IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


තමන්ගේ ආසනයත් පරාද වූ පළමු ජනපති අපේක්ෂකයා සජිත් බව මහින්ද කියයි

(අනීෂා මානගේ)
 
තම ප්‍රාදේශීය සභාව, ආසනය සහ දිස්ත්‍රික්කය පරාද වූ පළමු ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක යැයි කියාගන්නා පුද්ගලයා බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද(20) තංගල්ලේදී පැවසීය.
 
මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතශීලි සේවක සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් බැංකු සේවක සංගමයේ නිලධාරීන් සමඟ පැවැති හමුවකදීය.
 
මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
 
“ජාතික ආරක්ෂාව මුල්කරගත් වැඩපිළිවෙළකට අපිට යන්න සිදුවෙනවා. එයට තෝරාගත් හොඳම අපේක්ෂකයා තමයි ගෝඨාභය රාජපක්ෂ. අනිත් අපේක්ෂකයා ගැන කතා කරන්නවත් වැඩක් නැහැ. එයා කතා කරන්න පටන් ගත්තාට පස්සේ ඒ කවුදැයි රට අඳුරගත්තා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අය ඔහුව හඳුනගෙන හිටියා. ඒ නිසායි ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාව ඔහුව පැරැද්දුවේ. ඔහුගේ ආසනය - තිස්සමහාරාම ආසනය චමල් රාජපක්ෂ මහත්තයා පැරැද්දුවා.
 
තමන්ගේ ප්‍රාදේශීය සභාව, ආසනය සහ දිස්ත්‍රික්කය පරාද වුණු පළමු ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක යැයි කියාගන්නා පුද්ගලයායි. දැනටම රනිල් වික්‍රමසිංහට මොනවා වෙලාද කියලා දන්නේ නැහැ. එතුමාට දැනටත් සජිත්ගේ ගෝලයෝ හූ කියා තිබෙනවා. මේ තත්ත්වය දිගටම ගියොත් වැඩි කලක් යන්න වෙන එකක් නැහැ. දර්ශනයක් නැති, ඉදිරි දැක්මක් නැති, රටක් ගැන හිතන්නේ නැති අයෙක්.

 සජිත්ගේ තාත්තා දර්ශනයක් ඇතුව වැඩ කළා. ගම්උදාව තුළ දැක්මක් තිබුණා.
 
හම්බන්තොට සැලසුම්සහගත නගරයක් බවට පත් කරන්නයි අපේ බලාපොරොත්තුව තිබුණේ. වරාය තිබෙනවා.  ගුවන්තොටුපොළ තිබෙනවා. කර්මාන්ත තිබෙන තැන දැන් ගෙවල් හදනවා. අලි මංකඩෙත් ගෙවල් හදනවා. මත්තල ගුවන්තොටුපොළෙන් බහිනකොට දකින්න තිබෙන්නේ මුඩුක්කු වගේ ගෙවල්. ලස්සනක් ගැන හිතන්නේ නැති මනුස්සයෙක්. දකුණු පළාතේ අය මට වඩා හොඳට එතුමා ගැන දන්නවා. එතුමා කතා කරන්න පටන් ගත්තට පස්සේ එතුමා කවුදැයි මිනිස්සු හඳුනාගනිමින් තිබෙනවා ” යැයිද ඒ මහතා පැවසීය.



අදහස් (1)

තමන්ගේ ආසනයත් පරාද වූ පළමු ජනපති අපේක්ෂකයා සජිත් බව මහින්ද කියයි

Rata Perata Sunday, 20 October 2019 07:49 AM

බොහොම ස්තූතියි. රට වෙනුවෙන් ඉතාම වැදගත් කරුණක් හෙළි කළේ.......

:       106       213

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17747 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site