IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘ආර්ථික අර්බුධය විසඳන්න මහ මැතිවරයක් ඕනෑ‘

 ( නාලක සංජීව දහනායක)

ඇතිවී තිබෙන බරපතළ ආර්ථික ආර්බුධ විසඳීම සඳහා දිය හැකි හොඳම විසඳුම වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පැවැත්වීම යැයි අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද(25) පැවසීය. 

නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා ආණ්ඩුව යෝජනාවක් ගෙන එන්නේනම් ඒ සඳහා කොන්දේසි විරහිතව සහය දීමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් යැයිද මන්ත‍්‍රීවරයා කීය.

මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.

රුපියල අවප‍්‍රමාණයවීමත් සමඟම රටේ දැවැන්ත ආර්ථික පසුබෑමක් ඇතිවෙලා. මේ ආර්ථික අර්බුධය ඇතිවුනේ ආණ්ඩුවේ වරදින්. ඇමරිකානු ආර්ථිකය ශක්තිමත්වීම නිසා ලංකාවේ ආර්ථිකය දුර්වලවෙන බව රජය කියනවා. රුපියල ස්ථාවරකරලා ආර්ථික අර්බුධයෙන් ගොඩඒමට සැළසුම් සකස් කරනවා මිස ආණ්ඩුව නිදහසට කරුණු කියනවා. තමන්ගේ නිෂ්පාදකයන් ආරක්‍ෂාකරගැනීම නිසා ඇමරිකානු ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඒ බව මහබැංකුව රජයට දැනුම්දී තිබෙනවා. නමුත් ඒ තත්ත්වයට මුහුණදීමට අපේ රජයේ කිසිම සූදානමක් තිබුණේ නැහැ. එවැනි තත්ත්වයක් සඳහා මුහුණ දීමට ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙලක් තිබුනෙත් නැහැ.
 

 



අදහස් (2)

‘ආර්ථික අර්බුධය විසඳන්න මහ මැතිවරයක් ඕනෑ‘

dhamneth Thursday, 27 September 2018 02:30 AM

මේ කාර්යට දැනට පාලනයේ සිටින හෝ කලින් පාලනයේ සිටි ඇත්තන් නැවත පත්කරගෙන හරියන්නේ නැහැ. අලුත්ම අලුත් කට්ටියක් පත්කරනවා හැර. මතකද විමල් වීරවංස ආර්ථිකය විනාශයි අසවල් අසවල් අය මහා බැංකුවෙන් හා මහා භාණ්ඩාගාරයෙන් ඉවත්කරන්න කියා කැබිනෙට් රැස්වීම් පවා වර්ජනය කරමින් සිටිය එකෙන් පෙන්නේ ආර්ථික අර්බුදය පසුගිය කාලයේ සිට එන එකක්.

:       0       7

කල්ප Thursday, 27 September 2018 08:42 AM

මහ මැතිවරණ තියා ආර්ථික අර්බුධ විසඳන්න පුලුවන් නම් වසරකට දෙකක්වත් මැතිවරණ තියල රට ගොඩනගන්න. කටයුතු කිරීම සුදුසුයි. මේවගේ පුද්ගලයින් පාර්ලිමේන්තුවේ සිටින තාක් මෙම රට හදන්න බැරිවේවි..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site