IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


‘ආණ්ඩුව හදන්නේ රටේ සම්පත් කොල්ලකන්නයි‘

(*** අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව සතුව ඇමෙරිකාවේ තිබෙන ඩොලර් මිලියන 4,500ක් වටිනා සුරැකුම්පත් උකසට තබා එරටින් ඩොලර් මිලියන දහසක් ගැනීමටත් ඉදිරි මැතිවරණයෙන් පසු එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීමටත් ආණ්ඩුව තීරණය කර තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රත්නපුරයේ පැවැති ජන හමුවේදී ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධව කරන ප්‍රකාශය වැරදි නම් ඒ පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි වහා රටට හෙළිකළ යුතුව ඇතැයි ද’ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.

මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් රත්නපුර - උදාර හී පැවැති ජන හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

ටයිටැනික් ආර්ථික අර්බුදයට විසඳුමක් නැති නිසා පොහොට්ටු ආණ්ඩුව රටේ සම්පත් පිට රටවලට උකස් තියන්න සැලසුම් හදමින් සිටිනවා. එපමණක් ද නොව එම්.සී.සී. ගිවිසුමත් අත්සන් කරන්න ක්‍රියා කරගෙන යනවා.

වත්මන් පාලකයන්ට ආර්ථිකය හසුරුවන්න හැකියාව නැහැ. මේ අයට කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීමට හැකියාව ද නැහැ.
අද වනවිට රටට ඩොලර් මිලියන 7000ක විදේශ විනිමය අහිමි වී ගිහින් තිබෙනවා. ඇඟලුම් කර්මාන්තයෙන්, සංචාරක ව්‍යාපාරයෙන්, මැද පෙරදිග ආදායම් වලින් හා වෙනත් මාර්ග වලින් ලැබෙන මුදල් වලින් මෙලෙස ඩොලර් මිලියන 7000ක් අඩුවී තිබෙනවා.

මේ තත්ත්වය මත ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යෑමට නොහැකියි. ආණ්ඩුව පවත්වාගෙන යෑමේ මාර්ගයක් නැහැ. ආනයන සියල්ල තහනම් කරලා. මේ නිසා රටේ කර්මාන්ත බහුතරයකට ඉන් පහර වැදී තිබෙනවා.

කර්මාන්ත බොහෝමයකට මේ නිසා අමුද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකි වී තිබෙනවා. මෙරට තේ නිෂ්පාදනය කර අපනයනය කළත් තේ පැකට් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය විදේශ රටවලින් මෙරටට ආනයනය නතර කිරීම නිසා ඒ අමුද්‍රව්‍ය ගැනීමට නොහැකි වී තිබෙනවා. තේ නිෂ්පාදකයන් මෙන්ම අපනයනකරුවන් මේ තත්ත්වය මත දැඩි අපහසුතාවලට මුහුණපා සිටින බව කිව යුතුයි.

මේ ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යන්න බැහැ. රටේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවට සැලැස්ම, වැඩපිළිවෙළ නැහැ. රටේ ආර්ථිකයත්, ගෙදර ආර්ථිකයත් ශක්තිමත් කර ජනතාවට යහපත් ජීවන තත්ත්වය උදාකර දිය හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණයි. ඒ ප්‍රතිපත්ති තුළින් රට ගොඩ ගන්න අපට ඡන්දය දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

රට දියුණු කිරීම සඳහා මිත්‍ර ජාත්‍යන්තර රටවලින් ආධාර උපකාර අපට ගත හැකියි. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද මුදල් ගැනීමේ හැකියාව අපට තිබෙනවා.

අපේ සැලසුම වී තිබෙන්නේ රට මුහුණපා ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ඩොලර් මිලියන 6000ක් සොයා ගැනීමයි. එය අපට පහසුවෙන් කළ හැකියි. ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ දැමීම සේම, රැකියා අහිමිවන අය වෙනුවෙන් මසකට රුපියල් 10,000ක දීමනාව දීමට සැලසුම් කර එය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයටද ඇතුළත් කර තිබෙනවා.

මෙම මුදල් යොදවා රටේ ව්‍යාපාර නඟාසිටුවීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ අතර ප්‍රධාන තැනක් මැණික් ව්‍යපාරයට හිමි වන බව කිව යුතුයි. තව වසරක් වැනි කාලය ගතවන තෙක් හැම ව්‍යාපාරිකයකුටම තම ව්‍යාපාර පවත්වා ගෙන යාමේ ගැටලු මතු වෙනවා. ඒ අයට අප උදව් උපකාර කර විදේශ විනිම මාර්ග වැඩි කර ගැනීමද අපේ අරමුණ වී තිබෙන බව කිව යුතුයි.

අද තිබෙන ටයිටැනික් අර්බුදයට මුහුණ දීම සඳහා ඇමෙරිකානු මහා බැංකුවේ,

නිව් යෝර්ක් ශාඛාවෙන් ඩොලර් මිලියන 4500 ඉල්ලා තිබෙන බව භාණ්ඩාගාර ලේකම් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ සඳහා ලංකාවට අයත් ඇමෙරිකාවේ තිබෙන වත්කම් උකස් කරන්න යනවා. ජනතාව රත්රන් බඩු උකස් කරනවා. කරාබු උකස් කරනවා. අද මේ ආණ්ඩුව ඇමෙරිකාවේ තිබෙන අපේ රටේ සුරැකුම්පත් එරට මහ බැංකුවට උකස් කරනවා. මේ අනුව ඩොලර් මිලියන 4500ක් වටිනා අපේ සුරැකුම්පත් සියල්ල උකසට තබන්න ආණ්ඩුව සැලසුම් කරලා. එලෙස සම්පත් උකස් කර ඩොලර් මිලියන දහස ගැනීම ආණ්ඩුවේ අරමුණයි.

එහෙත් මුදල් ආපසු ගෙවා සුරැකුම් බේරා ගන්න ආණ්ඩුවට මුදල් නැහැ. ගෙවීමට නොහැකි නම් උකසට තබන සුරැකුම් රටට අහිමි වනවා නේද? මේ මුදල් ගෙව්වත් ඒවා නැවත ගන්න ලැබෙන්නේ මිල නියම කරන ලද වැඩි මිලකට බව කිව යුතුයි. මෙය  පොහොට්ටු සන්ධානයේ භාෂාවෙන්ම කියනවා නම් අප රටේ සම්පත් පිට රටවල්වලට උකස් කිරීමයි.

මේ ආණ්ඩුව පසුගිය මහ මැතිවරණයේදී එම්.සී.සී ගිවිසුම අත්සන් නොකරන බව ප්‍රකාශ කළත් එය අත්සන් කරන්න මේ වනවිට එකඟ වෙලා. ආණ්ඩුවට හිතුමතේට ගිවිසුම්වලට අත්සන් කළ නොහැකියි. ඒවා අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත යුතුයි. ඒත් මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට හොරෙන් එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා.

මගේ ප්‍රකාශය වැරදි නම් ආණ්ඩුව වහාම සිය ස්ථාවරය රටට ප්‍රකාශ කළ යුතුයි. එලෙස ප්‍රකාශ නොකර තවදුරටත් නිහඬව සිටිනවා නම් එයින් සනාථ වන්නේ එය නිවැරදි කිරීමට නොහැකි බව නොවේද?

මේ ආණ්ඩුව ජනතාවට සියල්ල වසන් කරමින් මුදල් ගැනීමට උත්සාහ කළත් එලෙස ගන්නා මුදල් නැවත ගෙවිය යුතුයි. එසේ නම් ඒ කටයුතු විනිවිද භාවයෙන් යුක්තව කළ යුතුයි.

අද රට මුහුණපා තිබෙන අර්බුද වලින් ගොඩ ගැනීමට නම් විශාල වැඩ කොටස සිදු කළ යුතුයි. ඇඟලුම් කර්මාන්තය නැවත නගාසිටුවිය යුතුයි.

වසා දමා තිබෙන ඇඟලුම් කර්මාන්ත ශාලා යළි විවෘත කරන්න අද හැකියාව නැහැ. සංචාරක ව්‍යාපාරය නගාසිටුවිය යුතුයි. ගුවන් සේවා යළි ආරම්භ කළ යුතුයි. මෙවැනි අභියෝග සමග තවත් වසරක් ගතවන තෙක් රටේ ආර්ථික තත්ත්වය පවත්වා ගෙන යන්නේ කෙසේද කියා අප බැලිය යුතුයි.

ආහාර වලින් රට ස්වයංපෝෂිත කරන බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. අද රට සහලින් ස්වයංපෝෂිතයි. තවත් සහල් නිෂ්පාදනය වැඩි කළොත් වන්නේ කුමක්ද? එයින් මෝල් හිමියන්ට වාසියක් අත්වනවා. එහෙත් ගොවියාට පහර වැදෙනවා.

2019 වසරේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු රට සම්පූර්ණයෙන් විනාශ වූ බව ඇතැම් අය ප්‍රකාශ කළා. එහෙත් ඒ වසරේ අගෝස්තු සැප්තැම්බර් වනවිට ආර්ථිකය යළි ගොඩ නැගුවා. ඒ විශ්වාසය අප තුළ තිබෙනවා. ඒ විශ්වාසය නිසාම ලෝකයේ රටවල් අපට උදව් කරනවා.

සියලු වැඩ කටයුතු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තිබිය යුතුයි. අපි පිහිටුවන ඒ ආණ්ඩුවට බහුතර බලය දෙන ලෙස  ඔබෙන් ඉල්ලා සිටිනවා. එහෙම බහුතරය ලැබෙන විට පක්ෂ දෙක තුනක් එකතු කර ගන්න හෝ වෙනත් අය සමග එකතුවී ආණ්ඩු පිහිටුවීමේ හෝ අවශ්‍යතාවය මතු වන්නේ නැහැ.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිතුමා පත්වන ආණ්ඩුව හා කැබිනට් මණ්ඩලය සමග වැඩ කළ යුතුයි. එය 19 වැනි සංශෝධනයේ ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඒ අනුව අප ආණ්ඩුව පිහිටුවා රට මුහුණපා සිටින සියලු අර්බුදවලින් ගොඩ ගැනීමට කැප වෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනහමුව අමතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය, රත්නපුර දිස්ත්‍රික් එ.ජා.ප. අපේක්ෂකයින් වන හසිත මුහන්දිරම්, ලක්ෂ්මන් මුණසිංහ, සිරිපාල කිරිඇල්ල යන මහත්වරුන් ඇතුළු පිරිස ද අදහස් දැක්වූහ.

 



අදහස් (2)

‘ආණ්ඩුව හදන්නේ රටේ සම්පත් කොල්ලකන්නයි‘

Raveendra Friday, 24 July 2020 10:54 AM

ඇත්තටම අපේ මේ "සත්ගුණවත් තුන් ලෝකෙටම කවටයා " වුණු සූත්තර පුංචාගේ කතාවට පුංචාගේ කටේ මසුරං දැමය යුතුයි.."අවාසනාවකට අපට මසුරන් නැතිවුවත් " සූත්තර පුංචාම අපට මීට පෙර බලු පොරවලදී නොමිලේ ලබා දුන්න "බ්‍රේස්ලට් දෙක තුනකුයි වයිෆයි අහුරකුයි කුලියාපිටියේ සෑදූ වොක්ස්වැගන් කාර් එකකුයි " කටේ එබිය යුතුමයි. මක්නිසාදයත් මහබැංකුව කඩා බිඳදමා හොරා කෑවේ සිංගප්පූරු චාලි, රවී ග්‍රහයාට මුවාවී බැවිනි.

:       0       71

chandana Sunday, 26 July 2020 08:10 PM

මොනවා මේ අපේ රනිල් තුමාද,? එතකොට යහපාලනයේ නාමයෙන් මහබැංකුව කොල්ල කෑවේ නැහැ. සහජීවනය මුවාවෙන් සිංහල බුද්ධාගම දෙකේ පන්තියට දැම්මේ නැහැ. එතකොට සුරක්ෂිත රටක මුස්ලිම් ත්‍රස්තවාදීන් බෝම්බ පිපිරෙව්වේ නැහැ. හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කලා ත්‍රස්තවාදීන් නම් හරි අහංසකයි කියලා ජිනීවා වල පිලි ගත්තේ නැහැ. රැකියා දසලක්ෂකයක් දීපු නිසා රැකියා විරහිත කිසිවකුත් ලංකාවේ සිටියේ නැහැ. හාමුදුරුවරු හිරේ දැම්මේ නැහැ. බෞද්ධ සිද්ධස්ථාන විනාශ කලේ නැහැ. මට වැරදුනාද නැත්නම් ඔබතුමාට වැරදුනාද. හැබැයි ඔබ කියන දේ අහලා ජනතාවට වැරදුනොත් නම් ආයෙත් නම් රට ඉවරෙටම ඉවරයි.

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17580 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site