IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


‘ජනපතිවරණයට පක්ෂ සියල්ලම ආවොත් මැතිවරණයෙන් තීන්දුවක් ගන්න බැරිවෙනවා‘

(දයාරත්න ඇඹෝගම)

ඉදිරි ජනාධිපතිවරණයට ප්‍රධාන පක්ෂ  සියල්ලම අපේක්ෂකයන් ඉදිරිපත් කළහොත් එකඳු පක්ෂයකටවත් ප්‍රකාශිත ජන්දයන්ගෙන් 50% ජන්දයක් ලබා ගත නොහැකි විමෙන් එම  මැතිවරණය තීන්දුවක් ගත නොහැකි මැතිවරණයක් බවට පත් වෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.


අමාත්‍යවරයා මේ බව  පැවසුයේ  ‍අනුරාධපුර බටහිර ආසන බළ මණ්ඩල රැස්විම අමතමිනි.


මෙම ජනහමුව අනුරාධපුර බටහිර ආසන සංවිධායක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඩබ්.බී ඒකනායක මහතාගේ නිවසේදී අද (22)දින පැවැත්විණි.
මෙහිදි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙසේද පැවසිය.


‘ඊළඟ ජනාධිපතිවරණයට අපි ප්‍රධාන පක්ෂ 03 න් අපේක්ෂකයෝ තිදෙනෙක් ඉදිරිපත් කළොත් මොකද වෙන්නේ, ශ්‍රී ලංකා එකෙන් එක්කෙනයි, පොහොට්ටුවෙන් එක්කෙනයි, එ.ජා.පයෙන් එක්කෙනයි , තව පැරදුනත් ජනාධිපතිවරණයට ජ.වි.පෙත් ඉල්ලනවා නේ.


මේ පක්ෂ වලින් පුද්ගලයෙක් මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙන්න නම් පාවිච්චි කරන ජන්ද වලින් 50% කුත් තවත් එක් ජන්දයක් ලබා ගත යුතු වෙනවා.ඒක තමයි නීතිය, එහෙම නැත්නම් දෙවැනි මනාපය ගණින්න ඕන.හැබැයි අපි ජනාධිපතිවරණයක කවදාවත් දෙවැනි මනාපයක් ගහන්නේ නෑ,අපි ශ්‍රී ලංකා නම් අපි අපේ අපේක්ෂකයාට කතිරය ගහනවා මිසක්, එයාටත් කතිරය ගහලා, දෙවැනි මනාපයක් අපි ලකුණු කරන්නේ නෑ.අපි බෙදිලා වෙන්වෙලා ගියොත් ඒ මැතිවරණය තීන්දුවක් ගන්න බැරි මැතිවරණයක් බවටත් පත් වෙනවා.

 



අදහස් (4)

‘ජනපතිවරණයට පක්ෂ සියල්ලම ආවොත් මැතිවරණයෙන් තීන්දුවක් ගන්න බැරිවෙනවා‘

de silva Wednesday, 22 August 2018 08:42 AM

ඔබතුමා කලබල වෙන්න එපා ජනතාව ගන්න තීන්දුවක් ගනීවි....... පවුල් පිටින් රට සූරාකන රජ පවුල්වලටවත්, කෙලින් තීරණයක් ගන්න බැරි පතෝල මැසි වැනි නායකයෙකුටවත් , අපි මෙදාපාර මනාපේ ගහන්නේ නැත .

:       78       19

Raveendra Wednesday, 22 August 2018 09:11 AM

මාර සොයාගැනීමක්නේ මේ කරලා තියෙන්නේ. අම්මපා.... නොබෙල් ත්‍යාගය දෙන්න වටිනා සොයාගැනීමක්.

:       0       162

Saththaya Thursday, 23 August 2018 05:44 AM

කිසි සැකයක් නැහැ අපි හැමෝම මනාපය් රටේ දියුණුව වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් පක්ෂ පාට බලා කටයුතු කරපු අයට. ඒ නිසා රට දියුණු වුනා .

:       0       444

Nandalal DE SILVA - France Thursday, 23 August 2018 08:40 AM

මෙයාට දේශපාලන විද්‍යාව ගැන තිබෙන දැනුම ඉතාම අල්ප බව පේනවා. පක්ෂයකින් ආවත්, ස්වාධීනව ආවත් හැම අපේක්ෂකයෙක්ම ගන්නා ඡන්ද සංඛ්‍යාව අනුව වැඩිම මනාප ඡන්ද ගන්නා පළමු සහ දෙවැනි අපේක්ෂකයන් දෙවැනි වටයට සුදුසුකම් ලබනවා නේද? දෙවැනි වටයේදී මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 50% සහ එක ඡන්දයක් ලබාගන්නා වාසනාවන්තයාට රටේ "රජකම" පස් වසරකට ලැබෙනවා නේද? මොකද්ද ඉතින් මේකේ තියෙන හුටපටය ?

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1333 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 475 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site