IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘ජනතාව සිතිය යුත්තේ දිනන්නේ කවුද කියා නොව දිනවිය යුත්තේ කවුද කියායි’

(මොහොමඩ් ආසික්)
 
මෙවර ජනාධිපතිවරණයේදී  ජනතාව කල්පනා කළ යුත්තේ දිනන්නේ කවුද කියා නොව දිනවිය යුත්තේ කවුද  කියා බව ජනතා විමුක්ති පෙරමුණේ  දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා අද(08) පැවසීය.
 
මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා එසේ කීය.
 
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ  කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙසේද කීය.
 
“1982 ජනාධිපතිවරණෙයන් පසු ලංකාවේ පැවැත්වෙන සුවිශේෂතම ජනාධිපතිවරණය බවට මෙම මැතිවරණය  පත් වෙලා තියෙනවා. 1982 ජනාධිපතිවරණයේදී  එක්තරා ආකාරයකට අපේක්ෂකයින් තුන්දෙනෙකු පිළිබඳව  සාකච්ඡාවක් තිබුණා.  ජේ.ආර්, රෝහණ විජේවීර සහ කොබ්බෑකඩුව. තවත් අපේක්ෂකයින් නොහිටියා නෙවේ හිටියා.  නමුත් මේ තුන්දෙනා ගැන කතා වුණා. ඉන් පස්සේ තුන් කොන් සටනක් ඉදිරියට ඇවිත් තියෙන  අවස්ථාව මෙයයි.  වෙනදානම් ඡන්දයට දින කිහිපයක් තිබියදී මනින්න පුළුවන් කමක් තිබුණා දිනන්නේ කවුද කියලා. මේ මැතිවරණයේදී මේ වන විටත් ඒක මැන ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. මෙවර මැතිවරණයේ තිබෙන තුන් කොන් සටනේ ප්‍රබලත්වය අනුව විශ්වාසයක් තියෙනවා කිසිම  කෙනෙකුට 50% ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබා ගත නොහැකියි කියලා. මේ වන විට දේශපාලන අදහසක් ගොඩ නැගිල තියෙනවා වැඩියෙන්ම ඡන්ද ලබා ගන්නා අපේක්ෂකයාට 50% ක් ලබා ගන්න බැරි වෙයි කියලා.ඒ පදනම මත දෙවැනි මනාපයට වටිනාකමක් නිර්මාණය වෙමින් එනවා. මේ ඡන්දය ආරම්භයේදී එවැනි තත්වයක් මතු වුණේ නෑ. නමුත් ප්‍රබල තුන් කොන් සටනක් තිබෙන නිසා අද එවැනි තත්වයකට  යොමු වෙලා තියෙනවා.

අවුරුදු 71 ක් මේ රට පාලනය කරපු අයට මේ රට ගොඩ නගන්න බෑ. ඒ අය නැවත ඇවිත් තමන්ට ඡන්දය දෙන්න කියල ඉල්ලන්න වීම ගැන ලැජ්ජ වෙන්න ඕන. අවුරුදු 71 ක් මාරුවෙන් මාරුවට රට පාලනය කරල ඇවිත් නැවතත් කියනවා නම් රට ගොඩ නගනවා කියලා ඒකෙ විද්‍යානුකූල තර්කයක් නෑ.  අද මේ රට හැම පැත්තෙන්ම කඩා වැටිල කියල මේ රටේ හිතන පතන   ජනතාව දන්නවා. මේ තත්වය තුළ තමයි ජාතික ජන බලවේගය ගොඩ නගන්නේ. සංවිධාන 32 ක සහභාගීත්වයෙන් මේ ජාතික ජන බලවේගය ගොඩ නැගෙන්නේ  මේ 71 වසරක  අසාර්ථක දේශපාලනය වෙනස් කරන්නයි. මේ දෙපැත්තම එපා වුණ ජනතාවක් මේ රටේ ඉන්නවා. නමුත් ජයග්‍රාහී තුන් වන පාර්ශවයක් හඳුනා ගන්න මින් පෙර අවස්ථාවක් ලැබුණේ නෑ. ජනතා විමුක්ති  පෙරමුණ හැටියට අපි  ගිහින් අපි තමයි තුන් වන බලවේගය කියලා කිව්වත් ඡන්දය දීමේදී 6% – 10 %ත් අතර ප්‍රමාණයක් තමයි ලැබුණේ. දෙමළ සහ මුස්ලිම් සමාජ තුළත් නව ප්‍රවණතාවයන් ගොඩ නැගී ගෙන එනවා. එක්සත් ජාතික පක්ෂයේත් පොදු ජන පෙරමුණේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් මුදුන ප්‍රතික්ෂේප කරන තත්වයට ජනතාව පත්  වෙලා ඉන්නවා. නමුත් ඔවුන්ට ඕන වුණා තමන් ඡන්දය පාවිච්චි කරද්දි දිනන්න පුළුවන් ව්‍යාපාරයකට ඡන්දය පාවිච්චි කරන්න. ඒ දිනන්න පුළුවන්  බලවේගය තමයි අපි  මේ ජාතික ජන වේගය ලෙස ගොඩ නගල ජනතාව ඉදිරියට ගෙනල්ලා තියෙන්නේ. ජනතාවට අවස්ථාවක් තියෙනවා අවුරුදු 71 ක ගතානුගතික  යල්පැනගිය දේශපාලනය පසෙකලා  රට ගොඩ නගන්න  සමත් වැඩපිළිවෙළක් සහ නායකත්වයක් සහිත  ජාතික ජන බලවේගයට ඡන්දය  පාවිච්චි කරන්න. එජාපයට පොදු ජන පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දුන්න අය වෙනස් වෙන්නේ නැත්නම් මේ රට වෙනස් කරන්න බෑ. අවුරුදු 71 ක් පැවැති දේශපාලන ක්‍රමය වෙනස් කරන්න පුළුවන්  දේශපාලන  බලවේගයක් ඔබ හමුවට ඇවිත්  තියෙනවා එයට ඡන්දය පාවිච්චි කරන ලෙසයි අපි ඉල්ලන්නේ.
 
එක්සත් ජාතික පක්ෂයෙත් පොදු ජන  පෙරමුණේත් වෙනස් වුණ අය ඉන්නවා. නමුත්  සමහර අය තුළ යම් දෙගිඩියාවක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයෙනුත් පොදු ජන පෙරමුණෙනුත් වෙනස් වුණා අය හිතන්න පුළුවන් තමන් වෙනස් වෙලා ඡන්දය දුන්නොත් තමන්ගේ සතුරෙකු ජය ගන්න පුළුවන් කියලා. මේ සඳහා උත්තරයක් තියෙනවා. ඒක  තමයි  අපි ඔබට කියනවා ඔබට ඡන්ද තුනක් තියෙන නිසා මේ ඡන්ද තුන භාවිතා කිරීම මගින් ඒකට උත්තරයක් හොයා ගන්න පුළුවන්. අංක  එකට ජාතික ජන බලවේගය තෝරා ගෙන දෙක තුන තමන්ට රිසි පරිදි තොරා ගන්න පුළුවන්.  තමන්ගේ හතුරාව පරාද කරන්න ඕන කියල හිතන අනෙක් කෙනාට දෙවැනි  ඡන්දය ගෝඨාභයට දෙන්න. ඒ වගේම එජාපයෙන් ආව කෙනෙක්  ජාතික ජන බලවේගයට  තමන්ගේ ඡන්දය දීම  නිසා ගෝඨාභය දිනයි කියලා හිතනවානම්  ඔවුන්ට තියෙන්නේ දෙවැනි ඡන්දය  සජිත්ට ලබාදීමයි. ඒක පිළිබඳ කිසි ප්‍රශ්නයක් නෑ.
 
සමහර අය හිතනවා අපි දිනන්නේ  නෑනේ දිනන  අයටනේ දෙන්න ඕන කියලා. නමුත් ඇත්ත කතාව  විය යුත්තේ ඒක නෙවෙයි. ජනතාව කල්පනා කළ යුත්තේ දිනන්නේ කවුද කියා නොව දිනවිය යුත්තේ කවුද කියායි. ඡන්දදායකයා අලුත් විදිහයට හිතනවානම් එසේ  සිතා කටයුතු කළ යුතුයි” බවද කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙහිදී  කීය.




අදහස් (1)

‘ජනතාව සිතිය යුත්තේ දිනන්නේ කවුද කියා නොව දිනවිය යුත්තේ කවුද කියායි’

Dr. Vajira Fernando Friday, 08 November 2019 01:01 PM

මේ මාධ්‍ය සාකච්ඡාවට වාඩිවී සිටින උගතුන් දෙස බලන්න. වෙනත් කිසිම අපේක්ෂකයෙකුගේ වේදිකාවක දැකිය නොහැකි තරම් විද්වතුන් පිරිසක් අනුර දිසානායක මහතාගේ වේදිකාවේ දැකිය හැකියි. අද අපේ රටේ බහුතරයක් උගත්, බුද්ධිමත් ජනතාව ජන බලවේගය වටා රොක්වෙමින් සිටිනවා. වෙනසක් අපේක්ෂාවෙන්... ජයවේවා...!!! 

:       0       54

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site