(***කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත, ***හික්කඩුව ඥාණදාස රම්මුතු සහ ***බටපොල දීපාල් ද සිල්වා)
‘‘හිටපු වීරෝධාර ක්‍රිකට් ක්‍රීඩකයන්ට රටේ වත්මන් ඇමැතිවරයකු එල්ල කළ අභූත චෝදනාව තරයේ හෙළා දකින බවත්, රටේ ප්‍රශ්න අමතක කිරීමට ක්‍රිකට් ක්‍රීඩාව ඈඳාගැනීම බාල වර්ගයේ දේශපාලන උප්පරවැට්ටියක් බවත්’’, හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රත්ගමදී කීවේය.
රත්ගම පැවති ජනහමුව අමතා එසේ කී සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කතා කරමින් මෙසේද ප්‍රකාශ කළේය.
‘‘රජයේ ඇමැතිවරයකු 2011 පැවති ලෝක කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගයේදී අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් තරගය පාවා දුන්නා කිව්වා. ඕනෑකමින්ම තරගය පැරදුනා කියනවා. කාටද මේ ඇඟිල්ල දික්කරන්නේ කුමාර සංගක්කාරටයි, මේ කියන්නේ.
තරගය පාවා දුන්නයි කියන ක්‍රීඩකයාගේ නම කියන්නේ නැහැ. ක්‍රීඩකයින් අපහසුතාවට පත්කරන්නෙත් නැහැලු. නමුත් එදා ටීම් එකේදී කැප්ටන් කුමාර සංගක්කාරයි. උප නායක මහේල ජයවර්ධනයි, ලසිත් මාලිංග, තිලකරත්න දිල්ශාන්, මුත්තයියා මුරලිදරන් වැනි ක්‍රීඩකයොත් ටීම් එකේ හිටියා.
රජයේ ඇමැතිවරයා දැන් කියන්නේ මොකක්ද? මේ ක්‍රීඩකයින් හිටපු ක්‍රිකට් කණ්ඩායම අවසන් මහා ක්‍රිකට් තරගය පාවා දුන්නාලු. ඕනෑකමින්ම අවසන් මහා තරගය පැරදුණා කියලත් පැවසුවා.
2011 දී ලෝක කුසලාන අවසන් මහා තරගයේදී වුණා යයි කියන සිද්ධිය ලෝක ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකයට එදා පැමිණිලි නොකළේ ඇයි? ක්‍රිකට් ඒකකයේ ප්‍රධානියා වන මාෂල් මහත්තයට එදා පැමිණිලි නොකළේ ඇයි? මේ ඔක්කොම පිටුපස්සේ මොකක්ද තිබෙන්නේ?
කොරෝනාවෙන් රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්න බැරි රජය, වැඩ බැරි ආණ්ඩුව අකාර්යක්ෂම ආණ්ඩුව, නන්නත්තාර ආණ්ඩුව මැතිවරණ සමයේ 2011 ලෝකු කුසලානය තරගය කරා ජනතාවගේ අවධානය යොමුකරන්න හදනවා. මැතිවරණ වේදිකාව ඒ දෙසට යොමු කරවන්න බලනවා. මේ අරමුණ මම පැහැදිලිව කිව්වා.
කුමාර සංගක්කාරලා, මහේල ජයවර්ධනලා, තිලකරත්න දිල්ශාන්ලා, ලසිත් මාලිංගලා, මුත්තයියා මුරලිදරන්ලා ඇතුළු 2011 වීරෝදාර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මඩ ගහන්න එපා. අපහාස කරන්න එපා. බොරු කතා හදන්න එපා. ඒ අයගේ චරිතය ඝාතනය කරන්න එපා.
අනුන්ගේ චරිතය ගැන චරිත සහතික දෙන්න පෙර කරුණාකර කණ්ණාඩියක් ඉස්සරහට යන්න. හොඳින් බලන්න ඒ තමන්ගේ අඩුපාඩු දිහායි. තමන්ගේ අඩුපාඩු හදාගෙන අනුන්ගේ අඩුපාඩු දිහා බලන්න.
හදිසියේම 2011 ලෝක කුසලානය ඇමැතිවරයාට මතක් වුණේ ඇයි? එතකොට කවුද ක්‍රීඩා ඇමැතිවරයා? මේ වගේ බොළඳ දේශපාලන උප්පරවැට්ටි අප හෙළාදකිනවා.
අපේ වීරෝධාර ක්‍රීකට් ක්‍රීඩකයින් තරග පාවා දෙනවා කියලා මා විශ්වාස කරන්නේ නැහැ. එහෙම ක්‍රිකට් ක්‍රීඩකයන් අපේ රටේ නැහැ.
රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අභිමානය හෑල්ලු කළ ඇමැතිවරයාට අපේ විරෝධය පළ කරනවා. ඒ වාගේම ක්‍රිකට් ක්‍රීඩකයින්ට මෙයින් යම් අපහසුතාවක් ඇතිවුණා නම් කනගාටුව ප්‍රකාශ කරනවා. මේ වගේ බාල-බොළඳ දේශපාලන උපක්‍රම දාලා ජනතාවගේ ප්‍රශ්න අමතක කරන ඇමැතිවරුන් අපේ රටේ ඉන්නවායි ඇසීමත් අපට හරි කණගාටුවක්. දේශපාලනයට ක්‍රීඩාව ගාවාගැනීම පිළිබඳවත් ඇත්තේ දැඩි පිළිකුලක් යයිද’’ සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කීවේය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ක්‍රිකට් ක්‍රීඩකයන්ට එල්ල කළේ අභූත චෝදනාවක්
Raveendra Monday, 22 June 2020 05:48 PM
අනේ සජි පුතේ, මේ එකඑක චෝදනා ගැන හොය හොයා ඉන්නවට වඩා තමුන්ට තියෙන චෝදනා ටික, නැගෙනහිර පළාතේ නිරායුධ පොලිස් නිලධාරීන්ව අමුඅමුවේ මරා දැමීමට දුන්නු උපදෙස් ගැන කතාකරලා ඒවා විසඳගෙන අනිකුත් දේශපාලුවන්ගේ වැරදි ගැන කතා කරන්න... එලෙසම අප මහින්දානන්ද නමැත්තා නිවැරදියි කියනවාද නොවෙයි...