IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


තුනෙන් දෙකක් ගන්නවා යැයි කී අය දැන් 125ක් ගැන කියනවා

(*** මුදිතා දයානන්ද)

මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක් ගන්නවා කියලා පාරම්බාපු ආණ්ඩුව දැන්  මන්ත්‍රී ධුර එකසිය විසිපහක් ගන්න කතා කරනවා. ඔවුන්ට ඔවුන් ගැනම තිබුණ ෂුවර් එක නැති වෙලා. මැතිවරණයෙන් ලැබෙන්නේ ඊටත් අන්ත ප්‍රතිඵලයක් බව ඔවුන් දැනටමත් දන්නවා යැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්‍ෂක කණ්ඩායම් නායක කේ. ඩී. ලාල්කාන්ත මහතා ඊයේ (7) පැවසීය.

ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති ජාතික ජනබලවේගයේ වෘත්තීය සමිති නායකයින්ගේ මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේද පැවසීය.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අන්තිමටම වැඩිකළේ 2016 ජනවාරිවල. අපි ඊට කලින් සිට රුපියල් දහදාහක වැටුප් වැඩිවීමක් ඉල්ලා අරගල කළා. අපි ඉල්ලුවේ ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් හා දීමනා සියල්ල මූලික වැටුපට එකතු කරන ලෙසයි. ඒ බලපෑම නිසා  රාජපක්‍ෂ ආණ්ඩුව 2015 ජනාධිපතිවරණයට කලින්ම රුපියල් තුන්දාහක් වැඩි කළා. 2015 බලයට පත්වූ ආණ්ඩුව රුපියල් දහදාහ කොටස් වශයෙන් අදියර කීපයකින් වැටුපට එකතු කළා. මේවා අපේ අරගලයේ ප්‍රතිඵල.

වර්තමාන භාරකාර ආණ්ඩුව අත්‍යවශ්‍ය බඩු 26 කට දැන් බදු ගහලා. ඒ නිසා ජීවන වියදම වැඩිවෙලා. ඒක තදින්ම බලපාන්නේ මේ රටේ ස්ථාවර වැටුපක් ගන්න වැඩ කරන ජනතාවට. ජීවන වියදම වැඩිවීමට සරිලන ලෙස කිසි දිනක ඔවුන්ට වැටුප් වැඩිවීමක් සිදුවී නැහැ.

2018දී වැඩ කරන ජනතාව කළ වැටුප් සටන්වල ප්‍රතිඵලයක් ලෙස රනුක්ගේ කමිටුව පත්කළා. ඒ කමිටුව 2020 ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කළා. කැබිනට් එකත්, භාණ්ඩාගාරයත් එය අනුමත කළා. මේ ආණ්ඩුව බලයට ආපු ගමන් එය අත්හිටෙව්වා. මේ ආණ්ඩුව කොරෝනා පිට දාලා හෙද විදුහල් ශිෂ්‍යයන්ට එතෙක් ලබාදුන් දීමනාව අත්හිටෙව්වා. 2020 සිට විශ්‍රාමිකයන්ට ලැබිය යුතු විශ්‍රාම වැටුප් වැඩිවීමත් මේ ආණ්ඩුව අත්හිටුවලා.

කලින් කිව්වා පෙබරවාරි විදුලි බිලට සමාන බිලක් මාර්තුවලට ගෙවන්න කියලා. ඒත් දැන් ඇවිත් තියෙන්නේ පාරිභෝගිකයාට දරාගන්න බැරි තරමේ විදුලි බිලක්. මේ විදිහට මේ ආණ්ඩුව හැම තැනම නිර්මාණය කරලා තියෙන්නේ අවුල්ම තමයි. බලය ගන්න කලින් කිව්වේ ගෝඨාභයගේ වැඩ නීට්, වැඩේ හරියට කරයි, රට ටොප් එකට නග්ගල ගනියි කියලා. දැන් පේනව නේද ‘ටොප්’ වැඩවල තරම.
මේ සියල්ල නිවැරදි කරගන්න, තමන්ගේ අයිතීන් දිනා ගන්න වැඩ කරන ජනතාවට වීදි බැහැලා අරගල කරන්න තරම් සෞඛ්‍යාරක්‍ෂිත තත්වයක් තවම රටේ නැහැ. ඒ නිසා අපි මේ රටේ වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ සටන ඡන්දයෙන් කරන ලෙස. ජාතික ජනබලවේගයේ අපේක්‍ෂකයෝ හැකි තරම් පාර්ලිමේන්තුවට යවා වැඩ කරන ජනතා සටන තව තවත් ශක්තිමත් කරන්න.


ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්, ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්‍ෂක මහින්ද ජයසිංහ මහතා
මේ ආණ්ඩුව බලය ගන්න ඉස්සෙල්ලා කිව්වේ සෞභාග්‍යයේ දැක්ම හරහා විශ්‍රාමිකයන්ට සම්භාවනීය පැවැත්මක් තහවුරු කරනවා කියලා. එහෙම කියපු අය බලය අරන් කොරෝනා එන්නත් කලින් විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් වැඩිවීම නතර කළා. දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවල පොලිය සියයට පහළොවේ සිට සියයට අට දක්වා පහළ දමලා. බන්දුල ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡාවකදී ඒක පිළිගත්තා. ඒක ප්‍රතිපත්තිමය තීන්දුවක් කියලා කිව්වා. එදාම මහින්ද රාජපක්‍ෂ අගමැති කියනවා එහෙම පොලී පහළ දැමීමක් කරලා නැහැ, ඒක මාධ්‍ය විසින් පතුරුවන පට්ටපල් බොරුවක් කියලා. කවුරු කොහොම කිව්වත් ඇත්තටම පොලිය කපලා.

 වතු කම්කරුවන්ට මාර්තු පළමුවැනිදා සිට රුපියල් දහසක දෛනික වැටුපක් දෙනවා කියලා මේ ආණ්ඩුව කිව්වා. ඒකත් තවත් පොරොන්දුවක් විතරයි. රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු මේ සියලු ක්ෂේත්‍රවල වැඩ කරන ජනයා දැන් ඉන්නේ විශාල අර්බුදයක.
රාජ්‍ය සේවක වැටුප් කොරෝනා පිට දාලා බලෙන් කැපුවා. නැගෙනහිර, සබරගමු ගුරුවරුන්ගේ වැටුප් බලෙන් කැපුවා. අපේ මැදිහත්වීම නිසා ඉතිරි ප්‍රදේශවල ඒක නවත්ත ගත්තා. තැපැල් සේවකයින්ගේ දිනක වැටුප බලෙන් කැපුවා. එවැනි ආණ්ඩුවකට තවත් ඡන්දය දිය යුතුද කියලා අපි වැඩකරන ජනතාවගෙන් අහනවා. ඔබේ සටන පාර්ලිමේන්තුවේ කිසිදු පාවා නොදීමකින් කිරීමට නම් ජාතික ජනබලවේගයේ නියෝජිතයෝ හැකිතාක් පාර්ලිමේන්තුවට යවන ලෙස වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙහිදී ලංකා කම්කරු සම්මේලනයේ නියෝජිත මහින්ද  රත්නායක මහතා හා ඩා බිඳු සාමූහිකය සංවිධානයේ නියෝජිත, ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂිකා චමිලා තුෂාරි මහත්මියද අදහස් දැක්වූහ.

 



අදහස් (4)

තුනෙන් දෙකක් ගන්නවා යැයි කී අය දැන් 125ක් ගැන කියනවා

mp Wednesday, 08 July 2020 11:11 AM

ජේවීපී එක හැමදාම කළේ අනුන්ගේ අඩුපාඩු කථාකළ එක විතරයි. තමන්ගේ නොහැකියාව ගැන හිතන්නෙත් නැහැ. කථා කරන්නෙත් නැහැ. දශක ගණනාවක් කළේ ඔය වැඩේ විතරමයි. මිනිසුන්ට කාලෙන් කාලෙට මිනිසුන්ට කරදර කළා. මතක නැද්ද හැඳුනුම් පත් බලහත්කාරෙන් ගත්තා. ලයිට් නිවන්න කිව්වා. පොදු වාහන නැවැත්තුවා. කඩවල්වල බඩු විකුණන්න දුන්නේ නැහැ. ඒවා තමයි මේ අය කළ සමාජ සේවය. ලැජ්ජ නැද්ද?

:       0       116

rama Wednesday, 08 July 2020 11:48 AM

ඔයාලගේ ආණ්ඩුව කළේ 88/ 89 රට හොඳට පාලනය කළා නේද? අපට මතකයි තවම ජනතාවට සැලකූ හැටි...

:       0       136

Raveendra Wednesday, 08 July 2020 12:40 PM

මේ අරතු උන්නැහේ... එක එකාගේ 2/3 හෝ 0/3 හෝ 125 ගැන හෝ කතාකිරීමෙන් ඔයාලට තියෙන වැඩේ මොකක්ද? එක එකා කියන දේවල් විවේචනය කර කර ඉන්නේ නැතිව තමන්ගේ 300% අඩු වැඩි කරන්නේ කොහොමද? තමන් උපන් රටට දැන්වත් තම යුතුකම් කරන්නේ කොහොමද කියලා හිතලා කතා කරන්න.. හැමදාම එක එකාගේ වසුරු හෝද හෝදා ඉන්නේ තාමත් ලැජ්ජාව කියන දෙය දැනිලාවත් නැද්ද?

:       0       247

Bamunuarachchi Thursday, 09 July 2020 12:06 AM

හලෝ මොකක්දමේ විගඩම් කතාව? අනික් අයගේ තුනෙන් දෙක කතා නොකර තමන්ගේ ප්‍රතිපත්ති ගැන කියන්නකෝ... රටේ ඉන්න මහජනතාව, සුළුජනතාව සමග සමකරන්න ඔබලාට රටේ මහා ජනතාව කැමැති නැහැ. කවුද කැමැති අවුරුදු 2600 මහා කළු සිංහලයා හැටියට සිටිය අපි ශ්‍රී ලාංකිකයින් වෙලා ජාතිය දියාරු කර ගන්න...

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site