(මොහොමඩ් ආසික්)
සුළු අපනයන බෝග ගොවීන්ගේ ගැටළු විසඳීම සඳහා තමන් ජනාධිපති වූ විගස සුළු අපනයන බෝග අධිකාරියක් පිහිටුවා ගම්මිරිස් , කරාබු සහ සාදික්කා ඇතුළු සුළු අපනයන බෝග සඳහා සහතික මිලක් ලබා දෙන බව නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කීය.
අද (05) වැනිදා මහනුවර හල්ඔළුව ප්‍රදේශයේ පැවැති රැළියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.
‘‘සාදික්කා කරාබු ගම්මිරිස් වගාවන් තුළින් බොහෝ දෙනෙකු අද ජීවිකාව කරගෙන යනවා. අපේ රටේ හැම බෝගයකටම වෙනම රජයේ දෙපාර්තමේන්තුවක් තිබෙනවා.
16 වැනිදා ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟ මුළු ලංකාවේම සුළු අපනයන බෝග වගාකරුවන් වෙනුවෙන් වෙනමම සුළු අපනයන බෝග වගා අධිකාරියක් ආරම්භ කරලා විශේෂයෙන්ම ගම්මිරිස් කරාබු සාදික්කා වැනි නිෂ්පාදනවලට සහතික මිලක් ලබා දීලා ඒ කර්මාන්තයේ වගාව කරගෙන යන සියලුම දෙනාගේ ජන ජීවිතය ශක්තිමත් කරන්න කටයුතු කරනවා.
ඒ වගේම අපි අපේ කෘෂිකර්මානත්තයට ඉතිහාසයේ පළමු වතාවට දැවැන්තම ජාතික වැඩ සටහන ආරම්භ කරනවා. ඒ තුළින් රටේ ආහාර නිෂ්පාදනය අපි ඉහළට ගන්නවා.
රටේ ආහාර අවශ්‍යතාවය අපේ රටේ නිෂ්පාදනවලින් පමණක් සපයා ගන්නට අපි සැලසුම් හදනවා. පිටරටවල් වලින් අපි භවබෝග ආනයනය කරන්නට අවශ්‍ය නෑ . අපේම රටෙන් අපට පුළුවන් දේශිය ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබා දීමටත් එතැනින් නතර නොවී අපනයනය කිරීමේ වැඩපිළිවෙළටත් යන්න පුළුවන්‘‘ යැයිද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කීය.

2025 ඔක්තෝබර් මස 08
1476
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1320
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගම්මිරිස් - කරාබු - සාදික්කා වලට සහතික මිලක් ලබාදෙනවා