
(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී පැවසීය.
නව බදු ක්‍රමය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම මත ක්‍රියාත්මක බවත් එමගින් රටේ ආර්ථිකයට වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණු ඉටු වන බවත් රණවක මහතා සඳහන් කළේය.
නව බදු ක්‍රමයේ බොහෝ අංග හිටපු රනිල් වික්‍රමසිංහ යෝජනා කළ ක්‍රමයට සමාන බවත් වෘත්තිකයන්ට පනවා ඇති නව බදු මගින් ඔවුන්ට විශාල බරක් පැටවීමෙන් රටේ ආර්ථිකයට අහිතකර බලපෑමක් ඇති කළ හැකි බවත් ඔහු පැවසීය.
එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා තවදුරටත් මෙසේද කීවේය.
“මැතිවරණයට පෙර ආණ්ඩුවේ ආර්ථික උපදේශකයන්, ආණ්ඩුවේ ප්‍රකාශකයින් අගමැතිතුමිය මේ හැමෝම කිව්වේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක රටට වාසිදායක වෙන ආකාරයේ කොන්දේසි සාකච්ඡා කරනවා කියළා. මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳව තියෙන සූත්‍රය අපි වෙනස් කරනවා කියන එක එතුමන්ලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ලිඛිතව එතුමන්ලා ඉදිරිපත් කළා. දැන් ඒ ගැන ජනාධිපතිතුමිය හෝ අගමැතිතුමිය කිසිම සද්දයක් නැහැ. දැන් අර රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ සූත්‍ර පාඨය අනුව ගමන් කරනවා. 2025 වසරේ ආසන්න වශයෙන් රු. බි. 4300 - 4400 අතර ආදායම් ඉලක්කයක් ළඟා කරගත යුතුයි. ගෝඨාභය පාලන කාලය 2020 අපේ බදු ආදායම තිබුණේ බිලියන 1300 ක් වගේ අමතර වැඩි මනත් වශයෙන් මේ වසරේදී බිලියන 3000 ක් පමණ හොයාගන්න ඕනේ. වෙන වචන වලින් කියනවා නම් හැම පුද්ගලයෙක්ගෙන්ම ආසන්නයෙන් රු. 136,000 ක්, 2020 ට සාපේක්ෂව මේ වසරේ වැඩි මනත් වශයෙන් බදු අයකර ගත යුතුයි. ඒ ඉලක්කය සපුරා ගැනීම සඳහා තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ. ඒ වගේම ආණ්ඩුවට ප්‍රාග්ධන වියදම් ඇතුළු වියදම් පාලනය කරන්න සිද්ධ වෙනවා. ඇතැම්විට අපි ඇහෙනවා ආණ්ඩුවේ උපදේශකයින්ගෙන් රාජ්‍ය සේවකයින්ගෙන් හයලක්ෂයක් ගෙදර යවන්න ඕනේ කියලා. අපි දන්නේ නැහැ මොකක්ද කරන්න යන්නේ කියලා.”

COMMENTS
පැරදුනානම් ගෙදරට වෙලා පාඩුවේ ඉන්නවා. වද නොදී. තව අවුරුදු පහකින් පස්සේ එනවා. හරි වැරදි බලන්න.
IMF ආයතනය වෙත 17 අවස්තාවකදී ණය ලබාගෙන ඇත. එය තව දුරටත් සිදුවේ. පසුගිය දසක ගණනාවක IMF ආයතනයේ කොන්දේශි මත සහ ඔවුන්ගේ එකග තත්වයන් මත නය ලබාගත්තද, IMF ආයතනය සමග තිබු සම්බන්දත්වයන් සහ නය ලබාගැනීම් සහ IMF කොන්දේශි එකගත්වයන් සිදුවුයේ නිහඩවය. දසක ගණනාවක් මේ ආකාරයට විදෙස් නය ලබාගනිමින් පාලනය වූ රට 2022දී ආර්ථිකමය සහ සමාජීය වසයෙන් කඩාවැටී නතරවිය. IMF ආයතනයේ an authentication assurances නොමැතිව කිසිදු රටකින් නායක ලබාගැනීමට පවා අසීරු තත්වයකට රට වැටි තිබිණි. ශ්‍රී ලංකාව පිළිබද ගෝලීය ආයතන මෙන්ම අසල්වැසි රටවල් සහ බටහිර රටවල පවා විස්වාසය පලුදුවී තිබිණි. වර්තමාන විපක්ෂය මෙන්ම එදා විපක්ෂයද දේශපාලන වේදිකාවේදී රටේ ආර්ථිකය පිළිබද අදහස් දැක්වුවද රටේ ආර්ථිකය සහ ජනජීවිතය මුළුමනින්ම කඩාවැටුණු අවස්ථවේ ඉදිරිපත් නොවිය. අර්බුද ඇතිවූ අවස්ථවේ රටේ නායකයන් ඉවත්වෙද්දී විපක්ෂ නායක ( චම්පික රණවක වරෙක කැමති සහ අකමැති ) සජිත් සහ ඔහුගේ ආර්ථික කණඩායම රටේ රජය පාලනයේ වගකීම බාරගත යුතු උවත් ඔවුන් සියල්ලෝම කියා සිටියේ රට නැවත ගොඩනැගිය හැකි පරිදි කඩාවැටී ඇති බවකි.
කවුරුන්හෝ භාර ගන්නේ නම් IMF කොන්දේශි වලට යටත්වීමට සිදුවන බවකි. කිසිවකු ඉදිරිපත් නොවන අවස්තාවක් රනිල් ඉදිරිපත්ව ඔහුට හැකි පමණින් ඉන්දියාව සමග සාකච්චා කර හදිසි අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සදහා මුදල් ලබාගැනීම සිදුවිය. ඉන්දන සහ ගෑස් අහාර මිලදී ගැනීමට හැකිවූයේද ඉන්පසුවය. ඉන්පසු IMF සමග සාකච්චා කර රටේ ආර්ථිකය ක්‍රමයෙන් ශක්තිමත් කරමින් කඩාවැටුණු රටට සහනයක් ලබාගැනීමට ඔහු කටයුතු කළේය. ලෝකයේ ගෑස් OIL ඇතුළු සම්පත් බහුල රටවල පවා ඉහල බදු අයකරයි. බදු නොමැති රටක් දියුණු කල නොහැකිය. බදු අයකිරීම් යනු රටේ ජනතාවගේ ඍජු සම්බන්දයක් රජය සමග ඇතිවීමකි. දියුණු රටවල අදායම් බදු, VAT, School tax, property tax ඇතුළු බදු අයකර ගැනීමේ ක්‍රමවේද හදුන්වා දී තිබේ. එම බදු මගී ප්‍රාදේශීය මට්ටමේ සිට මධ්‍යම රජය දක්වා සිදුවන ක්‍රියාවලියක් තිබේ. එය දේශපාලකයන් මැදිහත් නොවන රාජ්‍ය මගින් සිදුවන ක්‍රියාවලියකි. වෙනත් දේශපාලන පක්ෂ හෝ ආණ්ඩුවලට චෝදනා කරමින් ඔවුන්ගේ ක්‍රියාවලිය විවේචනය නවතා ලංකාවේ ආර්ථික කඩාවැටී ඇති පසුබිමක බදු නොමැතිව රටේ ආර්ථිකය ඉදිරිය ගෙන යනු ලබන්නේ කෙසේද කියා චම්පික ඔහුගේ විසදුම රටට පැහැදිලි කලයුතුවේ .
රටක පවතින ආර්ථික හෝ වෙනත් සමාජීය ගැටළු සදහා අවශ්‍ය වන්නේ විසදුම් මිස චෝදනා හෝ විවේචන නොවේ. වර්තමාන ආණ්ඩුව ( අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රමාණය ඉක්මවූ සේවකයන් ) ලක්ෂ 6ක් රාජ්‍ය සේවකයන් ඉවත් කර රජයට මුදල් ඉතිරි කරගැනීමට චම්පික විරුද්ද වන්නේනම් සිමාව ඉක්මවා රජයේ සේවයේ සිටිනා සේවකයන් පිලිබදව චම්පික බලයේ සිටියේනම් ගන්න තීන්දුව කුමක්ද ? චම්පික ලංකවේ ජනපති හෝ මුදල් ඇමතිකමේ සිටින්නේනම් රටේ ආර්ථිකය ගොඩනැගීමට ඔහු ලබදෙන්නාවූ විසදුම් මොනවද යන්න රටට පැහැදිලි කිරීම ඔහු සිදුකල යුතුවේ. මේ වන විට රටේ ජනජීවිතයට සහ කෘෂිකර්මාන්තයට දැඩි පීඩනයක් සහ හානි කරනාවූ වනසතුන්ගෙන් ( අලින්, මොනරුන්, රිලවුන් )වන කෘෂි හානිය වසරකට බිලියන 50කි. වගා හානි වලක්වා ගැනීමට චම්පික රණවක ලබදෙන්නාවූ විසදුම් රටට පැහැදිලි කලයුතුවේ. ලංකාවේ සිටිනා පුරවැසියන්ගෙන් 40% ගොවින් වේ. දේශපාලනයට කවුරුන්හෝ පැමිණෙන්නේනම් පවතින ගැටලුවලට විසදුම් ලබාදිය යුතුව ඇත. විසදුම් නොමැතිව දේශපාලනයට බොහෝ දෙනෙකු ඔවුන්ගේ අවශ්‍යත්වය අනුව පක්ෂ මාරු කිරීම වර්තමාන දේශපාලනයේ ලංකවේ සිදුවන කෙදවචකයකි. සහ චන්දය ලබාදුන් පුරවැසියනට කරන්නා වූ බලවත් අසාදරණයකි..
මෝඩයා
අපේ රටේ කයිවාරු කාරයන්ගෙන් නම් අඩුවක් නෑ.
ආන්ඩුවට බදු ක්‍රමයක් නෑ. තියෙන්නේ තමුන්ට චන්දෙදී උදවු උපකාර කරපු ජාවාරම් හොර නඩේ පිනවන ක්‍රමයක්.
මට මේ මනුස්සයව හම්බ වුනා දැනට අවුරුදු 2 කට විතර කලින්, ඒ අවස්ථාවේදී, රනිල්ව සහ ගොටාභයව දැඩි ලෙස විවේචනය කලා, බදු කැපිල්ලට සහ IMF එකට යාම ගැන සහ රට බංකොලොත් කිරීම ගැන. දැනුමක් තියෙන පුද්ගලයෙක් ඒ වුනාට චාරයක් නැහැ. බලය ගැනීම පමණයි හිතන්නේ. සජිත්ට, චම්පිකට මේ ඔක්කොටම වුනේ ඒක. මොකද කරන්න ඕනේ කියල එකෙක් වත් කියන්නේ නැහැ. විවේචනය විතරයි. රනිල් කිව්වා වගේ වෙන මාර්ගයක් නැහැ IMF එක ඇරෙන්න. රජයට ආදායම ඕනේ. ලංකාවට අනෙක් රට වලට වගේ mining සහ විශාල වියාපාර නැහැ බදු ආදායමට සහ Royalty ගැනීමට, එකම ක්‍රමය ආදායම් බදු, භාණ්ඩ හා සේවා බදු, මේක මේ හොර දෙශපාලුවෝ එකෙක් වත් ජනතාවට පහදලා දෙන්නේ නැහැ.
මොකද අප්පේ මේ......හිටිය ගමන් මහජනතාව මතක් වෙලා.....ගෙදරට වෙලා පාඩුවේ ඉන්නව හලෝ.....
තමුන්ලා බලයේ හිටපු කාලේ කරපු හරිය ගැන අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.
අන්න සූරියප්පෙරුම මහත්තයාත් මැරිලා... කියන්න තියෙන දෙයක් දැන්ම කියන්න. නැතිනම් අපායේදී දුක්වෙන්න වෙයි...!
දවසේ වේල හොයාගන්න පචයක් කෙලිනවා, බදු නැතුව රට දුවන්නේ මොන ලෝකෙද?
රටට බරක් නොවී මකබෑවෙනවාද?
පදුරු අස්සේ හැංගිච්ච නරි දැං ටිකටික එලියට ඇවිත් හොක්කිහෝ කියන්න පටං අරං!
නැහැ අපිට නම් බරක් නැහැ .ඔයාට බරද ?අපි වෙලාවට ටැක්ස් ගෙවනවා
ඔයාලා දැන් අවලංගු කාසි බවට පත්වෙලා ඉන්නේ
දැන්ද බාර වුණේ? රනිල්ට පන්දම් අල්ලන කාලේ බර වැඩි බව තේරුණේ නැද්ද ඔල මොට්ටලයෝ.
අර වාහනයට යටකරලා අබ්බගාතයෙක් කරපු අර තරුණ ළමයට යමක් කරනවා හලෝ ලොකු ටෝක් නොදා
මේවගේ අවලංගු අය කියන ගොබ්බ ප්‍රකාශ වලින් වැඩක් නැහැ.
මෙයා හොඳයි ලී පාට කරන්න...