IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්

(අශන්ති වරුණසුරිය) 

වහාම පාර්ලිමේන්තුව විසිරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේසන් මහතා පැවසුවේය. එමෙන්ම ජනපති රනිල් වික්‍රමසිංහ සමඟ තමන් බෙහෙවින්ම හිතවත් වුවත් මේ අවස්ථාවදී තමන්ට කබින්නටුවේ වාඩි වීමේ හැකියාවක් නොමැති බවද මන්ත්‍රීවරයා කිවේය. 

වර්තමාන දේශපාලන දිශානතිත සම්බන්දයෙන් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේශන් මහතා සමඟ සිදුකළ සංවාද සටහනකි මේ . 

ඔබලා ආණ්ඩුව විවේචනය කරමින්ම ඉන්නවා. තිබ්බ පෝලිම් නැති වෙලා. මේ දේවල් ගැනවත් සුභවාදී විදියට දකින්නේ නැත්ද ?
ගෑස් පෝලිම්, තෙල් පෝලිම් නැති බව ඇත්ත. අපි ඒගැන සතුටු වෙනවා. නමුත් භාණ්ඩ හිඟය තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට මිලදී ගන්න බඩු නැහැ. ඒ වගේම භාණ්ඩ වල මිල වැඩියි.

ඒ කියන්නේ ප්‍රශ්න වලට මිනිස්සු හුරු වෙලා ?
බැරි කමට, කරගන්න දෙයක් නැති කමට මිනිස්සු ඔහේ ඉන්නවා 

SJBයත් සමඟ ඔබලා එකතු වී වැඩ කරනවා නේ ?
ඔව් සමඟි ජන සංධානයේ අපි ප්‍රධාන කොටස් කාරයෝ 

ඔවුන් සමඟ එසේ වැඩ කිරීමේදී ප්‍රතිපත්තිමය ගැටුම් තියෙනවා නේද ?
ඔව්, ගැටුම් තියෙනවා තමයි. සමගි ජනබලවේගයේ සාමාජිකත්වය ගන්නේ නැතුව අපේ පක්ෂයේ නායකයා විදියට මම ඉන්නේ, අපිට වෙනස්කම් තියෙන නිසා. නමුත් අවම වශයෙන් එකතු වී සිටීමේ හැකියාව තියෙනවා.

TPAහි දෙවන පෙළක් සහ පක්‍ෂයේ වර්ධනයක් දැනෙන ලෙස වැඩි වීමක් නොපෙන්නේ ඇයි ?
අපි දැන් සුළු පක්‍ෂයක් නෙමෙයි. පළාත් පාලන ආයතන වල 128ක පමණ ප්‍රමාණයක් ඉන්නවා. පළාත් සභා මැතිවරණ වගේම මහ මැතිවරණ පැවත්තුවම අපේ පිරිස 9,10ක් දක්වා වැඩි වේවි. බලන් ඉන්න..
 
ඒ කියන්නේ ලංකාවම ආවරණය කරමින් TPAය දමිළ, සිංහල, මුස්ලිම් සියලුම ජනතාවගේ ප්‍රශ්න වලට ;විසඳුම් ලබා දෙන්න සුදානම් ?
අනිවාර්යෙන්ම. මොකද මට ජන්දේ දුන්නේ දමිළ ජනතාව පමණක් නෙමෙයි. ඒවගේම මම ජන්ද දුන්න, නොදුන්න සේරටම  මන්ත්‍රී. 

දමිළ ජනතාව ගැන කතා කරනකොට වතුකරයේ දමිළ ජනයාගේ දෛනික වැටුප් ප්‍රශ්නය අමතක කළ නොහැකියි. මේක නොවිසඳුන ප්‍රශ්නයක් ?
අපි ලෝක සංවිධාන වලට වගේම ආණ්ඩුවටත් කියනවා, උදව් කරන්න කියලා. අද රු.1000කින් කරන්න පුළුවන් දෙයක් නැහැ.  එය රු.4000ක් වත් විය යුතුයි. ඊටත් එහා ගිය සැලැස්මක් අපිට තියෙනවා. මේ පිරිස් කුඩා වතු හිමියන් සමඟ බද්දකට අනුව වතු ශේෂ්ත්‍රයේ කොටස් කරුවන් බවට පත් කිරීම වඩා යහපත් කියලා අපි හිතනවා. ඊට අදාල ප්‍රතිසංස්කර සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

කොළඹ බොහෝ පිරිස් දෛනික වැටුප් ලබන පිරිස්. වැඩි වූ මන්දපෝෂණය තුරන් කිරීමේ වැඩ පිළිවෙල කුමක් ද ?
අනිවාර්යෙන්ම. ඔබ කියන දේ හරි. කොළඹ ගැන ලොකුවට දැක්කට කොළඹ ජනතාව දුප්පත්කම එක්ක අසරණ වෙලා. අපි ඔවුන් වෙනුවෙන් හඬ නගනවා. 

 සුභ සාධන දීමනා නිසි ලෙස හරි කෙනාට ලබා දීම වෙනුවෙන් නිසි වැඩ පිළිවෙලක් තිබෙනවා ද ?
මම වගකීමෙන් කියනවා, සමෘද්ධි ලේඛනය ලොකු ප්‍රෝඩාවක්. සමෘද්ධි ලේකනය පදනම් කරගෙන තමයි සුභ සාධන දීමනා ලබා දෙන්නේ. ඊට සුදුසුකම් තියෙන පිරිස් මේ ලේකනයේ නැහැ. දේශපාලනික වුවමනාවන්ට නම් දාලා. මේ නිසා දැනට තිබෙන ලේඛනය අහෝසි කර අලුත් ලැයිස්තුවක් සැකසිය යුතුයි. 

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය සහ පෞරුෂය විවේචනයට ලක් වෙනවා. ඔබේ අදහස කුමක් ද ?
ඔහු තරුණ නායකයෙක්. ඔහුට හොඳ ඇහුන්කම් දීමක් තියෙනවා. වැරද්දක් පෙන්නුවාම ඒක හදා ගන්නවා. පැය 24ම වැඩ කරනවා. ඔහුට දැක්මක් සහ අවංක බව තියෙනවා. 

මෙතරම් දැක්මක් තියෙනවා ඇයි අගමැති ධූරය ගැනීම පස්ස ගැහුවේ?
ඔහු නෙමෙයි පස්ස ගැහුවේ සමගි ජනබල සංධානය. ඔහු අපිත් එක්ක සාකච්චා කරලා සාමූහිකව ගත් තීරණයක්. 

TPA දිගටම සමගි ජන සංධානය සමඟ සිටිනවා ද ? නැත්නම් ඉදිරි මැතිවරණ වලට තනිව තරඟ කරනවා ද ?
අපිට ප්‍රශ්නයක් නැහැ. සමඟි ජන සංධානය සමඟ එකතුව කටයුතු කරනවා 

ඔබේ ආසනයේ පසුගිය දා දියත්වූ ගෝල්ෆේස් අරගලයට සහයෝගය ලබා දුන්න ද ?
ඔව්. මුලින්ම ඔවුන් ප්‍රබල දේශපාලන පක්ෂ නායකයන්ට එන්න එපා කිවුවා. මාගේ පාක්ෂිකයෝ මගෙන් ඇහුවා යන්න ද කියලා. මම යන්න කිවුවා. කෙසේහෝ දැන් අවසන්. දෙවන අදියර සම්බන්දයෙන් ඔවුන් අනෙක් පක්‍ෂ සමඟ වගේම අපිත් එක්කත් කතා කළා. ඉතිං මම කියන්නේ මේ නංගිලා මල්ලිලාට, ඔබලාගේ දේශපාලන දිශාව දේශපාලන පක්‍ෂයකට පරිවර්තනය කරගෙන මැතිවරණයකට මුහුණ දීලා පාර්ලිමේන්තුවට එන්න.

ඔබට ආණ්ඩුවට එකතු වෙන්න ආරාධනාවක් ලැබුණේ නැත්ද ?
ලැබුණා. ජනපති එක්සත් ජාතික පෙරමුණේ නායකයා. ඔහු සමඟ මට කිට්ටු සම්බන්දතාවයක් තියෙනවා. නමුත් ඔහුගේ කැබින්නටුවේ වාඩි වීමේ නොහැකියාවක් මට තියෙනවා. මම ඒ ගැන ජනපතිට පැවසුවා. නමුත් ඔහුට සහයෝගය ලබා දෙනවා. අපේ ප්‍රධාන ඉල්ලීම මේ පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යන්න. මාර්තු මාසයෙන් පසු ඔහුට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකියි. සමඟි ජන සංධානය හැටියට ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව මගේ විශ්වාසයයි. එතකොට රනිල් වික්‍රමසිංහ ජනපති, සජිත් ප්‍රේමදාස අගමැති. ඉතිං ඒකෙන් රටම බලාපොරොත්තු වන ජාතික ආණ්ඩුව ඇති වෙනවා



අදහස් (2)

ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්

chandima Friday, 23 December 2022 02:51 AM

ඇති, ඇති අන්න එහෙම ශේප් එකේ තරහ වෙලා වගේ ඉඳගෙන පනත්වලට ඡන්දෙ දෙන්න. වැඩිය ඇඟ ඇලුම්කන් පෙන්නන්න ගියොත් මිනිස්සුන්ට අහුවෙනවා..

:       0       0

podiekaa Monday, 02 January 2023 12:52 PM

වැඩිය කෑ ගැහුවොත් ඔහේව අල්ලලා ලුණුදෙහි දානවා...! නැතිනම් ගොරකා වලට වේලනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 179 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 246 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1123 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site