IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ගිය ආණ්ඩුවේදී පූස් පැටව් මෙන් සිටි රජයේ වෛද්‍ය සංගමය දැන් සංවර්ධනයට එරෙහි කුමන්ත්‍රණ කරනවා‘

 (නිමල කොඩිතුවක්කු)

මහින්ද පරාජපක්ෂ ආණ්ඩු සමයේ පූස් පැටවු සේ සිටි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය රටේ ආර්ථික වැඩපිළිවෙළට එරෙහිව දැවැන්ත කුමන්ත‍්‍රණයක නිරත වි සිටින බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා කොළඹදී අද (24) පැවසීය.

ආර්ථික  විශ්ලේෂකයන් ගත යුතු තින්දු තීරණ එම්. බී. බී.  එස් උපාධියක් ලබා ගන්නා වෛද්‍යවරුන්ට ගැනීමේ හැකියාවක් නැති බවත් මහින්ද රාජපක්ෂට කඩේ යාමට  උද්ඝෝෂණය කරන්න එපා යනුවෙන් ඒ අයගෙන් ඉල්ලා සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

     ‘‘අපි මේ රට භාරගන්නවිට ණය ගෙවන්නත් ඩොලර් වලින් ණය ගත්තු  රටක් ලෙස මේ රට පැවතුණා. රටේ සමස්ථ  ආදායම  රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම, රෝහල්වල ඖෂධ ලබාදීම පමනක් නෙමෙයි ණය වාරික පවා ගෙවන්න ප‍්‍රමාණවත් වුනේ නැහැ. ඒ නිසා අපිට විදේශ රටවලින් ණය ගැනීමට සිදුවුණා.

හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල වැනි විශාල ප‍්‍රමාණායේ වයාපෘති මේ රටේ ක‍්‍රියාත්මක වුණා. මුදල් යොදවා එම ව්‍යාපෘති ක‍්‍රියාත්මක කලත්  ඒවායින් රටට වැඩදායි දෙයක් සිදුවුණේ නැහැ.

අපි බාර ගන්නකොට හම්බන්තොට  වරායේ පාඩුව රුපියල් කෝටි 4667යි.  ගුවන් තොටුපල හැදුවත්   සංචාරකයෝ ආවේ නැහැ. සංචාරකයන් රාජ්ය තාන්ත‍්‍රිකයන්  එනවිට ඇමතිවරු ගිහින් පාරේ බුදිය ගත්තා. සංචාරක ව්‍යාපාරය  අතින් මේ රට කලූ පැල්ලමක් බවට පත්ව තිබුණා.

නවනීදන් පිල්ලේ වැනි රාජත්‍රාන්ත්‍රික කාන්තාවක් මේ රටට අවහම ඇමති ගිහින් කසාද බඳින්න අහනවා. විදේශ යුවලක් අපේ රටට සංචාරකයො වශයෙන් අවහම ප‍්‍රදේශීය සභාවේ සභාපතිවරයා ගිහින් පෙම්වතාව මරලා  පෙම්වතියව දුෂණය කරනවා.  එහෙම තිබුණු රටක ගුවන්තොටුපල හදලා මේ රටේ ආර්ථිකය දියුණු කරන්න බැහැ. 

එන්න එන්නම ණය ගෙවන්න තියෙන ප‍්‍රතිශතය වැඩිවෙලා තියෙනවා. 2015 වසර වනවිට ආනයනය ඩොලර් මිලියන 18000යි. අපනයනය ඩොලර් මිලියන 10000යි. ඩොලර් මිලියන 8000ක් අපේ රටේ සල්ලි වෙනත් රටවලට තල්ලූ කරලා දානවා. මේ වගේ රටක් ගොඩනගන්න අපිට විවිධ ක‍්‍රියාමාර්ග ගන්න වෙනවා.

 

(ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 



අදහස් (4)

ගිය ආණ්ඩුවේදී පූස් පැටව් මෙන් සිටි රජයේ වෛද්‍ය සංගමය දැන් සංවර්ධනයට එරෙහි කුමන්ත්‍රණ කරනවා‘

Edirisinghe Piyadasa Wednesday, 25 July 2018 03:48 AM

ගරු ඇමතිතුමාගේ පැහැදිලිකිරීම ඉතාමත් කාලෝචිය. රජය සුදුසු ක්‍රියාමාරග ගහයුතුය.

:       67       106

sanjeewa Wednesday, 25 July 2018 06:53 AM

කොහේ තියෙන සංවර්ධනයක් ගැනද මෙය කතා කරන්නේ? කට්ටියගේ සාක්කු ගැනද?

:       77       81

kalani Wednesday, 25 July 2018 09:07 AM

පූස් පැටව් දැන් ඇස් ඇරලා බලන කාරණය වැරදිද?

:       0       1

Raveendra Friday, 27 July 2018 05:50 PM

පසුගිය කාලේ මේ අම්බරුවන්ගේ වලිගයවත් හොයා ගන්න බැරිතරමට.. අස්සෙම ගහගෙන හිටිය විදිහ අමතක වෙලා දැන් තප්පුලනවා රටට ඇහෙන්න. අනේද කියන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17798 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 752 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site