(රංජිත් රාජපක්ෂ )
කඳුරට ජනතා පෙරමුණේ සහයෝගය තවදුරටත් වත්මන් රජයට ලබාදෙන බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යය වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසුවේය.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කදුරට ජනතා පෙරමුණේ දේශපාලන තත්ත්වය පිළිබදව ජනතාව දැනුවත් කිරිමට හැටන් කොටගල අස්විකා හෝටලේ පැවති මාධ්‍ය හමුවකදිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු වි.රාධා ක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ වත්මන් රජය මගින් වතු කරයේ ජනතාව වෙනුවෙන් කටයුතු රාශ්‍රියක් සිදු කර ඇති බවත්, ඉදිරියේදි තවත් සංවර්ධන කටයුතු රාශ්‍රියක් සිදු කිරිමට රජය කටයුතු කර ඇති බවයි.
කදුරට ජනතා පෙරමුණ තුල අර්බුධ රැසක් පවතින බවට විවිධ කටකතා පතුරවා ඇති බවත්,එය පදනම් විරහිත බවයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
තවද දමිල ප්‍රගතිශිලි සන්ධානය හා තම පක්ෂය අතර කිසිදු මත භේදයක් නොමැති බවද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
සිමා නිර්ණ සන්ශෝධන මැතිවරණ ක්‍රමයකට තම පක්ෂය සහයෝගය නොදක්වන බවත්, මේ රටේ සුළු ජාතින්ට ප්‍රජාතන්ත්‍රාවාදි ලෙස කටයුතු කිරිමට නම් පැරණි ක්‍රමයට පලාත් සභා මැතිවරණ ක්‍රමය පැවැත් විය යුතු බවත් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කඳුරට ජනතා පෙරමුණ ඉදිරියේදීත් වත්මන් ආණ්ඩුව සමඟයි‘