IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


‘කලා පරපුර සුරැකීමේ වගකීම අපි බාරගන්නවා‘

 

(*** නිමල කොඩිතුවක්කු)

‘රණසිංහ ප්‍රේමදාස යුගයෙන් පසු රැවටීමට සමච්චලයට ලක්වුණ රටේ අද්විතීය කලා පරපුර සදා සුරැකීමේ ප්‍රමුඛතම වගකීම තමන් බාරගන්නා බව’ සමගි ජන බලවේගය නායක හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවසීය.

පසුගිය වකවානුවේ දී කලා ක්ෂේත්‍රය මුළුමනින්ම දේශපාලන න්‍යාය පත්‍රයෙන් ඉවත් කර ඇති බවක් පැවසූ ප්‍රේමදාස මහතා කලාකරුවන්ගේ අයිතිය, සුබසාධනය වෙනුවෙන් දේශීය කලාවට ලබාදිය යුතු ප්‍රමුඛතාව රටේ නීතිරීති අණපනත්වලට යටත්කර සියලු අවස්ථා දෙන්නේ යයිද සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුවේ (6 වැනිදා) පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැති සමගි කලා බලවේගයේ හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගය නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.

‘‘බලයක් නැති කාලෙක සමගි කලා බලවේගයේ සාමාජිකයන් වී සිටින කලා කේෂ්ත්‍රයේ මහත්ම මහත්මීන් වෙනුවෙන් කළ හැකි උපරීම සුබසාධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඔබ සියලු දෙනාගේම ජන ජීවිත ශක්තිමත් කිරීමට මම කැපවෙනවා.

එදා ජනාධිපතිවරණයේ දී කලා කේෂ්ත්‍රයත් සමග එළැඹුණු ප්‍රසාංගික කලා හා සංස්කෘතික ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය බලය ලැබුණු විගස මා අදහස් කරනවා. අප රටේ අණ පනත් නීති රීති සහ සුබසාධන ක්‍රියාදාම හරහා නීතිගරුක කලාකරුවන්ට තිරසර සංවර්ධන සුබසාධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

මගේ පියා 1977 මැතිවරණ ව්‍යාපාරය ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් මෙහෙයවන විට හැම මැතිවරණ කොට්ඨාසයකම එදා ජනහමු පවත්වන විට රටේ හිටපු සුප්‍රසිද්ධ කලාකරුවන්ගෙන් සීයට 99ක් එදා මගේ පියාත් සමග අත්වැල් බැඳගෙන 77 ආණ්ඩුව බිහිකළා.

17 වසරක් පැවතුණ ආණ්ඩුව බිහි කරන්නත් ඒ ආණ්ඩුව ශක්තිමත් කරන්නත් කලා ක්ෂේත්‍රයේ සියලුම දෙනා දුන්න දායකත්වය මට අද වගේ මතකයි.

අවාසනාවකට මගේ පියාගේ කාල වකවානුවෙන් පසුව බිහිවුණ නායකයන් කිසිම කෙනකුට කලා ක්ෂේත්‍රයට ප්‍රමාණවත් අවධානයක් යොමු කරන්නට හැකියාවක් තිබුණේ නැහැ. කලා ක්ෂේත්‍රය මුළුමනින්ම සංවර්ධන, දේශපාලන න්‍යාය පත්‍රයෙන් ඉවත් කළා.

එදා රණසිංහ ප්‍රේමදාස සමයේ කලා ක්ෂේත්‍රයට දුන්නු ඉහළ මට්ටමේ සැලකිල්ල එතුමන්ගෙන් පසුව බොහෝ ලෙස පළුදු වුණා. කලා ක්ෂේත්‍රය කොන් කළා. ඒ ක්‍රියාදාමයත් එක්ක බහුතර කලාකරුවන් කලාකාරියන් එක්සත් ජාතික පක්ෂයෙන් ඈත් වුණා. අද එක්සත් ජාතික පක්ෂයේ කලා සංවිධානයක් තියෙනවද කියන එකත් මට ප්‍රශ්නයක්.

එක්සත් ජාතික පක්ෂයේ යෝජනාවක් අනුව බිහිවූ සමගි ජන බලවේගය කලා කේෂ්ත්‍රයේ සියලුම දෙනා සම්බන්ධ කරගෙන අලුත් ගමනක් යාමට උත්සාහ කරනවා. කලාකරුවන්ගේ අයිතීන් වෙනුවෙන් සුබසාධනය වෙනුවෙන් දේශීය කලාවට දිය යුතු ප්‍රමුඛතාව රටේ නීතිරීති අණපනත්වලට යටත් කර සියලු අවස්ථාව දෙන බවට මේ අවස්ථාවේ මම පොරොන්දු වෙනවා.

මේ බිහිවන සමගි කලා බලවේගයේ සියලුම සාමාජික සාමාජිකයන්ගේ දුක සැප දෙකම බෙදාහදා ගනිමින් සුබසාධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අප අදහස් කරනවා. එහි මූලාරම්භය හැටියට මැතිවරණ සමය අවසන් වූ පසුව සුබසාධන අරමුදල ස්ථාපනය කර වෙනමම වැඩපිළිවෙළක් හරහා කලා ක්ෂේත්‍රයේ සියලු දෙනාම සුරකින තිරසර වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කරනවා.

බොහෝ අවස්ථාවලදී රැවටීමට, සමච්චලයට ලක්වුණ අපේ රටේ අද්විතීය කලා පරපුර සදා සුරැකීමේ ප්‍රමුඛතම වගකීම අප බාර ගන්නවා’’ යයිද ඔහු එහිදී සඳහන් කළේය.


සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා,
‘‘දශක තුනකට කලින් කලාකරුවන් සෑම අංශයකින්ම ශක්තිමත්ව හිටියා. කලාකරුවන්ගෙන් ප්‍රයෝජන ගන්නවා මිසක් පසුගිය රජයන් කලාව වෙනුවෙන් කළ දෙයක් නැහැ.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ යුගයේ කලාකරුවන්ට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අත හිත දුන්නා. කලාව වෙනුවෙන් කැප වූ පිරිසට යළිත් ශක්තිය වෙන්න අප කටයුතු කළ යුතුයි. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය කලාකරුවන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකරන්න සූදානම්. ඒ වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට බලය දෙන්න කියා අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා’’ යයිද ඔහු පැවසීය.

මෙම අවස්ථාවට සමගි කලා බලවේගය කැඳවුම්කරු ඩයනා ගමගේ, රොඩ්නි ප්‍රෙසර් යන මහත්ම මහත්මීන් ඇතුළු කලාකරුවෝ එක්ව සිටියහ.



අදහස් (0)

‘කලා පරපුර සුරැකීමේ වගකීම අපි බාරගන්නවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17580 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site