IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘ ජනපතිවරණය දිනන්න අපේක්ෂකයා පක්ෂ නායකයා විය යුතු ම නැහැ’

(මුදිතා දයානන්ද)
 
‘ජනපතිවරණයක් දිනන්න නම් අපේක්ෂකයා පක්ෂ නායකයා විය යුතුම නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය 94දීත්, ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනපතිවරණයේදීත්  දිනුවේ පක්ෂ නායකත්වයේ ඉඳලා නොවේ’ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මහතා අද (15) පැවසීය.
 
ඔහු මේ බව පැවසූයේ එංගලන්තයේ ලේබර් පක්ෂයේ නායකයා ඡන්දය පැරදුණු විට නායකත්වයෙන් ඉවත්  වුණා සේ එජාපයේ නායකයා ඒ ආදර්ශය නොදෙන්නේ ඇයිදැයි පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන කාර්යාලය සිරිකොත මන්දිරයේදි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
 
එහිදී හෙතෙම මෙසේද පැවසීය.
 
“අපි හැමවිටම අපිට  ඕන ආදර්ශය ගැන අහනවා. ඒත් අපේ රටේම ආදර්ශ තිබෙනවා පක්ෂ නායකත්වය නැතිව මැතිවරණ දිනලා පෙන්වපු අයගේ. ඒවා ගැන අපි කතා කරන්නේ නැහැ.
 
චන්ද්‍රිකා මහත්මිය 1994දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට ඇය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව නෙවෙයි. ඒත් ඡන්දේ දිනුවා. ගෝඨාභය රාජපක්ෂ මහතා මහතා මෙවර ජනාධිපතිවරණයට එනකොට ඡන්දෙට එනකොට කිසිම පක්ෂයක නායකයෙක් නෙවෙයි. නමුත් ඔහුද ඡන්දේ දිනුවා. ඒ නිසා ඡන්දයක් දිනන්න පක්ෂ නායකත්වය තමන් සතුව තියෙන්න  ඕනම කියලා දෙයක් නැහැ” යැයිද හෙතෙම කීය.

 



අදහස් (1)

‘ ජනපතිවරණය දිනන්න අපේක්ෂකයා පක්ෂ නායකයා විය යුතු ම නැහැ’

vidya Monday, 16 December 2019 02:47 AM

දැන් ඔය පරණ කිල්ලෝටවල තියන හුණු හොයන්නේනනැතිව පොඩ්ඩක් පස්සට වෙලා තරුණ අයට වැඩේ බාර දෙන්න. පැරදුනේ වැඩේ අනාගෙන හින්දනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site