අනතුර තමන් ළඟ නොසිටි මොහොතේ ආසියාවේ ලංකාව වැනි රාජ්‍යයන්ට මානව හිමිකම් පිළිබඳ පාඩම් ඉගැන්වීමට ආ බටහිර ජාතීන් සර්පයා දෂ්ට කරන විට මානව හිමිකම් කඩකර හෝ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පසුබට නොවන බව කියමින් කතාව වෙනස් කර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (22) පාකිස්තානයේදී පැවැසීය.
ලොව බිහිසුණුම ත‍්‍රස්තවාදීන් ලෙස එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීමේදී හමුදා සතුව තිබූ දැඩි අධිෂ්ඨානය ගැන එවකට සිටි සේනාධි නායකයා ලෙස තමා ආඩම්බර වන බවත් ශ්‍රී ලංකාවේ ජනතාව ඒ වෙනුවෙන් කළ කැප කිරීම් සදා අගයන බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පාකිස්තානයේ පැවැති සාමය සඳහා වූ ශ්‍රී ලාංකික අරගලය සහ එහි පාඩම් මැයෙන් පැවැති සමුළුවේ ප‍්‍රධාන ආරාධිත දේශනය පවත්වමිනි.
පාකිස්තානයේ ආරක්ෂක අධ්‍යාපන සහ පර්යේෂණ ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව ඉස්ලාමාබාද්හි සෙරේනා හෝටලයේදී පැවැත්විණි.
යුද්ධය අවසන් කිරීමේදී පාකිස්ථානය, චීනය සහ ඉන්දියාව ප‍්‍රමුඛ රාජ්‍යයන් කළ මෙහෙවරද හිටපු ජනාධිපතිවරයාගේ ඇගැයීමට ලක්විය.
සභාවෙන් ඉදිරිපත්වූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා එවකට දිවි පරදුවට තබා දේශය රැුකගත් හමුදාවට ඩයස් පෝරාවේ සහ බටහිර බලපෑම් හමුවේ වර්තමාන පාලකයින් විසින් කරනු ලබන කෙනෙහිලිකම් පිළිකුලින් යුතුව බැහැර කරන බවද කීවේය.
ත‍්‍රස්තවාදියාට තේරෙන භාෂාවෙන් උත්තර දිය යුතුයි. හොඳ ත‍්‍රස්තවාදියා නරක ත‍්‍රස්තවාදියා කියා බෙදන්න එපා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පරම සතුරා ත‍්‍රස්තවාදය බව මොහොතකට හෝ අමතක කරන්න එපා ...” යැයිද හිටපු ජනාධිපතිවරයා කීවේය.
මෙම සමුළුවට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, හිටපු විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් යන මහත්වරුද පසුගිය වසර තිහක කාලය තුළ ශ්‍රී ලංකාවේ පාකිස්තාන කොමසාරිස්වරුන් ලෙස සේවය කළ පිරිසක්ද එරට අමාත්‍යාංශ ලේකම්වරුන් ඉහළ හමුදා නිලධාරීහු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු සහ මාධ්‍ය ආයතන ප‍්‍රධානීහුද සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආසියාකරයට පාඩම් උගන්වන්න ආ බටහිර ජාතීන් දැන් තනුව වෙනස් කරලා
Ratawasiyek Friday, 23 June 2017 05:55 PM
දැන්වත් ගුණයහපත් අය සමග එකතු වෙන්න... ඔබතුමා අපට තවමත් රජතුමෙකි...
rohana Saturday, 24 June 2017 02:06 AM
අන්තිමට යුද්දේ ඉවර කලේ ෆොන්සේකා මහත්තයා වුණාට ඒක සැමරුවෙත්, ලකුණු දා ගත්තෙත් මෙතුමායි. අන්තිමට ෆොන්සේකා මහත්තයාට බන්ධනාගාරයටත් යන්න සිදුවුණා.
වින්සන්ට් Sunday, 25 June 2017 10:11 PM
ත්‍රස්තවාදයක් ගොඩ නැඟීමට හේතුවක්ද තිබිය හැකිය. මර්ධනයේ වීරයන් දකිනවා වගේම ප්‍රශ්නයට විසඳුම් සොයන වීරයන් නොදකින්නේ එයත් බඩ වඩාගැනීමේ මාර්ගයක් වී ඇති නිසාද? අවුරුදු 69 ක් හොර තක්කඩි දේශපාලකයන් වඳ කිරීමට නොහැකි තැන, ඉවසීම ඉක්මවා යන කොටස්ද සිටින්නට පුළුවන. ත්‍රස්තවාදයට වගකිව යුත්තෝ සැප විඳින පාලකයන්ම නොවන්නේද?
kumar (galf) Monday, 26 June 2017 07:47 AM
ඔබතුමා හොඳයි, ඔබතුමාගේ නමින් පිරිසට රට කරවන්න දීපු එක තමයි හේනේට හේතුව...