IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


උතුරු නැගෙනහිරට වෙනම ස්වයං පාලනයක් දෙන්න ආණ්ඩුව සියල්ල හදලා අවසන් - පා.ම. මහින්දානන්ද අලුත්ගමගේ

අනීෂා මානගේ

උතුරු නැගෙනහිර පළාතට වෙනම ස්වයං පාලනයක් ලබා දීම සදහා ආණ්ඩුව සියල්ල සූදානම් කර අවසන් බව මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

බෙලිඅත්ත ප්‍රදේශයේ පැවැති ජනහමුවකට අද(13) සහභාගී වෙමින් මන්ත්‍රීවරයා එසේ පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසී්‍ය.

වික්‍රමසිංහ මහත්තයා අලුත් ව්‍යවස්ථාවක් හෙට අනිද්දට පාර්ලිමේන්තුවට දාන්න බලනවා. ඇයි අපිට අලුත් ව්‍යවස්ථාවක්. රටේ මිනිස්සු කියන්නේ බඩු මිළ අඩුකරන්න කියලා. මිනිස්සු ඉල්ලනවද විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය. කන්නද? නැහැ. 2015දී ආණ්ඩුව හදන්න මේ අයට උතුරේ ජනතාව ඡන්දේ දුන්නා. ඒ අයට පොරොන්දු වුණා මේ අයට අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා උතුරු නැගෙනහිර වෙනම ස්වයං පාලනයක් දෙනවා කියලා. දැන් ඔන්න ව්‍යවස්ථාව ගෙනල්ලා පාර්ලිමේන්තුවට දාන්න හදනවා. අය වැය ඔස්සේ අලුත් පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාව එනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කලෝතින් උතුරු නැගෙනහිරට වෙනම ස්වයං පාලනයක් දෙන්න ආණ්ඩුව සියල්ල හදලා ඉවරයි. ඒකේ ඩ්‍රාෆ්ට් එක අපිට ඇවිල්ලා තියෙනවා. වෙනම පළාතට පොලිසියක් තියෙනවා.  අපිට උතුරු නැගෙනහිරට යන්න වෙනම පාස්පෝර්ට් ගන්න වෙයි. අපිට වෙනම අවසර ගන්න වෙයි යන්න. දරුවෝ මැරිලා යුද්ධය නිසා කල සියලු කැපකිරීම් අවසන් වෙලා බන්දේසියක තියලා උතුරු නැගෙනහිර දෙන්න හදනවා.

මහින්ද මහත්තය මැච් එක ගහන්නේ පිච් එක හරිනම් විතරයි. තණ නිල්ල හොද වෙන්න ඕන. පිතිකරුවෝ හරි ස්ථාන වල ස්ථානගත වෙලා තියෙන්න ඕන. හරි පන්දු යවන්නෝ ටික ඉන්න ඕන. එහෙම වුනොත් තමයි මහින්ද මහතත්තයා මැච් එක ගහන්නේ. මහින්ද මහත්තය හරි වෙලාවට තණ නිල්ල බලලා, ක්‍රීඩකයෝ දාලා, මැච් එක ගහලා මේ රට හරි මඟට ගෙනියනවා. ඒක කාටවත් නවත්තන්න වෙන්නේ නැහැ.



අදහස් (8)

උතුරු නැගෙනහිරට වෙනම ස්වයං පාලනයක් දෙන්න ආණ්ඩුව සියල්ල හදලා අවසන් - පා.ම. මහින්දානන්ද අලුත්ගමගේ

Saththaya Saturday, 13 October 2018 02:26 PM

දැන් කරන්න යන්නේ කාල කාල බඩ පැලෙන්න යන බොරු කියලා ආණ්ඩුව පෙරලන්න. ඕවට රැවටෙන්නේ පුරුදු කරපු එතනෝල්, කුඩු සහ ගංජාවලට ඇබ්බැහි වුණු කට්ටිය....

:       151       629

seetha Saturday, 13 October 2018 03:12 PM

කොහොම හරි 20 අාවොත් හරි!

:       683       1

Suwarisa Saturday, 13 October 2018 06:01 PM

කබර දාලා මදි... කට්ට් හෙන ගහන්න ඕනේ බොරු කියනවට...

:       1       18

Chanak Los angeles Saturday, 13 October 2018 06:09 PM

නිරායුධ පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය අරන්තලාවේ භික්ෂු ඝාතනය, ජයසිරි මහබෝධී මිනිස් ඝාතනය කළ කොටි දෙවෙනි සන්නද්ධ ඝාතකයාට පක්ෂයේ උපසභාපති දුන්නා නම් ඕක දෙන එක ප්‍රශ්නයක්ද?

:       0       312

rohana Sunday, 14 October 2018 12:24 AM

මේ වගේ අයට ඡන්දෙ දෙන අයට බු වල්ලෙන් තලන්න ඕන .............

:       0       470

dhamneth Tuesday, 16 October 2018 04:50 AM

අපේ ආත්තම්මා කියනවා ඔය උතුරු නැගෙනහිරට වෙනම පාලනයක් රට බෙදනවා කියනවා වගේ කතන්දර බන කතා සුරඟන කතා වගේ පරම්පරාවෙන් පරම්පරාවට අසන්ට ලැබෙන කතාලු. ආත්තම්මලා කුඩා කාලෙත් ඔය රට බෙදන කතන්දර අහන්න ලැබුනලු.

:       16       14

Sugath Tuesday, 16 October 2018 05:06 AM

අපෝ කියන බොරු. තාම මහින්දට කඩේයනවා වගේ.

:       0       147

Thushara Friday, 19 October 2018 08:37 AM

ඔව් අනිවා එක වෙනවා. ඔබතුමාට පින් කලින් දැනුවත් කිරීම ගැන... ඒ වගේම මම ඉල්ලනවා ඔබතුමාලා බලයට ආවම පුන්නක්කු මිල අඩු කරලා අපිට සහන දෙන ලෙස. ස්තුතියි...

:       0       318

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site