IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ඇමැති ෆොන්සේකා මාධ්‍යවේදීන්ට තර්ජනය සුළුවෙන් තැකිය නොහැකියි’

නාලක සංජීව දහනායක
 
අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ලංකාදීප හා නෙත් නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම කිසිසේත්ම සුළුවෙන් තැකිය නොහැකි යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අද (19) පැවසීය.      

    
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද කීය.


එමෙන්ම මාධ්‍යයත් එක්ක ගනුදෙනු කිරීමේදී අපි කවදාවත් වෛරී චේතනාවෙන් කටයුතු කරන්නේ නැහැ. නමුත් සරත් ෆොන්සේකා මහත්තයා නෙත් නිව්ස් වෙබ් අඩවියට හා ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදීන්ට බැන වැදුණ හැටි මුළු රටම දැක්කා. කැලණිය ප‍්‍රදේශයේ යම් යම් පුද්ගලයන් තමන් සමඟ විවිධ ගමන් ගිය බව ඔහුම පිළිගන්නවා. 


මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම, එක්නැලිගොඩ අතුරුදන් වීම, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය වීම වැනි කරුණු ගැන අපිට සුළුවෙන් හිතන්න බැහැ. මේ හැම සිදුවීමක් සම්බන්ධයෙන්ම සරත් ෆොන්සේකා මහත්තයාගේ නම කියවෙනවා. ඒ නිසා මේ තර්ජන ගැන අපිට සුළුවෙන් හිතන්න බැහැ.


එවැනි පුද්ගලයෙක් යහපාලන ආණ්ඩුවේ ඉඳගෙන මාධ්‍යයට තර්ජනය කිරීම යහපාලන ප‍්‍රතිපත්තිය නෙවෙයි. මහින්ද රාජපක්‍ෂ මහත්තය ළඟ හිටියේ මාධ්‍යවේදීන්, සරත් ෆොන්සේකා මහත්තයා ළඟ ඉන්නේ පාතාල සාමාජිකයන්. අනුරාධපුර සිද්ධියේදිත් කැබිනට් අමාත්‍යවරයකුගේ නමක් ගැන අසාධාරණයට ලක්වූ පාර්ශවයෙන් කියන්න උත්සාහ ගත්තා.

නමුත් තර්ජන නිසා ඔවුන්ට ඒ නම කියාගන්න බැහැ. යහපාලන ආණ්ඩුව යටතේ ඇමැතිවරුන්ට මෙහෙම හැසිරෙන්න ඉඩදිය නොහැකි යැයිද කීය.


ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (19) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
 



අදහස් (4)

‘ඇමැති ෆොන්සේකා මාධ්‍යවේදීන්ට තර්ජනය සුළුවෙන් තැකිය නොහැකියි’

rohana Thursday, 19 July 2018 01:19 PM

මේ මන්ත්‍රීලා මැරිලා ඉපදුන අය වගෙයි හැසිරෙන්නේ කතා කරන්නේ. දැන් මාධ්‍ය නිදහස් ඕන තරම් නමුත් ඒ දවස් වල?

:       220       367

Bamunuarachchi Thursday, 19 July 2018 10:52 PM

Rohana ඒ කාලේ තර්ජනය කල නිසා මෙකාලෙත් තර්ජනය කොරන්නද කියන්නේ? මොකක්ද හලෝ එකතාව? මාද්‍ය නිදහස තිබෙනවානම් මොනබම්බුවකටද තර්ජනය කොරන්නේ.

:       419       152

Bamunuarachchi Thursday, 19 July 2018 10:55 PM

පොන්සේකාත් කොහොමත් ඉඳලා හිටලා ඔලුවේ හලා ගන්නවානේ

:       230       1

එර්දි Friday, 20 July 2018 09:47 AM

බමුණුආරච්චි, ජෙනරල් ෆොන්සේකා දකින්න කලින් මේ ගැන කතා කරන කෙනා ගැන දකින්න. මෙයා පස් ව්‍යාපාරයේ පාතාලයෙක් දැක්කේ නැද්ද? රන්ජන් රාමනායකට ප්‍රසිද්ධියේ මරණ තර්ජන කරනවා. එහෙම නොදකින්න විදිහක් නෑ. ඕනෙ කුණු ගොඩකට හොම්බ දාන එක ඔහෙගේ පුරුද්දක්නේ...

:       0       106

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 806 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site