IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


එජාපයේ කිසිවෙකු හෝ බැඳුම්කර වංචාවට වැරදිකරු නම් මාධ්‍ය ඉදිරිපත් කරන්නැයි කියයි


(අංජුල මහික වීරරත්න)
 
එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෝ එක්සත් ජාතික පක්ෂයේ කිසිවකු හෝ මහා බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් වැරදිකරු යැයි තීරණය කර තිබේනම් එය වහා මාධ්‍යට ඉදිරිපත් කරන්නැයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.


ජනාධිපති කොමිෂන් වාර්තාවේ නැති කරුණක් ගැන වැරදි ප්‍රචාර දී දේශපාලන ප්‍රතිරූපවලට ප්‍රහාර එල්ල කරන්නට උත්සාහ කරන්නේ ඇයි දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.


ඕපාදුප කතා නොකරන තමා වැනි දේශපාලකයන්ගේ කට පාවිච්චි කරගන්නට ලෑස්ති  නොකරන්නැයි ද තමා හරියට යමක් කිව්වොත් එදාට සයනයිඩ් කරලක් කටේ ගහගන්නට සිදුවන බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.


කොළඹ අරලියගහමැදුරේ පැවති මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධනමහතා මේ බව කීය.



අදහස් (11)

එජාපයේ කිසිවෙකු හෝ බැඳුම්කර වංචාවට වැරදිකරු නම් මාධ්‍ය ඉදිරිපත් කරන්නැයි කියයි

චමින්ද Monday, 03 December 2018 05:29 AM

තොරතුරු දැනගැනීමේ පනත අනුව මේ ගැන ජනතාවට දැන ගැනීමට හැකියැයි සිතනවා. එනිසා බැඳුම්කර වංචාවට සම්බන්ද සියලුදෙනාගේ නම් ප්‍රසිද්ධ කරන්න

:       0       356

Raveendra Monday, 03 December 2018 07:20 AM

ඔව් ඔව් සුන්දර මූනෙන්ම පේනවා හරිම අවංක බොබිලෙක් කියලා.. මේ දීකිරි ගැන "රචනා ගායන" කරන්නේ කියලා...

:       686       740

Higanna Tuesday, 04 December 2018 07:54 AM

අපි වැරදි කාරයෝ නෙවෙයි...... අර්ජුන දුන්න සල්ලි ගත්තා විතරයි... ඒකට අර්ජුනව සොයා ගන්න....

:       69       222

BamunuarachchiSaturday, 08 December 2018 02:00 AM

ඉතින් හලෝ එතකොට ඔබලා අල්ලස් ගැනීමට වැරදි කාරයින්නේ. පාද සටහන් දැම්මේ ඒ ගත්ත අල්ලස්වල ප්‍රතිඵලයක් නිසානේ. මොනවද මේ කතා...?

:       1       228

විජිත් Wednesday, 05 December 2018 10:29 PM

රට කාලා කාලා තවත් කෑගහනවා. දැන් ඔයාලගේ කාලය ඉවරයි, ඔයගොල්ලෝ දැන් හරියට එක්ස්පයර් වුන මාළු ටින් එකක්වගෙයි. කුණු බක්කියට දමනවා. වාර්තාව ඕනේ නැහැ, බැඳුම්කරේ මහා හෝරාව ගෙනාවේ අපිද.

:       196       382

udugama Thursday, 06 December 2018 10:31 PM

මෙයා තොත්ත බබෙක් රටේ සිදුවන දේවල් ගැන මෙයාට දැතුමක් නැත මේ වගේ මන්ද බුද්ධික අය අනාගතයේ පාර්ලිමේන්තු නොයවමු

:       73       270

truth behind Saturday, 08 December 2018 01:27 PM

මේ ගැන අපි හොඳට දන්නවා. අ.පො.ස (සා/පෙළ) විභාගය හතර පාරක් කරලත් පාස් වෙන්න බැරිවුණා. පස්සේ වෙනකෙනෙක් වැඩිකරලා තමයි.. පස්වෙනිපාර පාස් වුනේ කියන්නේ.. රුපියල් කෝටි 160ක් දීලා අපාර්ට්මන්ට් ගත්තු හැටි කිව්වනම් ඔක්කොම එළිවෙනවා.

:       2       140

ajith Saturday, 08 December 2018 02:04 PM

බැංකු මංකොල්ලය නම් ඉතිහාස පොතේ ලියවිලා ඉවරයි. ඔය වැඩේට සම්බන්ධ හැමෝම උපදින ආත්මයක් පාසා ගවයාගේ ශරීරයේ තිබෙන රෝම ගාණට ඉපිද ඉපිද ශරීරයෙන් පොලියත් සමග වන්දි ගෙවිය යුතුයි.

:       9       172

Gamini perera Friday, 14 December 2018 10:07 AM

දෙන්නද සූප්පුවක් බබාට?

:       10       163

ranjith Saturday, 22 December 2018 07:17 AM

ජනාධිපති වාර්තාව මුළුමනින් එළියට දාන්නේ නැත්තේ මොකද? මොකටද මේ වගේ කොමිෂන් දාන්නේ මහජන මුදල් වියදම් කරලා...

:       11       208

kalani withanage Friday, 12 April 2019 04:12 PM

මහා බැංකුව බින්දේ මහජනතාව .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site