IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


අනාගත පරපුරත් හිඟන ජාතියක් කරන්න සූදානම් නෑ

(අංජුල මහික වීරරත්න)

”අනාගත තරුණ පරපුර ලෝකයට ණය කර හිඟන ජාතියක් බවට පත් කිරීමට ශ්‍රී ලංකාව  සූදානම් නැතැයි” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරියේදී පැවැසීය.

අදට වඩා හොඳ හෙටක් බිහි කිරීම සඳහා වන මූලික පදනම මේ වනවිට ජාතික රජය විසින් දමා අවසන් බව ද අග‍්‍රාමාත්‍යවරයා කීය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුයේ ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ තරුණ සංවර්ධන කොඩි ව්‍යාපාරයේ ප‍්‍රථම කොඩිය පැළඳවීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී පැවැති කෙටි උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලිඅංගේ මහතා අගමැතිට ප‍්‍රථම තරුණ සංවර්ධන කොඩිය පැළඳවීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.

”යොවුන් කොඩි දින සැමරුම ආරම්භ කළේ 1985 වසරේදීයි. පසුගිය වසරේදීත් සාර්ථක අයුරින් කොඩි දිනය පැවැත්වූවා. මුදල් සොයා ගත්තා. ඒ අයුරින්ම මේ වසරේදීත් ජනතාව සාර්ථක අයුරින් උපකාර කරාවි යයි මා සිතනවා.

ජනතාවගේ කැපවීමෙන් ලබන මුදල් පමණක් නොව ඊටත් වැඩිපුර මුදල් රජය වෙන් කරනවා. විශ්වවිද්‍යාලවලින් නිකුත් කෙරෙන විවිධ කෘති සඳහා ආධාර දීමට රුපියල් මිලියන සියයක මුදලක් වෙන් කළා.

එමෙන්ම ”ගමට කෝටියක්” වැඩසටහන සඳහා තවත් මුදල් වෙන් කරනවා. සියලූ දේ කරන්නේ තරුණයන් අනාගත වගකීම බාර ගන්න පරපුර ලෙස ශක්තිමත් කිරීමටයි. අපිට අවශ්‍ය වන්නේ තරුණයන්ට අපටත් වඩා හොඳ අනාගතය දීමටයි. අපි ඒ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.

නිදහසේ ජීවත් විය හැකි සමාජය අපි නිර්මාණය කළා.  ඕනෑම කෙනකුට බයක් සැකක් නැතිව ආණ්ඩුවට දොස් කියන්න අද පුළුවනි. තොරතුරු දැන ගැනීමේ අයිතිය තිබෙනවා. පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාදායක බලය ගෙන සිටිනවා. සියලූ දේ සඳහා අප ආධාර උපකාර කළා.

එපමණක් ද නොවෙයි. ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා මේ වනවිට නිවාස ඉදි කිරීමට පියවර ගෙන තිබෙනවා. ජාතික ණය රටට විශාල ප‍්‍රශ්නයක් වී තිබුණා. ජාතික ණය තරුණ පරපුරට උරුම කරන්න වේදැයි සැකයක් තිබුණා. 2020 වනවිට ණය හොඳින් පාලනය කර 2025 වසර වනවිට කිසිදු ප‍්‍රශ්නයක් නැතිව ණය ගෙවා දැමීමට හැකි පසුබිම නිර්මාණය කළා.

එමෙන්ම විශාල සංවර්ධන කටයුතු ද ආරම්භ කරනවා. හම්බන්තොට දියුණුව, කොළඹ දියුණුව, කළුතර කර්මාන්තපුරය, ගාල්ල ප‍්‍රදේශයේ සංචාරක වැඩසටහන්, මහනුවර දියුණුව එමෙන්ම වයඹ කර්මාන්ත හා සංචාරක දියුණුව, බස්නාහිර මහ නගරය, ත‍්‍රිකුණාමලය දියුණුව වැනි විශාල වැඩසටහන් ක‍්‍රියාත්මක කරනවා.

එමෙන්ම මොරගහකන්ද මෙන්ම මල්වතුඔය ව්‍යාපාරය ආරම්භ කරනවා. මේ අයුරින් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් තිබෙනවා. ඒ තුළින් කරන්නේ ඔබට හොඳ අනාගතය නිර්මාණය කරන්න හැකියාව ලැබේවි.

අපනයන කර්මාන්ත දියුණු කිරීමෙන් සීඝ‍්‍ර ලෙස මුදල් උත්පාදනය කිරීමට හැකියි. නැවත ණය ගන්නා ජාතියක් හෝ හිඟන ජාතියක් හෝ බවට පත්වීමට අවශ්‍ය නැහැ. ඊට වඩා හොඳ අනාගතය ඔබට ලබාදීම මගේ අරමුණ” යයි ද රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.

මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද සහභාගි විය.



අදහස් (0)

අනාගත පරපුරත් හිඟන ජාතියක් කරන්න සූදානම් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1587 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1379 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site