(නාලක සංජීව දහනායක)
එන්ටප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ව්‍යවසායකයින්ට ණය දෙන මුවාවෙන් තම ගජමිතුරන්ට මහා පරිමාණයෙන් ණය දීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා අද (11) පැවසීය.
මේ තත්ත්වය දිගටම පැවතුණහොත් රාජ්‍ය බැංකු පද්දතිය කඩාවැටීමේ අවධානමක් මතුව තිබෙන බවද ඔහු කීය.
මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.
‘රටේ ආර්ථිකය 15% වර්ධනය කළ බව අගමැතිතුමා කියනවා. පසුගිය රජය සමයේදී ආර්ථික වර්ධන වේගය සියයට හයක අගයක් ගත්තා. ඒ වේගය අද සියයට තුනකටත් වඩා පහළ අගයකට කඩා වැටිලා.
ඒ නිසා අගමැතිවරයාගේ මේ කතා අහනකොට අපිට හිනා යනවා. මේ අතරදි රජය මහජන මුදල් අවභාවිතා කරමින් එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ණය ලබාදෙන බවට දැන්වීම් පළකරනවා. ආර්ථික අර්බුධය නිසා අද බොහෝ දෙනෙක්ට ණය ගෙවාගන්න බැරුව ඉන්නවා.
ණය ගෙවාගන්න බැරුව බොහො දෙනෙක් සියදිවි නසා ගන්නවා. ඒ නිසා අලූතින් ණය දෙන්න කලින් පරණ ණය කපාහරින ලෙස අපි රජයෙන් ඉල්ලීමක් කරනවා. අලූතින් ණය දෙන මුවාවෙන් තම ගජමිතුරන්ට ණය ලබාදෙන්න ආණ්ඩුව උත්සාහ ගන්නවා. මේ හේතුවෙන් රාජ්‍ය බැංකු කඩාගෙන වැටීමේ අවධානමක් තිබෙනවා යැයිද කීය.
ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචිබොරැල්ල, වජිරාඝ්‍රම විහාරයේදී අද (11) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
2025 ඔක්තෝබර් මස 08
1496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1333
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
475
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘ එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන ආණ්ඩුවේ ගජ මිතුරන්ට විතරයි‘