IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


‘‘කිසිඳු ආගමකට ගරහන්න ඉඩ නොතැබිය යුතුයි‘‘

(අනීෂා මානගේ)

බෞද්ධාගමට අපහාස කරලා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ලැජ්ජාවිය යුතු කාරණයක් බවත් කිසිඳු ආගමකට ගැරහීමට ඉඩ නොතැබිය යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද (05) වීරකැටිය කසාගල පුරාණ විහාරයේ පැවැති දහම් පාසල් දරුවන් දහසකට පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහනට සහභාගී වෙමිනි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසුවේය.

        ‘‘සිංහල බෞද්ධයා හැර අනෙක් හැම ආගමකම ඒ ආගමට සම්බන්ධ පූජකතුමන්ලාට කිසි ලෙසක ගරහනවා මම දැකල නැහැ. හැබැයි බෞද්ධයා කරනවා. පසුගිය මැතිවරණ කාලයේදී බෞද්ධයෝ යැයි කියන අය අපේ හාමුදුරුවොන්ට ගරහපු හැටි, තෙරුවන් සරණයි කියන එක දෙරුවන් සරණයි කිව්වා.

මේ විදිහට කියලා ඒවා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළා ආඩම්බරයෙන්. හාමුදුරුවොන්ට ගහලා බුද්ධාගමට අපහාස කරලා මහා ආඩම්බරයෙන් ඒවා මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට ලැජ්ජා විය යුතු කාරණයක්. ආගම්වලට ගරහන්න ඉඩ තියන්න පුළුවන්කමක් නැහැ. බෞද්ධ, කතෝලික, මුස්ලිම් ඕනෑම ආගමකට ගරහන්න ඉඩ තියන්න පුළුවන්කමක් නැහැ. මේ ගැන අපි අවධානය යොමු කරන්න ඕනෑ.

අද අපිට තිබෙන ලොකුම ගැටළුව තමයි හාමුදුරුවරු සංස්කෘතික අමාත්‍යංශයට එනවා නොයෙක් විදියේ ආධාර ඉල්ලගෙන. ගිය පාර පඩි ගෙව්වේ සංස්කෘතික අරමුදලෙන් සල්ලි අරගෙන. ලේකම්තුමා ඇවිත් මගෙන් අත්සන් අරගෙන මිලියන සීයක් අරගෙන ගියා.මම ඇහුවා ඇයි මේ අරමුදලෙන් ගෙවන්නේ. වෙන තැනක් නැහැ.

ආණ්ඩුවෙන් දෙන්නෙත් නැහැ. අරමුදලෙන් ගෙවලා තමයි නත්තල් මාසයේ සේවය කළේ. අද මේ සේවයට විශාල වශයෙන් පිරිස අරගෙන  පුරප්පාඩුවලට නෙවෙයි ඒ වගේ දහස් ගුණයකින් අරන් තිබෙනවා. අරගෙන කොන්ත්‍රාත්තුවකට දි තිබෙනවා.

එය ඉවර වුණාම රටට ලොකු ගැටළුවක්. අපිටත් ප්‍රශ්නයක්.ඒ දරුවන්ටත් ප්‍රශ්නයක්. කොන්ත්‍රාත්තුව තමයි ගෙයක් ගානේ ගිහින් කැන්වසින් කරන්න. එහෙම කළාම පඩි වැඩි කරනවා. ඡන්දෙ ඉවරයි. කොන්ත්‍රාත්තුවත් ඉවරයි.

ඔවුන්ගේ තිබුණ රාජකාරිය අවසන් කර තිබෙනවා. මේ අමාත්‍යංශය පමණක් නෙවෙයි අනෙක් අමාත්‍යංශවලත් එහෙමයි. මුදල් නාස්ති කර තිබෙනවා. අවසරයක් නැතුව යම් යම් දෑ කර තිබෙනවා. මේවා ගැන අපි කණගාටු විය යුතුයි. දේශපාලනය නිසා රාජ්‍ය ආයතන විනාශ කරන්න ඉඩ තියන්න පුළුවන්කමක් නැහැ. විශේෂයෙන්ම සංස්කෘතික අරමුදල පමණක් නෙවෙයි සංස්කෘතික දෙපාර්තමේන්තුව, බුද්ධ ශාසන අමාත්‍යංශය විනාශ කරන්න ඉඩ තියන්න පුළුවන්කමක් නැහැ.

ආගමට ලැදි සමාජයක් ගොඩනගන්න රටේ සංස්කෘතිය පිළිබඳව අවබෝධයක් තිබෙන, ජාතිය සහ රට ගැන හැඟීමක් තිබෙන තමන්ගේකම ගැන හැඟීමක් තිබෙන දරු පිරිසක් බිහි කළොත් තමයි අනාගත සමාජය සහ රට ගොඩනගන්න පුළුවන්කම තිබෙන්නේ.

ඒ සඳහා දහම් පාසලෙන් ලැබිය යුතු නායකත්වය අති විශාලයි. දහම් අධ්‍යාපනය දරුවන්ට ගුරුවරුන් විසින් නොමිලයේ ලබා දෙනවා. ඒ කැපවීම අපි අගය කරන්න ඕනෑ. දහම් පාසලට යන දරුවන් ගණන ලියාපදිංචි දරුවන් ගණනට වඩා අඩුයි. දෙමව්පියෝ දැනගන්න ඕනෑ තමන්ගේ දරුවන් දහම් පාසල්වලට යොමු කරන්න. ආගම දහමට යොමු කරන්න‘‘. යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.



අදහස් (0)

‘‘කිසිඳු ආගමකට ගරහන්න ඉඩ නොතැබිය යුතුයි‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1318 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site