IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට විජයදාසගෙන් පනත් දෙකක්

(රංජන් කස්තුරි)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සංශෝධන පනත් කෙටුම්පත් දෙකක් සකස් කර තිබේ.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති මෙය විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස නම්කර ඇති එම පනත් කෙටුම්පත් දෙක මේ වනවිට රජයේ ගැසට් පත්‍රයේ පළකර තිබේ.

මැතිවරණයකදී දේශපාලන පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් අපේක්ෂකයන් තෝරාපත්වීම සඳහා දැනට තිබෙන මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 5 ක ප්‍රතිශතයක් ලබාගත යුතුය යන නියමය සියයට 12.5 දක්වා වැඩි කිරීම 21 වැනි සංශෝධනයෙන් යෝජනා කර තිබේ.



අදහස් (12)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට විජයදාසගෙන් පනත් දෙකක්

isuru dharmasiri Tuesday, 31 December 2019 07:14 PM

ඉතාම කාලෝචිත දෙයක්......

:       69       105

Bamunuarachchi Wednesday, 01 January 2020 03:28 PM

හරියට හරි එතකොට බොහෝදෙනෙක් හැලිලා යාවි...

:       3       18

විජේරත්න Wednesday, 01 January 2020 05:10 PM

මේ රාජපක්ෂ සුදානම් වන්නේ ඔහුට මීළඟ මැතිවරණයේදී කැබිනෙට් ඇමතිකමක් ලබාගැනීමට කරන උත්සාහයකි. ඔහු සිටියේත් රාජපක්ෂලා සමගයි. ඔහු ඔවුන් සමග නැවත එක්ව සිටියි. කිසිදිනෙක එකම නායකයකු යටතේ සේවය කිරීමට මොහුට නොහැකි වී ඇත්තේ මොහුව මෙහෙය වන්නේ රාහු ග්‍රහයා නිසා වෙන්නට ඇතිබව සමාජ මාධ්‍ය ප්‍රකාශ කර තිබේ. කවුරු මොහුව දේශපාලනයට සම්බන්ධ කර ගත්තද ගෝඨාභය නම් මෙතුමාව අල්ලන්නේ නැත. ඔහු පිළිබඳ විශ්වාසයකුත් නොමැතිබව කියවේ.

:       101       14

sugath Wednesday, 01 January 2020 06:39 PM

මෙය හොඳ යෝජනාවක්.

:       2       3

Aris Thursday, 02 January 2020 09:06 AM

ජේ.ආර්. මහත්තයා බොහොම පිළිවෙලකට හදලා දීපු දේ ඊට පස්සේ ආපු ආණ්ඩු සංශෝධන කරලා, අවුල් කරලා දැම්මා. දැන් කරන්න හදන්නේ අවුල ලිහලා නැවත ඒ වෙත යාමයි...

:       1       18

de silva Friday, 03 January 2020 02:03 AM

මොහු මොන ආණ්ඩුව ආවත් මුලින්ම ඒකට යනවා ඊට පස්සේ ටික කලකින් මොකක් හරි කියලා ස්වාධින වෙලා තව ටික කලකින් විපක්ෂෙට යනවා , මොහු කියන කරන දේවල් දන්නේ මොහොම පමණි.

:       0       5

Sugath Friday, 03 January 2020 04:22 AM

මෙයා ඇත්තටම අර අදින්නේ ඉදිරියේදී කැබිනෙට් ඇමති වරයෙක් වෙන්නයි. මෙවන් මිනිසුන් රටට කැළලක්. මෙයා රටේ අධිකරණ ඇමති වෙලා ඉන්නකොට අවන්ගාර්ඩ් නඩුවට සම්බන්ධ වෙලා මුදල් වලටම යටවෙලා යහපාලන ආණ්ඩුව පහතට දාපු එක හැමෝටම පෙනුනා. මුදලටම කෑදර මෙවැනි කෘර මිනිසුන් මුදලට රට වුනත් විකුනාවි.

:       0       4

mahinda Friday, 03 January 2020 05:08 AM

මෙයා නීතිය විතරද දන්නේ ? සමාජ, දේශපාලන හා අනාගතය ගැන දැනුමක් නැද්ද?

:       1       0

UpulFriday, 03 January 2020 06:45 PM

නැහැ, ඔයා හොඳට වාසි වෙලාවට පැති මාරුව ඉතා හොඳින් දන්නවා.

:       0       0

lalithm Friday, 03 January 2020 08:38 AM

දෙපත් නයෙක්. පරිස්සම් වෙන්න ඕනේ මෙයාගෙන්...

:       0       6

Lelwala Sunday, 05 January 2020 04:54 AM

ආගමට, ජාතියට, රටට ආදරය ඇති මන්ත්‍රීවරයෙක්. උගත් බුද්ධිමත් කෙනෙක්.

:       0       0

nirmala Tuesday, 21 January 2020 10:37 AM

ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදීන්ගෙන් මොන ව්‍යවස්ථා සංශෝධනද? ඔය හැරෙන්නේ පොල් පැළේකට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17659 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site