IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘ජනපතිගේ බලාපොරොත්තුව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වෙනස් කර ආර්ථිකය ගොඩනැගීමයි’

(එෆ්.අස්ලම්)

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආර්ථික වැඩපිළිවෙළ ශක්තිමත් කරගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින සමහර ප්‍රතිපාදන වෙනස් කළ යුතුව ඇති බවත් ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව ද එය බවත් අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ජනාධිපතිවරයාට ලබාදිය යුතු බවද අමාත්‍යවරයා සදහන් කළහ.

මහියංගණය රිදීමාලියද්ද ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අධිකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ කීවේය.

‘රටේ ආර්ථික වැඩපිළිවෙළ ශක්තිමත් කරන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන සමහර ප්‍රතිපාදන වෙනස් කරන්නට අවශ්‍යයි.

එහෙම නම් අපිට අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය එකතු කරගන්න වෙනවා. අපේ පාක්ෂිකයින් එකතු කරගන්න වෙනවා. එහෙම වුණොත් පමණයි අපිට ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව ඉටුකර දෙන්න පුළුවන්.

අද එක්සත් ජාතික පක්ෂය සීසී කඩ වෙලා තියෙනවා. පරාජයත් සමඟම එක්සත් ජාතික පක්ෂය ගොඩනඟා ගන්නවා වෙනුවට ඔවුන් කරන්නේ එකිනෙකා කුළල් කා ගැනීම එක්සත් ජාතික පක්ෂයේ තියෙන මේ අර්බුදය නිසා එක්සත් ජාතික පක්ෂය වැරදි මඟක ගියා. එක්සත් ජාතික පක්ෂය ගත් වැරදි දේශපාලන තීන්දු තීරණ පරාජයට පත්වෙලා අසරණභාවයට පත්ව සිටිනවා. එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් අපි ඉතාමත් ආදරයෙන් අප වැළදගන්නා බව ප්‍රකාශ කරනවා’ යැයි අමාත්‍යවරයා කියා සිටියේය.



අදහස් (3)

‘ජනපතිගේ බලාපොරොත්තුව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වෙනස් කර ආර්ථිකය ගොඩනැගීමයි’

Chathuri Tuesday, 21 January 2020 01:31 AM

ජනාධිපතිගේ ගමන යන්න උදුව් කරන්න, එක්සත් ජාතික පක්ෂය සීසීකඩ ගිහින් තියෙන්නේ කොහාටද. පොහොට්ටුවයි අතටයි වුනදේ මතකද.

:       0       1

lalithm Tuesday, 21 January 2020 02:52 AM

කොයි ආණ්ඩුව ආවත් මෙයා මොකක් හරි හේත්තුවක් දමාගෙන පස් අවුරුදු බොරුවක් කරලා ජීවිතේ ගැට ගහගන්නවා. රටට මොකුත් නොකර මෙහෙම ඉන්න අයවලුන් ඇමතිවරු වෙන්නේ අපේ කරුමෙටද?

:       0       18

kapila Thursday, 23 January 2020 08:09 AM

2/3 ට වඩා වැඩි බලයක් කිසිවෙකුට නොදිය යුතුයි. අපි ඉතිහාසේ පාඩම් ඉගෙනගෙන තියෙනවා එහි ආදීනව ගැන...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17657 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site