැහැ.

කොහේ විවාද කරන්න බැරි වුණත් ඓතිහාසික විවාදය මාවනැල්ලේ පවත්වන්න මා කැමැතියි. තනිවම එන්න අකමැති නම් ළඟපාත තිබෙන කිහිළිකරු අත්වාරු ටික ගෙන එන්න පුළුවනි.

ඕනෑ නම් හිටපු ජනාධිපති අයියාවත් අඬ ගහගෙන එන්න.

හැබැයි සජිත් ප්‍රේමදාස එන්නේ තනියමයි. ඕනෑ නම් රුපියල් 2500න් පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියපු මනුස්සයත් ගෙන එන්න. එහෙමත් බැරිනම් පවුල් ගහම ගෙන එන්න. එය පන්දාහද, පහළොස් දාහද, විසිදාහද කියන එක සජිත් ප්‍රේමදාසට ප්‍රශ්නයක් නොවෙයි.

මාවනැල්ල නගරයේ තනිව සිට දහ දාහද, විසිදාහද කියන පිරිසට තනිවම මුහුණ දෙන්න මා ලෑස්තියි. මහත්මා ගුණාංගවලින් ඊට මුහුණ දෙන්න ලැහැස්තියි. මෙරට රාජ්‍ය නායක ලෙස මා කිසිම කෙනෙකුට බයත් නැහැ. කිසිම දෙනෙකුට ණයත් නැහැ. කිසිම රටකට ණයත් නැහැ. මාතෘභූමිය මොනම හේතුවකටවත් අබමල් රේණුවකින්වත් පාවාදෙන්නේ නැහැ.

මගේ ඔලුවට කරපිටට වෙනත් රටවල නීති-රීති ක්‍රියාත්මක කළ යුතුය යන බර නැහැ. අනෙක් අයට ඒ බර තිබෙනවාද කියලා කියන්න මා දන්නේ නැහැ. කාටවත් මට ඇඟිල්ල දිගු කරන්න බැහැ. ඔයා අපේ රටේ පුරවැසියේ ලෙස හිටියා, දැනුත් ඉන්නවා ඔයා අපේ රටේ නීතිරීතිවලට අනුව ඉන්න ඕනෑද කියා සජිත් ප්‍රේමදාසට එහෙම බලපෑමක් කරන්න බැහැ. මොකද සජිත් ප්‍රේමදාස කියන්නේ ඔරිජිනල්ම ශ්‍රී ලංකා පුරවැසියෙක්.

රට තුළ ත්‍රීරෝද රථ රියැදුරන් ලක්ෂ ගණනක් ඉන්නවා. ත්‍රිරෝද රථ රියැදුරන්ට ඇපයක් පොලිය නැතුව ලක්ෂ 3 ක ණය මුදල දෙනවා.

පෙර පාසල් අධ්‍යාපනය අවිධිමත් තත්ත්වයක පවතිනවා. රටේ පෙර පාසල් 19,000ක් තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථමවරට පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ දෙමින් සෑම දරුවෙකුටම දිවා ආහාරය ද දෙනවා.

රණවිරු සුබසාධන ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා පෞද්ගලිකව මා සොයා බලනවා. රැකියා නැතිව සිටින අභ්‍යන්තර බාහිර උපාධිධාරීන්ට ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා දෙනවායැයි” සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

එක්සත් ජාතික පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හසීම් මහතා -
“අප වසර ගණනාවක් තිස්සේ ප්‍රතිපත්ති පාවා නොදී ඔබ වෙනුවෙන් පෙනී සිටියා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සටනට ඉදිරිපත් කළේ ජනතාව රජ කරවන්නයි.

ගෝඨාභයගේ කඳවුර දෙස බලනවිටත් හිරිකිතයි. ඒ කඳවුර අලුතින් තීන්ත ගෑ හිර ගෙදරකට සමානයි. ඒ කල්ලිය ජාතිවාදය අවුලවමින්, ජනතාව කොටවමින් ඡන්ද ගන්න උත්සාහ කරනවා.

මහින්ද අද උතුරට වෙන කතාවක් කියා දකුණට ඇවිත් තව කතාවක් කියනවා. මේ දේශපාලනය තේරුම් ගත යුතුයි”.

මහනුවර රණවිරු සමුළුව ඇමතූ පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -
“යුද්ධය ජයග්‍රහණය කරන්න බැහැ කියලා බොහෝ දෙනෙකු කීවා. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද්ධය දිනන්න පුළුවන් බව කිව්වා. ගම්වල තරුණයන් තම ජීවිතය පූජා කර යුද්ධය ජයග්‍රහණය කළා. රට වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීම පිංකමක් බව බුද්ධ ධර්මයෙහි පවා සඳහන් වෙනවා.

රණවිරුවන් ගැන විවිධ අර්ථකතන මාධ්‍ය දෙනවා. රණවිරුවන් රට වෙනුවෙන් යුද්ධ කළේ වැටුප බලා ගෙනම නොවෙයි”.

කොළඹ පැවැති ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සමුළුව ඇමතූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා -
“නොවැම්බර් 17 වැනිදාට හිරු උදාවන විට රටේ ජනාධිපතිවරයා බවට පත්වන්නේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතායි.

නිදහස් මාධ්‍ය ව්‍යපාරය සමඟ මා 1980 වසරේ සිට සම්බන්ධ වී කටයුතු කරනවා. මාධ්‍යවේදීන්ගේ විවිධ අවශ්‍යතා, පහරදීම්, ආදි සියල්ල වෙනුවෙන්ම එදා මුලින්ම පාරට බැස්සේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උදවියයි.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍ය ආයතනවලට පහර දෙමින් මාධ්‍යවේදීන් මර්දනය කළා. ඒ යුගයේදී මාධ්‍යව්දීන් කී දෙනෙකුට ජීවිත අහිමි වුණාද? මාධ්‍යවේදීන් කී දෙනෙකුගේ අතපය අහිමි වූවාද? මහින්ද රාජපක්ෂ පාලනය විසින් කළ මාධ්‍ය මර්දනය ද අපගේ ජයග්‍රහණයට බලපෑවා.

2015 බලයට පත්වූ වත්මන් රජය මාධ්‍යවේදීන්ට විශාල නිදහසක් දුන්නා. දුන් ඒ නිදහස උපයෝගී කර ගනිමින් අද මාධ්‍යවේදීන් අපට ගහනවා. ඇතැම් මාධ්‍ය රාජපක්ෂ පාලනය සමයේ ඝාතනයට පහරදීම්වලට ලක්වූ මාධ්‍යවේදීන් ගැන කතා කරනවා වෙනුවට තවමත් රාජපක්ෂ රෙජිමයට ගුණ වයමින් සිටිනවා”.

දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවැති රැලිය ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග යන මහත්වරුද කතා කළහ.

ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති එඞ්වඞ් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි ද සොයිසා  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

 



අදහස් (0)

“තම නීති රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි මට බලකරන්න කිසිදු රටකට හැකියාවක් නෑ“

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 766 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 944 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1196 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 380 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 99 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1126 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site