IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියා කළාපය රටට විහිළුවක් වෙලා’

(නිමල කොඩිතුවක්කු)
 
තමන්ට එරෙහි නඩු කඩිනමින් විසඳින ලෙසට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ සිදුකරන ගෝඨාභය රාජපක්ෂ මහතා එම නඩු අහන්න යනවිට එයට එරෙහිව තහනම් නියෝග ගනිමින් සිටින බවත් එතුමන්ගේ මෙම ක‍්‍රියා කළාපය රටට විහිළුවක් වී ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද (12) පැවසීය.
 
රටට හිතැති  නායකයෙක් ගේනවා යනුවෙන් පවසමින්  හිට්ලර් කථාවේ දෙවැනි අදියර රට තුළ ක‍්‍රියාත්මක වෙමින් පවතින බවත් රටට හිට්ලර්ලා හෝ ගොට්ලර්ලා අවශ්‍ය නොමැති බවට රටේ මහජනතාව අවබෝධයෙන් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
 
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
 
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය නවීන් දිසානායක  මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
 
‘‘ දිගින් දිගටම විපක්ෂය ගෙනයන  ජාතිවාදි ප‍්‍රකාශ දිහා බැලූවම ඔවුන්  ජාතිවාදය වැපිරීමේ උත්සාහයක නිරත වන බවට පැහැදිලියි.  ඔවුන් කරන මේ  දේවල් අපේ රටට අහිතකරයි. ඔවුන්ගේ මේ ක‍්‍රියාවලිය අපි දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කළා.  ‘‘නව ව්‍යවස්ථා උගුල පැරදුවාට විතරක් මදි රටට හිතැති නායකයකු පත්කර ගනිමු’’ යනුවෙන් මහාචාර්ය  මැදගොඩ අභයතිස්ස හිමියන් මාධ්‍ය හමුවක් පවත්වලා ප‍්‍රකාශ කළා.  
 
උන්වහන්සේ ඇතුළු පිරිස දිගින් දිගටම  රාජපක්ෂ මහතා වෙනුවෙන් සහ පොහොට්ටුව වෙනුවෙන් පෙනී සිටියා. ඒක උන්වහන්සේලාගේ අයිතිය  අපිට ඒ ගැන කතාවක් නැහැ.
එල්.ටී.ටී.ඊ සැමරුම් වලට  රජය ඉඩදෙනවා වැනි ප‍්‍රකාශ  දිගින් දිටම ප‍්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේත්  ඉන් පිටතත් දැනට සති දෙකක පමණ කාලයක සිට අපිට මෙවැනි චෝදනා එල්ල වුණා. පැහැදිලිවම  අපි රජයක් විදියට මේ සියලූම දේවල් ප‍්‍රතික්ෂේප කරනවා.
 
විශේෂයෙන්ම  උතුරු නැගෙනහිර ගැටලූව ඒත්තු  කරගෙන මේ රටේ මහා ජාතාවාදයක්  ගොඩනැගීමේ සැළසුමක් තියෙනවා. අපි ඒවට මුහුණ දෙන්න ලෑස්තියි. ඕනෑම තත්වයකට  මුහුණ දෙන්න පුළුවන්  අවකාශයක් පසුබිමක් මේ රජයට තිබෙනවා.
 
එක්සත්  ජාතික පක්ෂයේ නායකයන් රාශියක් ඒල්.ටී.ටි.ඊ සංවිධානය ඝාතනය කරලා තියෙනවා. අපි කිසිසේත්ම ඒල්.ටී.ටී.ඊ  සංවිධානයට යළි හිස ඔසවන්න ආයිත් ඉඩ දෙන්නේ නැහැ  කියලා පැහැදිලිවම ප‍්‍රකාශ කරනවා.

ඡායාරූප හා විඩීයෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා
 



අදහස් (3)

‘ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියා කළාපය රටට විහිළුවක් වෙලා’

ajith Thursday, 12 July 2018 11:22 AM

වාරණ නියෝග නීත්‍යනුකුල අයිතියක්. පහල උසාවියක වැරදි දෙයක් වනවිට එය වැලක්වීමට ඉහල උසාවියට බලයක ඇත. එම ඉල්ලීම් නිත්‍යානුකුල නිසානේ වාරණ නිකුත් කරන්නේ

:       2       6

kalani Friday, 13 July 2018 03:49 AM

තමන්ට සිදුවන අසාධාරණයට එරෙහිව පියවරක් ගැනීම විහිළුවක් වෙන්නේ කොහොමද? එම ඉල්ලීම දුන්නෙත් අධිකරණය නිසා ඔබේ ප්‍රකාශය වැරදියි.

:       1       6

thilak Monday, 16 July 2018 05:28 PM

ඇයි ඔච්චර බය.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site