IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


‘‘අහිංසක බලාපොරොත්තු ඉටු කිරීම වගකීමක්‘‘

(යොහාන් භාසුර)

මෙරට ජනතාවගේ අවශ්‍යතාවයන් සහ අහිංසක බලාපොරොත්තු ඉටුකිරීම සිය වගකීම ලෙස සලකන බවත් අහිංසක දෙමව්පියන්ගේ මෙන්ම තරුණයන්ගේ බලාපොරොත්තු ඉටු කළ හැකි දැවැන්ත වැඩපිළිවෙළක් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින බවත් එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසුව පාක්ෂිකයන් හමුවට ගිය නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසීය.

තමන් මෙම මැතිවරණයට ඉදිරිපත් වූයේ ජයග්‍රහණය කිරීමට බවත් මෙරට ජනතාව සහ රට ආරක්ෂා කිරීමේ දැඩි අවශ්‍යතාවයක් තමන්ට ඇති බවත් රාජපක්ෂ මහතා කීය.

නූතන පරම්පරාවේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තමන්ට හැකියාවක් ඇති බව කී නාමල් රාජපක්ෂ මහතා මෙරට අම්මා තාත්තගෙන්, තරුණයන්ගෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු වන ලෙස ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ අපේකම ආරක්ෂා කරන ගමන් නූතන පරම්පරාවට ගැළපෙන ආකාරයට රට සකස් කිරීමට නවීකරණය සඳහා ගමන් කිරීමට එකතුවන ලෙස ඉල්ලා සිටින බව ද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (15)

‘‘අහිංසක බලාපොරොත්තු ඉටු කිරීම වගකීමක්‘‘

කසුන් Friday, 16 August 2024 08:30 AM

ඔන්න ඔය මූණු ටික බලාගන්න. හාන්න වත් ගන්න හොඳ නෑ ඔය අම්බරුවො ටික නම්.

:       87       44

Nimal 1 Friday, 16 August 2024 08:30 AM

රට වනසපු මහ හොරු කැළක් එක තැනක සෙට් වෙලා

:       58       46

achini Friday, 16 August 2024 08:44 AM

වටේ ඉන්න සෙට් එක

:       62       40

Pradeep Kumara Friday, 16 August 2024 08:52 AM

රටේ මිනිසුන්ගේ අහිංසක බලාපොරොත්තු උපන් ගෙයිම මරලා දාපු ඔබලා නැවත ඒ බලාපොරොත්තු ඉටු කරනවා යැයි කීම විහිළුවක් කියලා හිතෙන්නේ නැද්ද?

:       10       47

පොඩිඑකා Friday, 16 August 2024 09:30 AM

රට හූරා කෑමට ඔබට ඇති අහින්සක බලාපොරොත්තුවද ?

:       9       43

Rohana Friday, 16 August 2024 10:03 AM

පොදුජන පෙරමුණ රාජපක්ෂවරුන්ගේ පක්ෂය කිව්වොත් නිවැරදියි. නාකත්වය රාජපක්ෂවරුන්ගෙන් පිටට නොදෙනබව පැහැදිලිවම පෙන්වාදී ඇත.මෙය සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂයක සිදුවන දෙයක් නොවේ.ඒ නිසා බලය ලැබුනොත් මොනවා කරයිදැයි සිතාගත නොහැක.

:       6       31

රංබොඩ Friday, 16 August 2024 10:44 AM

සිංහල බෞද්ධ නායකයෙක් රටට අවශ්‍ය . මෙතුමා පළමුව තරුණ පරපුරක් පමණක් ළඟට ගත යුතුයි . පරම්පරා ගාණක් හොරකමට හුරු වූ අය ඉවත් කරගත යුතුයි .අනාගතයේ දිනයක ඔහු ජනාධිපති වන්නෙ එවිටයි.

:       28       17

පොඩිඑකාFriday, 16 August 2024 05:24 PM

තව එකක් තියෙනවා., මෙයා ජනාධිපති වෙන්න නම් මී හරක්ටත් ඡන්ද අයිතිය හිමිවිය යුතුයි...!

:       5       6

Lal Ranjan Friday, 16 August 2024 01:34 PM

ලංකාවේ අහිංසක ජනතාවගේ ලේ මාංශ උරා බීලා පරම්පරා ගණනාවකට ඇති වෙන්න හොරා කාලා රට නැති කරපු කාලකණ්නි හොර හැත්ත දැන්ද කරන්න හිතුවේ. ඔයා හිතන්නේ ජනාධිපති කියලාද? කවදාවත්ම හරියන්නේ නැහැ. සීලරතන හිමිට ජන්දය දුන්නත් ඔයාට නම් දෙන්නේ නැහැ. සේරම හොරු...

:       5       13

sunimal Friday, 16 August 2024 01:55 PM

කිරිපුතේ උඹලාට ඒ කාලේ තිබුණු ගාය අපිට අමතක නැහැ . නැවත මේ සසරේදී රාජපක්ෂලාට මේ රටේ බලය ලැබෙන්නේ නැහැ .

:       4       11

ගමේ එකාලා Friday, 16 August 2024 04:20 PM

දූෂිත පවුල් පාලනේ අය රටට කරපු විනාසේ හොඳට ඇති. මහ එකාලා කිව්වේත් ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම, තාරුණ්‍යයට හෙටක් කරනවයි කියලා. ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත, බලලෝභී, බඩගෝස්තරවාදී රැවටිලි කාරයෝ රටට සාපයක්..., ස්වභාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඬුවම් ලැබේවා...!

:       5       6

Viscum Friday, 16 August 2024 05:53 PM

මේ හොරුන්ට ආවඩන මිනිස්සු තවත් ඉන්නවනේ... අනේ අපොයි කවදා මොවුන්ට මොලේ පෑදේවිද මන්දා...?

:       6       4

Nishan Saturday, 17 August 2024 05:13 AM

මෙතන නාමල්ට බනින ජේප්පෝ දැක්කේ නැතුව ඇති අනුර කුමාර කට පුරා හිනා වෙලා නමල්ගේ අත් දෙක අල්ලාගෙන සතුටු සාමීචියේ යෙදෙන හැටි...

:       0       1

Saman Saturday, 17 August 2024 06:37 AM

නාමල්ට ගොඩක් අය බයෙන් ඉන්නේ. ඒකනේ මේ සැදී පැහැදී මඩ ගහන්නේ...!

:       0       1

Roland Kuranage Saturday, 17 August 2024 09:38 AM

මේ රට විනාශයට ගෙන ගිය (JVP ) මාලිමාව මේ මැතිවරණයේදී අන්ත පරාජයකට පත් වේවා, මියගිය තරුණ තරුණියන්ගේ ලේ වල සාපය මාලිමාවට අත්වේවා..!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 713 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 944 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1195 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 376 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site