IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


කිසිම විදේශිකයෙකුට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් හදන්න දෙන්නේ නැහැ

(එම්.සුසිල් ප්‍රියන්ත)
   
කිසිම විදේශිකයෙකුට මේ රටේ දේශපාලන පක්ෂයක් පිහිටුවන්න දෙන්නේ නැති බවත් එමෙන්ම මේ රටේ ස්වෛරීභාවයට හානි වන කිසිම දේකට රජය එකඟ නොවන බවත් වෙරළ සං‍රක්ෂණ හා නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (16 ) අම්බලන්ගොඩදී පැවසීය.
  
අම්බලන්ගොඩ පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී ගොඩහේවා මහතා එසේ කීවේය. රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මෙසේ ද කීවේය.
         
“කිසිම විදේශිකයකුට මේ රටේ දේශපාලන පක්ෂයක් ආරම්භ කරන්න දෙන්නේ නැහැ. ඉන්දියාව නෙමෙයි වෙන කිසිම රටක අයෙකුට එහෙම කරන්න දෙන්නේ නැහැ. ඕනෑම රටක ඉන්නවා දේශපාලන හෙන්චයියලා. ඒ දේශපාලන හෙන්චයියලා සතුටු කරවන්න ඒ ඒ රටවල ඇතැම් දේශපාලකයෝ කටයුතු කරනවා. වහසි බස් දොඩවනවා.
   
ඉන්දියාවෙත් එහෙමයි. ඉන්දියාවේ ඇතැම් දේශපාලකයෝ තම හෙන්චයියලා සතුටු කරවන්න ඇතැම් කතා කියනවා. ඒවා ගැන අපි කලබල වෙන්න හොඳ නැහැ.මේ රටේ ස්වෛරීභාවයට හානිවෙන කිසිම දේකට මේ රජය කැමති වෙන්නේ නැහැ. ඒක ඉතා වගකීමෙන් කියන්න පුළුවන්.
              
ඒවගේම අපේ පක්ෂයේ හෝ වෙනත් පක්ෂයක අයෙකුට මත පළකරන්න පුලුවන්. ඒකතමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. යම් කෙනෙක් යම් මතයක් පළ කරාම අපි ඒක අපේ පක්ෂයට ද්‍රෝහිකමක් කරා කියලා සලකන්න හොඳ නැහැ. ඕනෑම කෙනෙකුට මත පළකිරීමේ අයිතිය තියෙනවා. පක්ෂය හෝ වේවා විපක්ෂය වේවා කාටත් එය පොදුයි” ගොඩහේවා මහතා කීවේය.



අදහස් (8)

කිසිම විදේශිකයෙකුට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් හදන්න දෙන්නේ නැහැ

නන්නාදුනන හාදයා Tuesday, 16 February 2021 06:23 PM

පොහොට්ටුව ගැන මොකද හිතන්නේ? ඔය පොහොට්ටුව කියන්නේ චීන උගුලක්...

:       1       3

Karan Wednesday, 17 February 2021 12:44 AM

ඔව් ඔව්... හැමදාම තුප්පහි දේශපාලනය කර කර ඉන්න. නැතිනම් ගසාකන්න බැහැ.

:       0       3

බද්රානි Wednesday, 17 February 2021 03:05 PM

එතකොට, ලෝකල් ඇමරිකන් කාරයින්ට විතරද ලංකාවේ දේශපාලනය කරන්න පුළුවන්? මම නම් කියන්නේ ලෝකයේ කොහෙන් හරි මේ රටට පැමිණ මේ රටේ මෝඩ ජනතාව මේ තක්කඩි සිංහල පාලකයින්ගෙන් ගලවා ගත යුතුයි. එතකොට අඩුතරමේ මෙරට බැරි නම්, පිටරටකට ගිහින්වත් වැදගත් නම්බුකාර ජාතියක් ලෙස විදේශයක හරි ජීවත් වෙන්න පුළුවන්.

:       0       3

Rata Perata Thursday, 18 February 2021 07:52 AM

ඇතුලේදී නන්දසේන අතුළු රාජපක්ෂලාගේ පස්සෙන් යන මිනිස්සු එළියෙදී වීරයෝ වෙන්න එදනවා. ළඟ හිටියා නම් හොඳට කියලා දෙනවා.

:       0       2

chinthana Friday, 19 February 2021 07:30 AM

පොහොට්ටුව හැදුවේ ඇමෙරිකානුවෙක්නේ...

:       0       2

rocky Friday, 19 February 2021 08:16 AM

ඊට ඉස්සෙල්ලා චීනෙට මේක සින්නක්කරේටම විකුණලා දාමු නේද? අපායෙන් පක්ෂයක් ඇවිල්ලා හරි තමුන්නාන්සේලාගේ සංවර්ධනෙන් අපිව බේරාගන්නවා නම් වඩා හොඳයි...!!! 

:       0       2

CHANDA Friday, 19 February 2021 08:57 AM

"බෝර්න් අගේන් රට අයට හැර" කියා විය යුතුයි...

:       0       0

kapila Friday, 19 February 2021 10:13 AM

ගොඩහේවා, ඔයාලා ගොඩ අපි අංගොඩ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 217 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 385 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site