IMG-LOGO

‘ආණ්ඩුව එම්සීසී කබරගොයා තලගොයෙක් කරගෙන කන්න හදනවා’

(මුදිතා දයානන්ද)
       
‘ඇමරිකාවෙන් ලැබෙන ඩොලර් මිලියන 480 ට ලෝභ වෙලා ආණ්ඩුව එම්සීසී කබරගොයා තලගොයෙක් කරගෙන කන්න හදනවා’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා අද (16) පැවසීය.
       
ඔහු මේ බව පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමිනි.
 
එහිදි තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
       
“මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අපේ රටේ ස්වෛරීත්වයට හානිකරන ඇමරිකානු අධිරාජ්‍යවාද ව්‍යාප්ත කිරීමේම තවත් එක පියවරක්. එහි කොටසක් හොඳයි, කොටසක් නරකයි කියලා අත්සන් කරන්න ඉඩ දෙන්න බැහැ.
       
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්දේ කාලේ මේ ගිවිසුම මහා බිල්ලෙක් බවට පත් කරලා මිනිස්සු බය කළා. රට දෙකට බෙදෙන ගිවිසුමක් කිව්වා. ඊළම නැවත වෙනත් ක‍්‍රමයකට දෙන ගිවිසුමක් කිව්වා. අපි ආපු ගමන් මේක කුණු කූඩයට දානවා කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ?
       
දැන් කැබිනට් මණ්ඩලය තීන්දුවක් අරන් ඒක අධ්‍යයනය කරන්න  ඕන කියලා. ඒකට අනුකමිටුවක් පත්කරලා. මේ සම්බන්ධයෙන් පනවපු නඩුවේදි නීතිපති අධිකරණයට දැනුම් දෙනවා දැන්ම ගිවිසුම අත්සන් කරන්නේ නැහැ. ඒ ගැන අධ්‍යයනයක් කරනවා කියලා. සමහර ඇමතිවරු කියනවා මේක අත්සන් කළොත් අපි ආණ්ඩුවේ ඉන්නේ නැහැ කියලා. කලින් කිව්වේ මේකෙන් රට බෙදෙනවා කියලානේ. බලයට ආවම කුණු කූඩයට දානවා කියලානේ. ඒවා කිව්වේ අධ්‍යයනයක් නොකරද? අධ්‍යයනයක් කරලා  කිව්වා නම් ඇයි දැන් තවත් අධ්‍යයනය කර කර ඉන්නේ? ඇයි ඒවාට කැබිනට් මණ්ඩලයේදි විරුද්ධ නොවුණේ? එළියට ඇවිත් අරක මේක කියලා වැඩක් නැහැ. 

කැබිනට් මණ්ඩලය තමයි රට වෙනුවෙන් තීන්දු ගන්න තැන. එතන ඉන්නවා නම් තමන් දැන ගන්න  ඕන මේවාට විරුද්ධ වෙන්න. විසිකරන්න  ඕන එකක් අධ්‍යයනය කරන්න යනවා කියනකොටම තියෙනවා නැවත සළකා බැලීමක් කෙරෙනවා කියන කාරණය. ජනතාවට කොලේ වහලා ගිවිසුම අත්සන් කරන්න දරණ උත්සාහයක් මේක. මේ ගිවිසුම තනියෙන් නෙවෙයි එන්නේ. තව ගිවිසුම් දෙකක් එක්ක. එවාත් එක්කයි මේක අධ්‍යයනය කළ යුත්තේ. ඒවා අත්සන් කරලා ඉවරයි. මේක අත්සන් කරලා නැහැ. අත්සන් නොකරපු එකකින් අයින් වෙන එක අමාරු වැඩක් නෙවෙයි. ඇයි අපි මේකට එකග නෑ නොකියා වටේ යන්නේ?
       
ගම්මන්පිල මහත්තයා කියනවා මේ ගිවිසුමේ 70%ක් හොඳයි. තිහක් තමයි නරක කියලා. එතකොට ඒ කාලේ කෑ ගැහුවේ මේ 30 ගැනද? ඔහු හිතනවා ඇති මේකේ ඉඩම් ඔප්පු ලබාදීම තමයි එකම ප‍්‍රශ්නය. ඒක තමයි30%. මෙහි දැක්වෙන ප‍්‍රවාහන වැඩපිළිවෙළ අවුලක් නෑ කියලා.එහෙම නැහැ. ඔවුන් අපේ මාර්ග පද්ධතියේ ආරක්ෂක කැමරා සවි කරනවා. ඒවා පරික්ෂා කිරීමේ බලයත් තියෙන්නේ මේ ප‍්‍රවාහන කළමණාකරනයට මැදිහත් වෙන ඇමරිකානු සමාගමටයි. අපේ රටේ අභ්‍යන්තර තොරතුරු පිටතට ගලායාමක් මෙමගින් සිදුවෙන බව වැටහෙන්නේ නැද්ද?
       
ඇමරිකාවෙන් ලැබෙන ඩොලර් මිලියන 480ක් වෙනුවෙන් කබර ගොයා තලගොයා කරලා කන්න ගන්න ඉඩ දෙන්න බැහැ” යැයිද ඔහු කීය.



අදහස් (0)

‘ආණ්ඩුව එම්සීසී කබරගොයා තලගොයෙක් කරගෙන කන්න හදනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 500 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 928 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site