විනීතා එම් ගමගේ
ආණ්ඩුවෙන් ඉවත් වූ ඇමeතිවරු 16 දෙනාගේ ඒකායන අරමුණ තවමත් ආණ්ඩුවේ තනතුරු දරණ පිරිස ද ආණ්ඩුවෙන් එළියට ගැනීම යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා ප‍්‍රකාශ කළේය.
ඒ පිරිස එළියට ආ වහාම නව අගමැති කෙනෙක් හා කැබිනට් මණ්ඩලයක් පත් කරන්නට ජනාධිපතිවරයාට සිදුවෙන බැවින් තම අරගලය එතැනදී බොහෝ දුරට ජයගනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
එහි ප‍්‍රධාන පියවර ලෙස ඒ පිළිබඳ යෝජනාව මධ්‍යම කාරක සභාව තුළ ජයග‍්‍රහණය කර ඔවුන් එළියට ගත යුතුව ඇතැයි ද පෙරේරා මහතා කීය.
එළියේ සිට එය කළ හැකි යැයි සමහරු සිතන නමුත් ඒක කරන්න එය අසීරු කටයුත්තකැයි කී ඒ මහතා එසේ නොගතහොත් මාධ්‍යවලින් තමන් පවසන දේශපාලන වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන්නට බැරිව යනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා කීය.
කෙසේ වෙතත් පක්ෂයේ ලේකම් අයින් කරගත් බැවින් අරගලය සියයට 50 ක් දිනුම් බවත් දැනට අරගල කරන්නේ ඊළඟ මධ්‍යම කාරක සභාවේ දී තම යෝජනාව සභා සම්මත කරගන්නට බවත් පෙරේරා මහතා පැවැසීය.
ඩිලාන් පෙරේරා මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේ දී අද (20) පැවැති මාධ්‍ය හමුවකදීය.
ආණ්ඩුවෙන් මෑතක ඉවත් වූ ශ්‍රීලනිප 16 දෙනාගෙන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
2025 ඔක්තෝබර් මස 08
1506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1340
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
477
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
’ආණ්ඩුවෙන් ඉවත් වු 16 අරමුණ තනතුරු දරණ අය ආණ්ඩුවෙන් එළියට ගැනීමයි’
Saththaya Sunday, 29 July 2018 04:22 AM
අනෙක් අයගේ අදහස අවුරුදු ගණනාවක් සමාජයට පිළිකාවක් වූ දේශපාලුවන් ගෙදර යැවීමයි.