(මුදිතා දයානන්ද)
නව ව්‍යවස්ථාව පිළිබඳ ජනමත විමසුම ආණ්ඩුව දිනුවත් පැරදුනත් බෙදුම්වාදින් දිනනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (25) පැවසීය.
ගම්මන්පිල මහතා මේ බව පැවසූයේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ කීය.
නව ව්‍යවස්ථාවට ජනමත විමසුමක් පැවැත්වුව හොත් එම ජනමත විචාරණයේ ප්‍රතිපල කුමක් වුවත් ඒකබෙදුම්වාදීන්ගේ ජයග්‍රහණයක් වෙනවා. වෙනත් වචන වලින් කිව්වොත් ඔවුන් ජනමත විචාරණය දින්නත් දිනුම්. පැරදුනත් දිනුම්.
නව ව්‍යවස්ථාවට ජනමත විමසුමක් පැවැත් වුවහොත් උතුරු පළාතේ ජනතාව ෆෙඩරල් ව්‍යවස්ථාව ඉහළින් අනුමත කරාවි. අනිත් පළාත් වල ජනතාව ඒ ප්‍රතිශතයෙන්ම ඒක ප්‍රතික්ෂේප කරාවි. එවිට “උතුරේ දෙමළ ජනතාව අපේක්ෂා කරන දේ දකුණේ සිංහල ජනතාව ප්‍රතික්ෂේප කරන නිසා අපට එකට ඉන්න බෑ. අපට වෙනම රටකට ජනවරමක් ලැබුණා ” කියා දෙමළ බෙදුම්වාදින් ජාත්‍යන්තරයට පවසාවි යැයි ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
806
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අලුත් ව්‍යවස්ථාව ගැන ජනමත විමසුම බෙඳුම්වාදීන් දිනනවා
Perakum Wednesday, 25 October 2017 09:32 AM
කවුරු දිනුවත්, කවුරු පැරදුණත් අලුත් ව්‍යවස්ථාව නිසා රට බෙදෙන එක වෙනව වෙනවාමයි...!
wikum Thursday, 26 October 2017 03:34 PM
රට බෙදෙන එක වලක්වන්න සැහෙන සටනක් දෙන්න වෙනවා.
Deepal Nirosh Friday, 27 October 2017 06:40 AM
මේ කතාවේ ඇත්තක් තියනවා. ජනමත විමසුමට අනුව නව ව්‍යවස්ථාවට පක්ෂව 40%ක් ලැබුණා කියමු. එතකොට ව්‍යවස්ථාව බහුතර මතයෙන් ප්‍රතික්ෂේපයි. ඒත් බෙදුම්වාදී නායකයන්ට කියන්න පුළුවන් ව්‍යවස්ථාවට පක්ෂව රටේ සුළුජාතික ජන ප්‍රතිශතයට වඩා ප්‍රතිශතයක් ඡන්ද ලැබිලා කියලා. ඒත් බහුතර ජනතාව ඒකට ඉඩ දෙන්නේ නැති නිසා අපට වෙන් වීමක් අත්‍යාවශයයි කියල ජාත්‍යන්තරයට මතයක් නිර්මාණය කර ගන්නවා.