IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


එක්සත් ජාතික පෙරමුණේ ඡන්ද පදනම ගැන භික්ෂු පෙරමුණ කියයි

 (නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් එකට එක්ව  ඉදිරි මහ මැතිවරණයට මුහුණ දීම තුළින්  සිංහළ බෞද්ධ, සුළු ජාතින්, මධ්‍යම ප‍්‍රාන්තික  සහ ග‍්‍රාමීය ජනතාවගේද ඡන්ද සියල්ල  එක්සත් ජාතික පෙරමුණට ලබාගත හැකි බව එක්සත් ජාතික භික්ෂු පෙරමුණ ප‍්‍රකාශ කරති.
 
ජාතික මැතිවරණයකින් පරාජය වී  ඊළඟ ඡන්දයට මුහුණ  දෙන අවස්ථාවේදී  කවුරුවත් අවශ්‍ය නැතැයි කියා ප‍්‍රතික්ෂේප කිරීමට කිසිවකුටත්  අයිතියක් නැතැයි එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ මහලේකම් තීනියාවල පාලිත හිමියෝ පැවසූහ.

ඉදිරි මහමැතිවරණයට මුහුණ දීම සදහා ඉහත නායකයන් තිදෙනාම එකතු විය යුතු බවට වන යෝජානාව ඇතුළත් සංදේශය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ට භාරදීමට එක්සත් ජාතික භික්ෂු  පෙරමුණ  පියවර ගන්නා බවද තීනියාවල පාලිත හිමියෝ සඳහන් කළහ.
 
ජනාධිපතිවරණ ප‍්‍රතිඵල අනුව  එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ලැබිය හැකි මන්ත‍්‍රී ආසන සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ සුළු තරය බවට 
පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ එකමුතුකමින් අවස්ථාව ලැබෙතැයිද උන්වහන්සේ පෙන්වා දුන්හ.
 
එක්සත් ජාතික පෙරමුණ ඉදිරියේ ඇති ප‍්‍රබලම අභියෝගය සිංහල බෞද්ධ ඡන්ද මෙන්ම මධ්‍යම පන්තියත් දිනාගැනීම බව පෙන්වා දුන් තීනියාවල පාලිත හිමියේ ඉහත ප‍්‍රධාන අභියෝග ජයගැනිමට  හැකි හොඳම සහ එකම  විකල්පය නායකයින් තිදෙනාගේ  එකමුතුව බවද කියා සිටියහ.
 
 



අදහස් (10)

එක්සත් ජාතික පෙරමුණේ ඡන්ද පදනම ගැන භික්ෂු පෙරමුණ කියයි

prakaash Monday, 13 January 2020 11:40 AM

බුදු දහම, රට, ජාතිය විනාශ කරන පක්ෂයකට කඩේ යන්නේ ඇයි ?

:       348       405

Senarath Tuesday, 14 January 2020 09:38 AM

මේ හාමුදුරුවන්ගේ මොලේ පරික්ෂා කරවන්න ඕනේ. නැවත ඩි.එස් සේනානායක මහත්තයා ආවත් මිනිස්සු ඡන්දෙ දේවිද මොවුන් රන්ජන් දමලා රටට සහ ශාසනයට කරපු අවමානයට.

:       177       207

Bandara Tuesday, 14 January 2020 06:19 PM

රට කන අයට මුට්ටි අල්ලන්න එපා...

:       0       1

Bastiyan Wednesday, 15 January 2020 03:22 AM

දේශපාලනය පසෙක තබා බුදුදහම දේශනා කරන්න අපේ පල්ලියේ නම් එහෙමයි මහත්මයා සමාවන්න හාමුදුරුවනේ...

:       0       0

Rohana Wednesday, 15 January 2020 04:15 AM

අනේ හාමුදුරුවනේ මෙයාලා දිනුවයි කියලා රටට ඇති සෙතේ කුමක්ද?

:       0       0

prem Wednesday, 15 January 2020 06:17 AM

අපේ හාමුදුරුවනේ ඉතාමත් ඕනෑකමින් ඉල්ලන්නේ..............අපි සැවොම එකතුවෙලා දිනාගත්තු රට විනාසය කරා ගෙනයන්න දායක වෙලා නරකාදියට යන්න පාර හදාගන්න එපා. හාමුදුරුවෝ 90% ක් ඉන්න පැත්තට එකතුවෙලා මේ අවුරුදු 5 රට ගෙනයන්න දෙමු.

:       42       106

කටුකන්න තිස්ස Wednesday, 15 January 2020 07:24 AM

බුදු දහම විනාශ කරනවා කියන ප්‍රශ්නෙට මම කියන්නේ......අපිටත් දැනගන්න කියන්නකෝ කොහොමද එජාපය විනාශ කරේ කියලා ? මමත් බොදු සිංහල. හැබැයි ගිරිය යටින් බොරුවට කෑගහන අයට වඩා එජාපයෙන් වැඩක් කරල තියනවා කියල තමා පේන්නෙ. නිදහස් අධ්‍යාපනය , නිදහස් ආර්ථිකය, මහපොළ, පීටරට ශිෂත්ව, අපනයන රූපවාහිනිය පවා ගෙනාවේ කවුද? හමුදාවට කොතලාවල, පොලිසියට එස්.ටී.එෆ් හැදුවේ කව්ද ? අඩුමගානේ කැලණියේ නයි බලන්න පවා යන්න පුළුවන් රනිල්ල කැලණිය පන්සල හදපු නිසානේ. ඔය ගිරිය යටින් ජාතිය වෙනුවෙන් කෑගහන් අය මගෙන් අහනවා ‘‘ඔයාලා මොනාද ජාතියට කොරල තියෙන්නේ" ?

:       20       13

assanga Wednesday, 15 January 2020 08:55 AM

තිස්ස හරියටම හරි... ඔයාට එක දෙයක් අමතක වෙලා තියෙනවා. රනිල් යෝධයා ඉවරකරන්න සියල්ල සංවිධානය කරලා බුෂ්ගෙන් නැවකුත් අරගෙන එනකොට කුමන්ත්‍රණය කරලා රනිල්ගේ ආණ්ඩුව ඉවර කළා. එහෙම නොවුණානම් ඒ වගේම රනිල් කරුණාව ප්‍රභාගෙන් කැඩුවේ නැත්නම් තවම යුද්ධය යනවා.

:       1       2

Bamunuarachchi Thursday, 16 January 2020 02:23 PM

නිකන් යන්න හාමුදුරුවනේ...

:       0       0

dnh Wednesday, 19 February 2020 08:16 AM

මෙච්චර බුද්ධ ධර්මයට නිගා කළ දේශපාලුවන්ව උස්සලා තියන්නේ බටර් ටිකකුත් අරන් යන්න සජිත් ගාවට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17659 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site