(මීගමුව - ඩබ්ලිව්. හියුබට් ප්‍රනාන්දු සහ කොච්චිකඬේ විශේෂ වාර්තාකරු)
වසර 30ක් පුරාවට පැවැති එල්.ටී.ටී.ඊ. යුද්ධයේදී මැති ඇමැතිවරුන්ගේ දරුවන් හෝ කිසිවකු මියගියේ නැතැයි පොදු ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මීගමුවේදී පැවැසීය.
රැකියා අවස්ථා ලබාදීමේදී දේශපාලනික බලපෑම්වලින් තොරව සියලු ජාතිකයන්ට සාධාරණත්වය ඉටුවන අයුරින් සුදුසුකම් අනුව කටයුතු කරන බවත් තත්ත්වය මෙසේ තිබියදී උතුරු හා නැගෙනහිර පළාත් සඳහා නිර්දේශ කර ඇති ආකාරයට බලයට ආ විගසින් භාෂා දුෂ්කරතා අහෝසි කිරීම ජාතික ජන බලවේගයේ අරමුණ බව ද අනුර කුමාර දිසානායක මහතා කීවේය.
ඒ මහතා එසේ කීවේ ජාතික සමගිය ගොඩනැගීම පිළිබඳව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම නිමිත්තෙන් මීගමුව කඩොල්උයන කියුරිච් ගාර්ඞ්න් උත්සව ශාලාවේ පවත්වන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයේදීය. මෙම උත්සවය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දිසානායක මහතා පැමිණ සිටි අයට සුභ මොහොතින් ප්‍රතිපත්ති ප්‍රකාශනය බෙදා දුන්නේය. ඒ මහතා මෙසේ ද කීය.
“අද රට අනාරක්ෂිත තත්ත්වයකට පත්වී තිබෙනවා. අපි බලයට ආ දා සිට රටේ සාමය ස්ථාපිත කරනවා.
අන්තවාදීන්ට රටේ කිසිදු දෙයක් සිදු කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි රට පුරා තිබෙන බැරියර් අයින් කර රටට සාමය සෞභාග්‍යය උදාකර දෙනවා.
අපි බලයට ආ විට වෛද්‍ය හා රෝහල් පහසුකම් ඇති කිරීම සහතික කරනවා. උතුරු හා නැගෙනහිර පළාත් සඳහා නිර්දේශ කර ඇති ආකාරයටම භාෂා දුෂ්කරතා අහෝසි කරන්නට කටයුතු කරනවා. ජාතික සමගිය හා සංහිඳියාව ස්ථාපිත කරනවා. සියලුම ජාතිකයන්ට අයත් පුරවැසියන් හට සමාන පුරවැසි අයිතියක් ඇති බව අපි පිළිගන්නවා.
ජාතිවාදය හා ආගමික අන්තවාදය හේතු කොටගෙන සිදුව ඇති ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සොයා බැලීමට සත්‍ය හා ප්‍රතිසංවිධාන කොමිසමේ ක්‍රියාකාරීත්වය පුළුල් කිරීමට කටයුතු යොදනවා.
අද දයා මාස්ටර්, කේ.පී.ලා වැනි අය නිදැල්ලේ ඉන්නවා. පොඩි පොඩි පක්ෂවල අය හිරගෙවල්වල තපිනවා. තුලනාත්මක ආගමික අධ්‍යාපනික විෂයන් මගින් සියලු ආගම්වල හරයන් හා සංස්කෘතීන් පිළිබඳ අවබෝධයක් ඇති කිරීම අපගේ අදහසයි.
අපි බලයට ආ විට මේ රටේ උද්ගතව තිබූ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන්ගේ වර්ධනයන් ඇති වීමට අපි ඉඩ තබන්නේ නැහැ. ජාතික සමගිය ගොඩනගනවා. යුද්ධයේදී මිය ගියේ අපගේ දරුවෝයි. යුද සමයේදී අහෝසි වූ ඉඩම් ඒ ඒ අයට ලබා දෙනවා.”
ජාතික ජන බලවේගයේ අශෝක පීරිස්, එහි ජාතික සංවිධායක නජා මොහොමඞ්, විජිත් රෝහණ යන මහත්වරු ද කතා කළහ.
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
“අපි සියලු ජාතීන්ට සාධාරණය ඉටු කරනවා“
palitha Monday, 21 October 2019 04:55 AM
ඔක්කෝටම කලින් 2015දී බොරු කියලා කියලා ජනතාව නොමග යවලා යමපලන ආණ්ඩුව හදන්න සම්මාදම් වුණු ඔබලා ප්‍රසිද්ධියේ රටෙනුත් ජනතාවගෙනුත් සමාව ගන්න.