IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ආණ්ඩුව මොනවා කිව්වත් රට කඩාවැටී හමාරයි වගකීම ජනපති බාරගත යුතුයි

(ජයන්ත සමරකෝන්)
 
ආණ්ඩුව මොනවා කිව්වත් කිසිදු පක්‍ෂයකට පාලනය කළ නොහැකි අන්දමට රට බරපතළ ආර්ථික අර්බුදයකයි පවතින්නේ. මෙම වගකීමෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ද මිදිය නොහැකියි. රටේ වර්තමාන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ස්වාධීන බලතල සහිත ජනාධිපති කොමිසමක් වහාම පත් කළ යුතු යැයි 16 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු  මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (28) පැවසීය.
 
රටේ සාර්ව ආර්ථික මූල්‍යයන් පිරිහී ඇති හෙයින් ශ්‍රී ලංකාව තවදුරටත් ණයදීමට නුසුදුසු රටක් යැයි ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ සිතන්නේ නම් ඔවුන් ණයදීම නතර කරනු ඇති බවට මහ බැංකු අධිපතිවරයා විසින් කරන ලද   ප්‍රකාශය ඊට හොඳම සාක්ෂිය යැයි ද පුංචි බොරැල්ල නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා කීය.
 
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
 
මේ කතාවෙන් කියන්නේ කුමක්ද? ගතවූ වසර 3 1/2 තුළ ජාතික ආණ්ඩුව විසින් මේ රටේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය නොකළ බවයි.
 
අද වනවිට රටේ සියලුම ක්‍ෂේත්‍රයන් කඩා වැටිලා. රට පුරා වර්ජන, උද්ඝෝෂණ විසඳුම් නැහැ. තැපැල් වර්ජනයට සති දෙකයි. වගකිව යුත්තෙක් නැහැ. අවසන් විසඳුමක් ද නැහැ.
 
 රට අරාජික වීමේ විශාල අවදානමක් පවතින්නේ. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වහාම වෙනස් කරගත යුතුයි.
රටේ විදේශ විනිමය අනුපාතිකය අතිශයින්ම අවාසනාවන්ත තැනකට වැටිලා.
 
ඉතිහාසයේ ඉහළම විනිමය අනුපාතය වන ඇමරිකානු ඩොලරයකට රුපියල් 161.8ක් ගෙවන්නට වෙලා. වසර අවසන් වනවිට එය රුපියල් 200 දක්වා ඉහළ යා හැකියි.
 
 වත්මන් ආණ්ඩුවේ සිටින ආර්ථික ඝාතකයන් රටට හෙළිකළ යුතුයි. 
රනිල් වික්‍රමසිංහ රජය තම නොහැකියාව පිළිගත යුතුයි. 
 
ආණ්ඩුවේ ඇමතිකම් දරන කාලයේ මේ සම්බන්ධයෙන් මා අවස්ථා ගණනාවක දීම පෙන්වාදී තිබෙනවා.
රජය හිතාමාතා ආර්ථිකය කඩා වැටෙන්නට ඉඩ හැරලා. අයි.එම්.එෆ්. හා ලෝක බැංකුවේ උපදෙස්වලට අනුව රාජ්‍ය ව්‍යාපාර වසා දැමීමේ කුමන්ත්‍රණයකට රජය මැදිහත්වී සිටිනවා.
 
ඉදිරි වසර දෙක තුළ බොහෝමයක් රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය වෙනවා.  වහාම මෙම තත්ත්වය අප පාලනය කළ යුතුයි.
 
රටේ ආර්ථිකය අනර්ථකාරී තැනක පවතින බව පක්‍ෂ-විපක්‍ෂ දෙපාර්ශ්වයම දැනගත යුතුයි. 
 
රටේ සාර්ව ආර්ථික කළමනාකරණයේ දුර්වලතා පෙන්වීම සඳහා සාර්ව ආර්ථික මූලයන් ගණනාවක් යොදාගත හැකියි.
 
 2014 වසර වනවිට සියයට 7.1 මට්ටමේ පැවති රටේ ආර්ථික වර්ධන වේගය 2018 පළමු කර්තුව වනවිට සියයට 3.2 දක්වා පහළට වැටී තිබෙනවා. මෙම ඉලක්කම් පිළිබඳව ද විවිධ විවේචන තිබෙනවා. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ වාර්තාවලට අනුව එය සියයට 2.7කි.
 
2017 වසරේ පළමු කාර්තුව සමග 2018 වසරේ පළමුව කාර්තුව සැසඳීමේ දී උද්ධමනය සියයට 3.2කින් වැඩිවී තිබෙනවා.
 
 අද වනවිට මෙම තත්ත්වය පාලනය කරගත නොහැකි මට්ටමකට පත්වෙලා. 
 
2014 වසර වනවිට අපේ රටේ සේවා වියුක්තිය සියයට 3.7යි. 2017 අවසන් කාර්තුව වනවිට එය සියයට 4.2 දක්වා ඉහළ ගිහින් තිබුණා. රටේ තත්ත්වය මීටත්  වඩා බැරෑරුම්.
 
උපාධිධාරීන් 57,000ක් අද සේවා වියුක්තයි. මේ සඳහා මන්ත්‍රීවරයෙකුට 50 දෙනෙකු බැගින් දේශපාලන පත්වීම් දෙන්නට යනවා. පසුගියදා එවැනි පත්වීම්  5000ක් දෙන්නට ගියා. ජනාධිපතිවරයා ඒවා අවලංගු කළා.
 
 රජයේ ආදායම 2014ට සාපේක්‍ෂව 2017 අවසන් කාර්තුව වනවිට සියයට 53කින් ඉහළ ගොස් තිබෙනවා. බදු ආදායම පමණක් සියයට 59යි.
 
 රජයේ ආදයම ඉහළ නැංවීම හොඳයි. බදු ආදායමෙන් පමණක් ආදායම ඉහළ නැංවීම තුළින් රටේ ආර්ථිකයේ මන්දගාමී බවයි පෙනෙන්නේ.
 
මේ තත්ත්වය යටතේ රටේ ආර්ථිකය කඩා වැටීම වැළැක්විය නොහැකියි. 
2015-2014 දක්වා වසර 9ක් තුළ රුපියල් මිලියන 5200ක ණය අරගෙන තිබෙනවා. 2015-2018 මුළු කර්තුව දක්වා වසර 3ට පමණක් ලබාගෙන ඇති රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් මිලියන 3000ක්.
රාජ්‍ය ආදායමට අනුපාතිකව මෙය සියයට 75 සිට 95.4 දක්වා වැඩිවීමක්. මෙය ඉතා නරක තත්ත්වයක්.
 මේ හේතුවෙන් පොදු කටයුතු සඳහා ආයෝජනය කිරීමට රජයට මුදල් නැහැ.
 
 2017 අවසන් කාර්තුව වනවිට ඇමරිකන් ඩොලර් මිලියන 963 දක්වා විදේශ සෘජු ආයෝජන වැඩිවී තිබෙනවා. 2016 වසර හා සංසන්ධනය කිරීමේ දී එය ඇමරිකන් ඩොලර් මිලියන 46.5ක ඉහළ යාමක්.
 
හම්බන්තොට වරාය බදුදීම තුළින් ලබාගත් පළමු කොටසට ලැබුණු ඇමරිකන් ඩොලර් මිලියන 400 ද ඊට අන්තර්ගතයි.
 
විදේශීය ආයෝජන ආකර්ශනය කරගැනීමට තරම් මට්ටමක අද රට නැහැ. අපේ දේශීය ආයෝජකයන් රට අත ඇරලා වියට්නාමයට බංගලාදේශයට අප්‍රිකාවට ගිහිල්ලා.
 
 මේ තත්ත්වය තවදුරටත් තිබුණොත් 2020 වනවිට අපේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටෙන්නට පුළුවන්.
 මෙම තත්ත්වයෙන් මිදීම සඳහා අප කණ්ඩායම 7 වැදෑරුම් යෝජනාවලියක් රජයට ඉදිරිපත් කරනවා.
 
 ආර්ථිකය හැසිරවීමේ වගකීම එය දැරිය හැකි අයෙකු අතට පත්කිරීම, රජය වහාම මහ මැතිවරණයකට යාම, රනිල් වික්‍රමසිංහ රජය තම නොහැකියාව පිළිගැනීම, රාජ්‍ය සම්පත් විකිණීම රටේ ප්‍රශ්නවලට එකම විසඳුම නොවන බව තේරුම් ගැනීම, රාජ්‍ය සම්පත් විකිණීමෙන් ලැබෙන මුදල් සෘජු විදේශ ආයෝජන බවට කරන බොරුව නැවැත්වීම, රටේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කිරීම, ආණ්ඩුවේ ආර්ථික ඝාතකයන් රටට හෙළිකිරීම ඒ අතර වෙනවා.
 
 මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න හා ඒවාට මන්ත්‍රීවරයා ලබාදුන් පිළිතුරු මෙසේය.
 
ප්‍රශ්නය:- 16 කණ්ඩායමේ මන්ත්‍රීවරුන් ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරන්නට යනවා නේද?
 
පිළිතුර:- හිටපු මහ ලේකම්වරයාගේ කණ්ඩායමක් දමලා ඔය දේ රැස්වීමක දී කියා තිබෙනවා. ජන පදනමක් නැති අය ගෙනැත් කරන ප්‍රකාශ අපට වැදගත් නැහැ. අප ඉන්නේ එජාපය ශ්‍රීලනිප පොදු විපක්‍ෂයේ පොදු ප්‍රගතිශීලී බලවේගයක් ලෙස අපි ඉදිරියට යනවා. 
 
ප්‍රශ්නය:- ආණ්ඩුව වෙනස් කිරිමේ බලවේගයක් හදනවාද?
 
පිළිතුර:- පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ බලය අපේ අතට ගැනීම නොව  පාර්ලිමේන්තු මැතිවරණයට යාම පමණයි අපේ අරමුණ. ආණ්ඩුව පළවා හැරීම අපේ එකම අරමුණයි.
 
  ප්‍රශ්නය:- බැසිල්  රාජපක්‍ෂ මහතා කියා තිබෙනවා මහ ගංගාවක් තුළට කුණු කාණු ගලා එන්නට පුළුවන් කියලා. මේක කාට කිව්ව දෙයක් ද?
 
පිළිතුර:- ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා බැසිල් රාජපක්‍ෂ මහතා සමග 16 කණ්ඩායමට කිසිදු ප්‍රශ්නයක් නැහැ. අද අපි ඔහු හමුවෙනවා. ඒක ආණ්ඩුව තුළ සිටින ශ්‍රීලනිප කණ්ඩායමට කිව්ව දෙයක්. අපට නොවෙයි.
 
ප්‍රශ්නය:- සාමාජිකත්වය ගන්නට කියනවා නේද?
 
 පිළිතුර:- කවුරුවත් සාමාජිකත්වය අරගෙන නැහැ. ඒ වුණාට එකට වැඩ කරනවා.
 
ප්‍රශ්නය:- ඔබලා ආණ්ඩු පක්‍ෂ රැස්වීම්වලට යනවාද?
 
පිළිතුර:- කවදාවත් යන්නේ නැහැ. පක්‍ෂයේ රැස්වීම්වලට පමණයි අපි යන්නේ. මම කිසිම තනතුරක් දරන්නේ නැහැ.
 
ප්‍රශ්නය:- ඔබලා පිළිගන්නේ කාගේ නායකත්වයද?
 
පිළිතුර:- අපි පිළිගන්න නායකයා මහින්ද  රාජපක්‍ෂ මහතා පමණයි. මෛත්‍රිපාල මහතා ශ්‍රීලනිපයේ නායකයායි. මහින්ද ගේ නායකත්වය හා ආශිර්වාදය නැතිව ප්‍රගතිශීලී පොදු විපක්‍ෂයට ගමනක් නැහැ. පොළොවේ යථාර්ථය ඒකයි.
 
ප්‍රශ්නය:- ඔබලා වැල යන අතට මැස්ස ගහනවා වාගෙයි. 
 
පිළිතුර:- අප එදා මහින්ද දිනවන්නට මිස මෛත්‍රීපාල දිනවන්නට කටයුතු කළේ නැහැ. අදටත් මහින්ද නැතිව ගමනක් නැති බව රටම දන්නවා.
 
ප්‍රශ්නය:- එදා 2015 දී වගේ මහින්දගේ කණ්ඩායම පැරදුණොත්.
 
පිළිතුර:- අපි පරදින්නට වැඩ කරන්නේ නැහැ.
 
ප්‍රශ්නය:-  පැරදුනොත් නැවතත් එජාප රජයකට එක්වෙනවාද?
 
පිළිතුර:- එජාපයත් එක්ක යළිත් අපි නම් කවදාවත් ආණ්ඩු කරන්නේ නැහැ.
 
ප්‍රශ්නය:- ඔබලාට නායකයො තුන් දෙනෙක් ඉන්නවද?
 
පිළිතුර:- විපක්‍ෂයේ පොදු බලවේගයකට නායකත්වය දෙන නායකයා සමග පමණයි අපි ඉන්නේ. නායකයා කවුද කියා ඉදිරියේ දී බලාගන්න පුළුවන්.



අදහස් (4)

ආණ්ඩුව මොනවා කිව්වත් රට කඩාවැටී හමාරයි වගකීම ජනපති බාරගත යුතුයි

max Friday, 29 June 2018 08:54 AM

රට ගැන හිතන කොටත් බය වෙනවා. මේ ආණ්ඩුව මේ රටට ශාපයක්!

:       117       5

MO77 Friday, 29 June 2018 09:15 AM

2015-2014 දක්වා වසර 9ක් තුළ රුපියල් මිලියන 5200ක ණය අරගෙන තිබෙනවා. 2015-2018 මුළු කර්තුව දක්වා වසර 3ට පමණක් ලබාගෙන ඇති රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් මිලියන 3000ක්....

:       0       0

Raveendra Friday, 29 June 2018 09:37 AM

අපි රටේ මුල් පුරවැසියාට " පවන් සලනවා "නොවේ නමුත් ඇයි මුල්පුරවැසියට විතරක් වගකීම පවරන්නේ ?

:       0       11

Saththaya Tuesday, 03 July 2018 01:28 PM

සූරා කාලා රට කඩා වැටීගෙන එනකොට තමයි කාලයට පෙර ඡන්දයට ගියේ.... හොඳයි බොරුද?

:       0       368

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 163 1

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1417 9

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 949 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1204 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7424 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 439 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 113 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1137 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site