IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


කඩා වැටුණු ආර්ථිකයට මෙවර අයවැයෙන් කිසිදු මඟ පෙන්වීමක් නැහැ

(හර්ෂණ තුෂාර සිල්වා)

කොවිඩ්-19’ කඩා වැටුණු ආර්ථිකය ගොඩනැංවීම සඳහා මෙවර අයවැයෙන් කිසිදු මඟ පෙන්වීමක් කර නැතැයි හිටපු පාර්ලිමේන්තු සුනිල් හඳුන්නෙත්ති මහතා අද (17) පැවැසීය.

බිඳ වැටුණු ආර්ථිකය තුළ කෙටිකාලීනව ජනතාවට දිය හැකි සහන මොනවාදැයි අයවැයේ සඳහන් නැති බව ද හඳුන්නෙත්ති මහතා කීය.

‘‘අයවැය කතාව 2021: විද්වත් පසුවිපරමක්’’ යන මාතෘකාව යටතේ විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සංවාදයට එක්වෙමින් සුනිල් හඳුන්නෙත්ති මහතා එම කරුණු කීවේය.

වෙරිටේ රිසර්ච් ආයතනය මෙම සංවාදය සංවිධානය කර තිබිණි.
සුනිල් හඳුන්නෙත්ති මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තුවේ කටයුතු කළ අතර කෝප් කමිටුවේ සභාපති ධුරය ද හෙබවීය.

රජයේ සේවකයන්ට රාජකාරි පැයගණනින් පසු වෙනත් රැකියාවල නිරත වීමට අවස්ථාව ලබාදීම තුළින් ජීවන වියදම ඉහළ ගොස් ඇති බව සහ රජයේ සේවකයන්ට ඔවුන්ට ලැබෙන වැටුපෙන් ජීවත් විය නොහැකි බව ආණ්ඩුව පිළිගෙන ඇතැයි ද හඳුන්නෙත්ති මහතා කීය.

රජයේ සේවකයන් අමතර රැකියාවල නිරත වීම ආරම්භ වුවහොත් රාජ්‍ය සේවයේ ඵලදාව සම්බන්ධයෙන් ගැටලුවක් පැන නගින බව ද හෙතෙම පැවැසීය.

දැනටත් රජයේ වෛද්‍යවරුන්, රජයේ නීතිඥවරුන් මෙන්ම නීති විරෝධී වුවත් රජයේ පාසල්වල ගුරුවරුන් ද පෞද්ගලික සේවා සපයන බවත් මෙම යෝජනාව රාජ්‍ය සේවයේ ආකෘතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමට හේතුවක් වනු ඇතැයි ද ඔහු කීවේය.

රජයේ සේවකයන්ට නිසි වැටුපක් ගෙවීමට නොහැකි වීම ඔවුන්ට අතිකාල දීමනා ගෙවීමට නොහැකි නිසා තමන්ට අවශ්‍ය පරිදි ආදායම් උපයාගන්නැයි ආණ්ඩුව මෙම යෝජනාවෙන් පවසා ඇතැයි ද හඳුන්නෙත්ති මහතා කීය.

මෙම අයවැය ආදායම් උපයාගැනීමේ ක්‍රමවේදයක් නොමැති වියදම් මාලාවක් පමණක් ඇති සාම්ප්‍රදායික අයවැයක් පමණක් බවත් ඔහු පැවැසීය.

මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කොතරම් ප්‍රායෝගික ද ඒවා කොතරම් යථාර්ථවාදී ද යන ප්‍රශ්නය පැන නගින බවත් එසේම අදාළ යෝජනා ක්‍රියාත්මක කරන ආකාරය සහ එම යාන්ත්‍රණය පිළිබඳ කිසිදු සඳහනක් අයවැයේ නැති බවත් හෙතෙම කීය. 



අදහස් (0)

කඩා වැටුණු ආර්ථිකයට මෙවර අයවැයෙන් කිසිදු මඟ පෙන්වීමක් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 356 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2155 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1634 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site