බිඟුන් මේනක ගමගේ
ජනාධිපතිවරයා ආරක්ෂක ඇමැතිවරයා හැටියට රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදාවේ බල ඇණි 33 ක් වසා දමා ඇති බවට ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකු හැටියට යැයි ද එම කැබිනට්ටුවේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයාට එවැනි අවස්ථාවක මුනිවත රැකිය නොහැකි යැයි ද ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අවධාරණය කර කීය.
නඩු පැවරීමකින් තොරව හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාර ගතකිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා දැඩි ලෙස අවවාද කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම අනුමත කළ නොහැකි යැයි කී හෙතෙම එමගින් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ යටගැසීමට ඇති වුවමනාව මිස අනෙකක් නොවේ යැයි ද කීවේය.
නඩුවක් පැවරීමට පෙර සාක්කි තොරතුරු එක්රැස් කරගැනීම මෙන්ම සාක්කිකරුවන්ට බලපෑම් කිරීම වැළැක්වීම අත්‍යවශ්‍ය යැයි ද ජනාධිපතිවරයා එය හොඳින්ම දන්නේ යැයි ද දිසානායක මහතා කීවේය.
දේශපාලන වුවමනා වෙනුවෙන් ඝාතන කුමන්ත්‍රණ සිදුකිරීම මෙන්ම ඒවායේ පරීක්ෂණ යටගැසීමේ සුප්‍රකට ඉතිහාසයක් ලංකාවේ ඇතැයි ද නීතියට අනුව කටයුතු කරන්නේ නම් කිසිවකු දරණ තනතුර නිලය හෝ ඔවුන් ඉතිහාසයේ කළ සාධනීය මැදිහත්වීම් හෝ කිසිවක් සැළකිල්ලට භාජනය කළ යුතු නැතැයි ද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ජනපති ජාතික ආරක්ෂාව ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතුයි’
kumar (Gulf) Sunday, 16 September 2018 12:06 PM
71 හා 80වේ අග භාගයේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නීතිය ක්‍රියාත්මක කරපු අය දැන් නීතිය ගැන ජයට කතාකරනවා.
RaveendraFriday, 21 September 2018 06:35 AM
ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදියි. මේ "රතු ඇම්ඩන්ලා " දැන් බබාලා වගේ... කතාව. හැමවිටම බොරදියේ " මීමින්නෝ " අල්ලන්න මේ ගොයියෝ උපන් හපන්නු....