IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ආණ්ඩුවේ බොරුව ජනතාව දන්නවා - ඩී.වී.චානක

(අනීෂා මානගේ)

ආණ්ඩුව බලයට පත්වී තෙවැනි සංවත්සරය සැමරීමට උත්සාහ කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගෙන් කට උත්තරයක් ලබා ගැනීමෙන් පසුව බව හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා කියයි.

ඩී.වී.චානක මහතා මෙසේ පැවසූයේ අද (16) වීරකැටිය මැදමුලන ප්‍රදේශයේදී පැවැති ජනහමුවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් ප්‍රකාශ කරමිනි.

වැඩිදුරටත් එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.

   ‘‘මේ ආණ්ඩුව බලයට පත්වෙලා දැන් අවුරුදු තුනයි. ආණ්ඩුව දීපු පොරොන්දු දැන් එකින් එක බොදවෙලා යනවා. රටේ බදු බර වැඩි වෙලා. රටේ ජාතික සම්පත් විකුණනවා. හැබැයි මේ ඔක්කොම වහගන්න හදන්නේ රාජපක්ෂ පවුලෙන් පලිගැනීමෙන්.

ආණ්ඩුව බලයට පත්වෙලා දෙවැනි සංවත්සරය සැමරුවේ ශිරන්ති රාජපක්ෂ මැතිණියගෙන් කටඋත්තරයක් අරගෙන. දැන් තුන්වෙනි සංවත්සරය සමරන්න හදනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් කටඋත්තරයක් අරගෙන.

දැන් අවුරුදු තුනක් තිස්සේ මේ බොරු නාඩගම කරා. මේ රගපෑම් කරා. මාධ්‍ය සංදර්ශන පැවැත්වූවා. හැබැයි අද මුළු රටේම අය දන්නවා රාජපක්ෂවරුන් හොරකම් කළේ නැහැ කියලා. රාජපක්ෂවරුන්ගෙන් කිසිම කරදරයක් කාටවත්ම වුණේ නැහැ කියලා. හැබැයි මේ අය කරන්නේ මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීම පමණයි. ‘‘



අදහස් (1)

ආණ්ඩුවේ බොරුව ජනතාව දන්නවා - ඩී.වී.චානක

Saththaya Sunday, 19 August 2018 07:00 AM

රටේ බදු බර වැඩි වුනේ කවුරුන් නිසාද ? කට කටඋත්තරයක් ගන්නේ විහිලුවකටද ? වැරදි නොකලානම් උත්තර දීල නිකම් ඉන්න පුළුවන් . රටේ නීතිය එකිනෙකාට වෙනසක් ‍වෙන්නේ නැහැ . රටේ නීතිය කාටත් පොදුයි. දේශපාලනය යනවා එනවා. හැමෝම නීතියට යටත්. නීතිය මෙහයවන්න දේශපාලනයට අයිතියක් නැහැ . එකයි වැදගත් නම් මහත්වරු පිළිපදින්න ඕනේ .

:       0       419

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17798 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 753 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site