IMG-LOGO

කරුණා අම්මාන් කියන කතා ගැන කණගාටු වෙනවා

(*** අංජුල මහික වීරරත්න)

අලිමංකඩදී එක රැයින් හමුදාවේ දෙදහසක් - තුන්දහසක් ඝාතනය කළ බවටත් එය කොරෝනාවට වඩා බරපතළ බවටත් විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අම්පාර ජනහමුවේදී කළැයි කියන කතාව සුළුවෙන් තැකිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම්, හිටපු අරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය හමුවකදී විශේෂ ප්‍රකාශයක් කරමින්  පැවසීය.

‘දකුණේ දේශප්‍රේමීන් ලෙස පෙනී සිට උතුරට ගොස් රණවිරු ඝාතන ගැන කියා ඡන්දය ගන්නට උත්සාහ කරන පුද්ගලයන් ගැන තමා කනගාටු වන බවද රුවන් විජයවර්ධන මහතා තවදුරටත් කීවේය.

අත්තනගල්ලේ පැවැති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේද පැවසීය.

මහ මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් ඉදිරිපත්ව සිටින හිටපු කොටි නායකයකු ද වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරණා අම්මාන් කළ ප්‍රකාශය පිළිබඳව මේ වනවිට සමාජයේ දැඩි කතා බහ නිර්මාණය වී තිබෙනවා.

අම්පාර ප්‍රදේශයේ පැවති ජනහමුවේදී කරුණා අම්මාන් මෙලෙස ප්‍රකාශ කර තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ පාරත් ජාතික ලැයිස්තුවෙන් එන්න මහන්සි වෙන්නේ ඇයි කියා මගෙන් මහින්ද අගමැති ඇසුවා. මෙවරත් ඡන්දෙ ඉල්ලා එන්නම් යැයි මා එතුමාට පැසුවා. මාගේ කිලිනොච්චි ඝාතන කොරෝනාවටත් වඩා බරපතළ යයි කාර්තිව් සභාපතිවරයා පවසා තිබුණා. ඔව් එහෙම තමයි. කොරෝනාවෙන් මැරුණේ නව දෙනකු විතරයි. එක රැයෙන් අලිමංකඩ දී මා හමුදාවේ දෙදහක් තුන්දාහක් මැරුවා. තේරෙනවනේ, කිළිනොච්චියේ දහස් ගාණක්.  යනුවෙන් කරුණා අම්මාන් ප්‍රකාශයක් කළ බවට වාර්තා පළ වුණා.

මෙවැනි ප්‍රකාශ රටේ නීතියේ ආධිපත්‍යය බරපතළ අභියෝගයක් ලක් කරන බව මාගේ හැඟීමයි.

සැම විටම දේශාභිමානය, දේශප්‍රේමය ගැන කතා කරමින් දකුණේ පෙනී සිටින අතර උතුරු නැගෙනහිරට ගොස් හමුදා රණවිරුවන් දහස් ගණනක් මැරුවා යයි පවසමින් ඡන්දය දිනා ගැනීමට උත්සාහ දරන පුද්ගලයන් පිළිබඳව අප කනගාටු වනවා.

මහින්ද රාජපක්ෂ මහතා කරුණා අම්මාන් වැනි පුද්ගලයන්ට තම දේශපාලන පක්ෂයේ උපසභාපති තනතුරු දෙමින් අවස්ථාවාදී ලෙස කටයුතු කරමින් ජනතාව රටවමින් කරන දේශපාලනය කුමක්දැයි මා ප්‍රශ්න කරනවා. මෙලෙස තවදුරටත් රට ගොනාට ඇන්දවීමට බුද්ධිමත් ජනතාව ඉඩ නොතැබිය යුතු බව තම හැඟීම යැයිද රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

කරුණා අම්මාන් කියන කතා ගැන කණගාටු වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 877 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site