IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


‘‘අපේ ආණ්ඩුවකින් කාටවත් හානියක් නෑ‘‘

(පද්මසිරි ගාර්දියවසම්)

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බලයේ පිහිටවූ පසු වෙනත් පාක්ෂිකයකුට නියපොත්තකින් හෝ සීරුමක් නොවෙන්න කටයුතු කළ යුතුයි.අපට අනෙක් පාක්ෂිකයන්ගෙන් පලිගන්න උවමනාවක් නැහැ. අනෙක් පාක්ෂිකයා ගැන වෛරී චේතනාවක් අප ළඟ නැහැ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ජනපතිවරය නාම යෝජනා බාරදීමෙන් පසු තංගල්ලේ පැවැති මංගල රැස්වීමට සහභාගී වෙමින් අනුර කුමාර දිසානයක මහතා මේ බව කීය.

දැඩ වර්ෂාව ද නොතකා රැස්වී සිටි දහස් ගණනක් පිරිස අමතා අනුරකුමාර මහතා මෙසේ දී කියා සිටියේය. 

වැසි නොතකා  දස දහස් සංඛ්‍යාත ජනතාවක් තංගල්ලේ පැවැත්වෙන අපේ මංගල රැළියට එකතු වෙලා ඉන්නවා. එයින් අපට පැහැදිලි වෙන්නේ සැප්තැම්බර් 21 දා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය ස්ථිර බවයි.

අපි මේ රටේ පළමු වතාවට රට පොහොසත් වන ජනතාව සතුටින් ඉන්න ආණ්ඩුවක් හදමු 

මෙතන වෙන පක්ෂවලට ඡන්දෙ දීපු ,වැඩ කරපු අය ඇති. පරණ ශ්‍රී ලංකානිදහස් පක්ෂ පාක්ෂිකයා වෙන්න පුලුවන් එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයා වෙන්න පුලුවන්. ඒ සියල්ලම දැන් පැරණි දේ පැත්තකින් තියන්න. රට ගොඩනැගීම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයාගේ පමණක් කාර්යයක් පමණක් නෙවි. එය අපි රටේ ජනතාවත් එක්ක එකතුවෙලා කරන්න ඕන දෙයක් .

අපට මතකයි සමහර යුගවලදී සමහරු ජයග්‍රහණයෙන් පසු පොලිසිවලට නිවාඩු දුන්නා . අනෙක් පාක්ෂිකයන්ට පහරදෙන්න,ගෙවල්වලට ගිණි තියන්න ඉඩ දුන්නා . අපි මේ දේශපාලන සංස්කෘතියෙන් රට මුදාගන්න ඕනෑ .

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බලයේ පිහිටවූ පසු වෙනත් පාක්ෂිකයකුට නියපොත්තකින් හෝ සීරුමක් නොවෙන්න කටයුතු කළ යුතුයි.

අපට අනෙක් පාක්ෂිකයන්ගෙන් පලිගන්න උවමනාවක් නැහැ. අනෙක් පාක්ෂිකයා ගැන වෛරී චේතනාවක් අප ළඟ නැහැ .

ඒත් මේ රටේ සාධාරණය ,යුක්තිය ඉටුකිරීමේ ප්‍රශ්නයක් තියෙනවා . ඒවා කවුරුවත් පලිගැනීම් ලෙස අර්ථකථනය කරන්න එපා .

පාස්කු ප්‍රහාරය සිදුකළ ඝාතකයන් නිදැල්ලේ ඉන්නවා. අපරාධකරුවන් කවුද කියලා දන්නේ නැහැ. අපේ රටේ ඉතිහාසය තුළ වැලලී ගිය ඝාතනයන් ගණනාවක් තිබෙනවා.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ අතුරුදහන් කිරීම වැනි දේවල්. මේවායේ අපරාධකරුවන් ගැන පරීක්ෂණ පවත්වලා අපරාධකරුවන් නීතිය හමුවට පමුණනවා.

ලෝකයත් එක්ක ඉස්සරහට දියුණු වෙන රටක් අපට අවශ්‍යයි. රට දියුණු කිරීමේ වැඩ පිළිවෙළක් අපට තිබෙනවා .

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා , පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති යන මහත්ම මහත්මින්ද ජන රැළිය ඇමතූහ.

වැසි නොතකා විශාල පිරිසක් තංගල්ල නගරයට එක් රොක්වී සිටියහ .



අදහස් (8)

‘‘අපේ ආණ්ඩුවකින් කාටවත් හානියක් නෑ‘‘

Nimal Sunday, 18 August 2024 03:28 AM

ලාල් කාන්ත කියන දේවල් ද කරන්න යන්නේ...?

:       0       1

ranjith gamage Sunday, 18 August 2024 04:40 AM

හානි කරලා ඉවරයි... රනිල් ජනාධිපතිතුමා ආයෙත් ඔබලා හානි කරන්න ඉඩ තියන්නේ නැහැ. ඒකයි අද මේ නොකියා කියන්නේ... එහෙනම් අපේ ජනාධිපතිතුමා නුඹලාව හරි පාරට අරගෙන තියෙනවා. ඒකට සතුටු වෙයල්ලා. ඒ මනුස්සයාට ස්තුති කරන්න.

:       0       1

Nishan Sunday, 18 August 2024 05:06 AM

විස්වාසයෙන්ද කියන්නේ? ඔහොම කියන්න සිද්ද වීමෙන්ම පේනවා බය වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ අර බංගලාදේශේ වගේ ඔයාගේ ගෝලයෝ ඇවිත් අපේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මංකොල්ල කයි කියන බය අපිට තියෙනවා.

:       0       1

priyantha Dissanayake Sunday, 18 August 2024 06:22 AM

ඔබගේ ආණ්ඩුවකින් එසේ නොවන බව ස්ථීරයි. අතීතය අමතක මිනිසුන් දුලභ නැහැ... මේ රටේ, ඔවුන්ගේ දූදරුවන්ටත් ඒවා කියලා දීලා තිබෙන්නේ. දෙමාපිය වචනයට දරුවෝ පිටුපාන්නේ නැහැ. එනිසා අවමයෙන් තව දශක කිහිපයක්වත් බලන් ඉන්න වේවි. ඒ අතරේ ඔයාලා ප්‍රායෝගික වන්න, කටින් නොව ක්‍රියාවෙන් වැඩපෙන්වන්න කරුණාකර...

:       0       1

Ramset Warnakula Sunday, 18 August 2024 10:22 AM

තොපි රටට කරපු හානි හොඳටම ඇති

:       4       1

Rata Perata Sunday, 18 August 2024 01:21 PM

වෙන මැජික් ඕන නෑ .රටේ නීතිය ස්ථාපිත කරලා ජනතාවගේ බදු මුදල් හොරකම් කරන්න දෙන්නේ නැතුව බලාගත්තොත් රට ගොඩ

:       1       4

Kulasiri Sunday, 18 August 2024 01:43 PM

දෙවතාවක් ලංකාවේ අහිංසක ජනතාව මොවුන් අතින් ඝාතනය උනා. එම දහස් ගානක් දෙමාපියන් දරුවන් පොලිස් හමුදා නිලධාරින් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලනවා. ඔබ මේ කියන දේ පිලිපදින්නට පොරොන්දු වෙන්න පුලුවන් නම් හොඳයි.

:       4       1

සෙනෙවිරත්න Sunday, 18 August 2024 02:11 PM

ජයවේවා !ඔබට පමණයි මේ හොර නඩයෙන් අප රට ගලවා ගත හැක්කේ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 230 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site