IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘උද්ඝෝෂණය අසාර්ථක බව කිව හැක්කේ ආණ්ඩුවට කත් අදින කුහකයන්ටයි’

නාලක සංජීව දහනායක
 
කොළඹට රැස්වූ ජනතාව දැක දැකත් උද්ඝෝෂණය අසාර්ථක බව කිව හැක්කේ ආණ්ඩුවට කත් අදින කුහකයන්ට පමණක් යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අද (6) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


එබැවින්  ජනබල උද්ඝෝෂණය අසාර්ථක බවට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය කනගාටු නොවන බවද එම නිවේදනයේ සඳහන් වේ.


එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.


රට අඳුරු යුගයක් කරා රැගෙන යමින් තිබෙන යහපාලන ආණ්ඩුවට එරෙහිව තවත් එක් දැවැන්ත ජනතා විරෝධයක් කොළඹ දී පවත්වන්නට ලැබීම සම්බන්ධයෙන් සතුටු වන්නෙමු. බලයට පත් වී වසර තුනක් තිස්සේ ජාතික සම්පත් විකුණමින්, ජාතික ආරක්ෂාව විනාශ කරමින්, ජනතා මුදල් මංකොල්, කමින් රට අගාධයට ඇද දමන වර්තමාන ආණ්ඩුව, ලක්ෂ සංඛ්‍යාත ජනකායක් කොළඹට එක් රොක් වී දුන් පණිවුඩය තේරුම් ගත යුතු බව අප කල්පනා කරන්නෙමු. 


ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය උද්ඝෝෂණය අසාර්ථක බවට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අපට කනගාටුවක් නැහැ. මන්ද ගල් ගසන්නේ පල ඇති රුකට බව අප හොඳින් දන්නා බැවිනි. කොළඹට රැස් වූ ජනතාව දැක දැකත් උද්ඝෝෂණය අසාර්ථක බව කිව හැක්කේ ආණ්ඩුවට කත් අදින කුහකයන් හට පමණකි. කවුරු කෙසේ කීවත් අද රටේ ජනබලයට ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයට බව නැවත වරක් තහවුරු වී තිබේ. අවලාද නොනගා හැකිනම් පළාත් සභා මැතිවරණය පවත්වන  ලෙස අපි ආණ්ඩුවට අභියෝග කරමු.
 
 



අදහස් (4)

‘උද්ඝෝෂණය අසාර්ථක බව කිව හැක්කේ ආණ්ඩුවට කත් අදින කුහකයන්ටයි’

Saththaya Thursday, 06 September 2018 01:28 PM

සමාජ සේවයේ යෙදෙන අය මහජනයාට අවහිර නොකර, එදිනෙදා ජන ජීවිතය කඩා කප්පල් නොකර ඉන්නවාද දැන්වත්. මොකද කරපු සෙල්ලම් වලට ණය ගෙවන්නේ ජනතාව. ඒ වාගේම පාර්ලිමේන්තු යන්නේ කරන කටයුතු කඩාකප්පල් කරන්න නෙවේ. ඒකත් ජනතාවගේ කාලය විනාශ කරන වැඩක්. මහජන මුදල් නාස්තියක් . අපි මහත්මා ගතිගුණ පුරුදු පුහුණු වෙමු .

:       1754       2365

Shan Friday, 07 September 2018 05:54 AM

මේ කියන කුහක අය කත් අදින්නේ කාටද කියල අපි දන්නවා.

:       413       718

rohana Friday, 07 September 2018 09:12 AM

මේ මන්ත්‍රිතුමෝ... මේක අසාර්ථක තමයි ටිකක් බලන්න අරක්කු බීලා සින්දු කියලා නටන අය නෙවෙයිද එතැන හිටියේ...?

:       620       883

Sathyapala Saturday, 08 September 2018 10:11 AM

ඒකාබද්ධයේ තරම් දූෂිත කුහකයෝ තව කොහෙද ඉන්නේ? බලය නැතුව පිස්සු වැටිලා. දූෂිත දේශපාලකයන්ගේ අරමුණු ඉෂ්ඨ කරගන්න ජනතාව අවියක් කරගෙන කරන වැඩ...

:       465       707

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site