(අංජුල මහික වීරරත්න)
විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදෙමින් ඔවුන් ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වගකීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය බාරගන්නා බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික යොවුන් සේනාංකයේ දඹුල්ල හෝටල් පුහුණු පාසලේ දෙවන කණ්ඩායම සඳහා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයේදීය.
අ.පො.ස. සාමාන්‍යපෙළ සහ අ.පො.ස. උසස්පෙළ විභාග හරහා විශ්ව විද්‍යාල පද්ධතියට ප්‍රවේශ වීමට නොහැකි තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපනය මඟින් දැනුම සහ නිපුණතාවය ලබා දීම අත්‍යාවශ්‍ය බවත්, ඒ තුළින් ඔවුන් ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වගකීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
ලබන වසර තුලදී මෙම වෘත්තීය පුහුණුව ලත් තරුණ තරුණයින්, අනෙකුත් අමාත්‍යංශ හා සම්බන්ධ කරමින් රටේ ධනය උත්පාදනය කිරීමේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වැඩපිළිවෙලකට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර, යොවුන් සේනාංක අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් R. M.S.P. රත්නායක, දඹුල්ල හෝටල් පුහුණු පාසලේ විදුහල්පති මේජර් M.D.B. ඉලංගසිංහ, අතිරේක අධ්‍යක්ෂක ( පාලන හා මූල්‍ය ) නීතිඥ R.නිශාන්ත පුෂ්පකුමාර, අතිරේක අධ්‍යක්ෂක ( පුහුණු හා සංවර්ධන) සමන් කුලසූරිය ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් කලක් හරියාකාරව සොයාබැලීමක් නොකළ පිරිසක් ගැන කතාකරනවා අහන්න ලැබීමත් සතුටක් තමයි. මෙතෙක් එම පිරිස් සඳහා යම් යම් ආයතන තිබුණත් රටේ අනාගතය භාරගන්න හිටපු වැඩිම පිරිසක් ඒගැන කිසිම දැනුමක නැහැ. මේ නිසා තරුණසේවා නිලධාරි වගේම නිපුණතා සංවර්ධන නිලධාරි එකතුව සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අසමත් අවුරුදු 26 දක්වා දරුවන් ගැන තොරතුරු එකතුකර ඔවුන්ගේ සංවර්ධනය පසු විපරමක් කිරීමටත් ඔවුන් රැකියාගත කිරීමටත් ක්‍රමවේදයක් සැකසීම අත්‍යාවශ්‍යම වෙනවා. එහෙම නැතුව සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අසමත් දරුවෝ අත හිත අම්මාගෙන් කියලා හනිවරය පිටිපස්සේ ගැසූ ත්‍රීවීල් පැදවීමට යෙදීම රටේ මෙන්ම ජාතියේද අවාසනාව කියලා කියන්න පුළුවන්...!
කැම්පස් නොගිය අය තමා රටේ බහුතරයක් ආර්ථික කටයුතු වලට සහාය වෙන්නේ... කැම්පස් ගිය අයගෙන් ලක්ෂ 10ක් විතර අන්දුව් එකතු කරන බදු සල්ලි ටිකට කෙලිනවා... මේක කියන කැම්පස් ගිය පොර මේ වෙනකන් කරපු රස්සාව මොකක්ද කියලා කිව්වා නම් හොඳයි...!
දීර්ඝ කාලීන පොරොන්දු එපා. ජනතාවට දීපු කෙටි කාලීන පොරොන්දු ඉටු කරන්න. වහාම බදු අඩු කරන්න, පඩි වැඩි කරන්න. බඩු මිල අඩු කරන්න. හොරු අල්ලලා ඔවුන්ගේ හොරා කෑ ධනය ආණ්ඩුවට පවරා ගන්න. බයිලා එපා.
මෙයා හිතන් ඉන්නේ කැම්පස් නොගිය අය ආර්ථිකයේ කොටස්කරයෝ නොවෙයි කියලද?