IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


අද වෙළෙඳපොළ හසුරුවන්නෙක් නෑ

(නාලක සංජීව දහනායක)

ඉන්ධන ගෙන්වීමේ හා බෙදාහැරීමේ තමන් සතු බලය පෞද්ගලික අංශයට විකුණා දැමීම නිසා ඉන්ධන අර්බුදයේදී ආණ්ඩුවට දත නියවාගෙන සිටීමට සිදුව ඇතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ (6) පැවැසීය.     

සමාජවාදී ජනතා පෙරමුණ විසින් බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ දී ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවක දී මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී මන්ත‍්‍රීවරයා මෙසේ ද පැවැසීය.‍

අද වෙළෙඳපොළ හසුරුවන්නෙක් නැහැ. ඒ නිසා නිෂ්පාදකයා අසරණ වෙලා පාරිභෝගිකයා දරුණු සූරාකෑමකට ලක් වෙනවා. ඉස්සර වගේ පාරිභෝගික සමුපකාර ක‍්‍රමය නැවත පණ ගැන්වූවොත් අතරමැදියන් නිශේධනය කිරීමට හැකියාව තිබෙනවා. එවිට පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර මිල ගණන් පිළිබඳ ඍජු සම්බන්ධයක් ඇතිවෙනවා. ස්විට්සර්ලන්තය, නොර්වේ, ඩෙන්මාර්ක් වගේ රටවලත් මේ සමුපකාර ක‍්‍රමය ප‍්‍රබල ලෙස කි‍්‍රයාත්මකයි.

ආණ්ඩුව සමුපකාර ක‍්‍රමය හදන්නේ නැත්තේ අතරමැදියාගේ ගසාකෑමට ඉඩ දී අතරමැදියා රකින්නයි. ආණ්ඩුව අතරමැදියා නිශේධනය කරන්න සූදානම් නැහැ. මේ ආණ්ඩුව අතරමැදියා රකින ප‍්‍රතිපත්තියේ සිටින තුරු ජනතාවට මිල උච්චාවචනයට මුහුණ දීමට සිදුවෙනවා.

සහල් කිලෝවක මිල රුපියල් 100යි. තොග මිලට සමුපකාර හා සතොස හරහා විකිණීමයි ආණ්ඩුවේ පිළිවෙළ. තොග මිලට ජංගම සේවා මගින් හාල් විකුණන්නත් ආණ්ඩුව බලාපොරාත්තු වෙනවා. මේක ලොකු ප‍්‍රශ්නයකට දුන්න සරල විසඳුමක්. සහල් මිල තීරණය වන්නේ ඉල්ලූම සැපයුම අනුවයි. ආණ්ඩුව තොග මිලට සහල් බෙදාහැරීමෙන් ආණ්ඩුවට පාඩු විඳින්න සිදුවෙනවා. අඩු මිලට සහල් විකිණීමෙන් තිබෙන සහල් තොගය අවසන් වෙලා ආයෙත් මිල වැඩි වෙනවා. ඒ නිසා සහල් ගෙන්වීම හා බෙදාහැරීම හා ගෙන්වීමේ වගකීම රජය බාරගත යුතුයි. ඒ වගේම මිල පාලනයත් තදින්ම ක‍්‍රියාත්මක කළ යුතුයි.

එමෙන්ම මේ වනවිට උද්ධමනය සියයට 7.5 දක්වා ඉහළ ගිහිල්ලා. මේ නිසා රජයේ සේවකයන්ගේ වැටුපේ වටිනාකම සීඝ‍්‍රයෙන් ඛාදනය වෙනවා. ආණ්ඩුව තවමත් රජයේ සේවකයන්ට රුපියල් දසදහසේ ජීවන වියදම් දීමනාව දී නැහැ. එදා දීපු රුපියල් දස දහසේ දීමනාව අවුරුදු තුනක් යනකොට වලංගු නැහැ. ඒ නිසා ආණ්ඩුව ජීවන වියදම් දීමනාවක් දිය යුතුයි. පෞද්ගලික අංශයේ සේවකයන්ට ජීවන වියදම් දීමනාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ටත් ගිය වර අයවැයෙන් දුන් ආකාරයට යම් සහන දීමනාවක් මෙවර අයවැයෙන් ද ලබාදිය යුතුයි.

රටේ ආර්ථිකයේ පැවැත්ම තිබෙන්නේ ඉන්ධන මතයි. ඉන්ධන ගෙන්වීම හා බෙදාහැරීම පෞද්ගලික අංශයට දීමෙන් අපේ රටේ ඉන්ධන හිඟයක් ඇති වී තිබෙනවා. තෙල් සංස්ථාව යැපෙන්නේ ඉන්දියන් තෙල් මතයි. රටට අවශ්‍ය ප‍්‍රමාණයට තෙල් ගබඩා කළ යුතුයි. නමුත් ඉන්ධන ගබඩා කිරීමට සුදුසු මට්ටමමේ තෙල් ටැංකි අප සතුව නැහැ. 8 වැනිදා මෙරටට පැමිණීමට නියමිත ඉන්ධන නැව තවත් ප‍්‍රමාද වුණොත් අර්බුදය තවත් උත්සන්න වෙනවා. ඒ නිසා ඉන්ධන අර්බුදයකදී ජනජීවිතය හා ආර්ථිකය රැක ගැනීම සඳහා සුදුසු පියවරක් ගැනීමට රජයේ අවධානය යොමුවිය යුතුයි. තෙල් සංස්ථාව ඉන්දියාවට දුන්නේ මේ ආණ්ඩුවයි. තමන්ගේ බලය පෞද්ගලික අංශයට විකුණා දමා අණ්ඩුව දැන් දත නියවගෙන ඉන්නවා” යැයි පැවැසීය.

ලංකා සමසමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙසේ පැවැසීය. 

අතරමැදියන් විශාල වශයෙන් ලාභ ලැබීම නිසා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ශීඝ‍්‍ර ලෙස ඉහළ යනවා. උත්සව සමයේදී පාරිභෝගික ද්‍රව්‍යවල මිල ඉහළ යෑම පාලනය කිරීමට රජය වහාම මැදිහත්විය යුතුයි. රජය මැදිහත්වීමක් නොවන්නේ නම් මේ ප‍්‍රශ්නය තවත් උග‍්‍රවෙනවා. පසුගිය රජය සමයේදී වී අලෙවි මණ්ඩලය ක‍්‍රියාත්මක වුණා. එම ආයතන ගොවිපළටම පැමිණ ගොවියාගෙන් අස්වැන්න මිලදී ගත්තා. ඒ නිසා ගොවියාටත් පාරිභෝගිකයාටත් සාධාරණයක් ඉටු වුණා.

එමෙන්ම අවශ්‍ය ප‍්‍රමිතියෙන්ම ඉන්ධන ලබාගැනීම සඳහා මේ ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ. පෙට‍්‍රල් හිඟයක් මතුව තිබෙන්නේ ඒ නිසයි. වෙනත් රටවල මාස දෙකකට අවශ්‍ය ඉන්ධන ගබඩා කර තබාගන්නවා. එවැනි වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වූවා නම් මෙවැනි අර්බුද මතුවෙන්නේ නැහැ. මෙවැනි අර්බුද ඇතිවෙන්නේ රජයේ පරිපාලනය දුර්වල නිසයි.

සයිටම් අර්බුධය විසඳීමට රජය විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනා හොඳයි. මේ වනවිට මාස දහයක් තිස්සේ වෛද්‍ය සිසුන් අධ්‍යයන කටයුතුවලට සහභාගිවීමෙන් වැළකී සිටිනවා. වෛද්‍ය සිසුන්ගේ මව්පියන් මාරාන්තික උපවාසයක් අරඹන්න සූදානම් වෙනවා. රට තුළ එවැනි තත්ත්වයක් ඇතිවනවාට අකමැතියි” යැයි ද මහාචාර්යවරයා පැවැසීය.



අදහස් (2)

අද වෙළෙඳපොළ හසුරුවන්නෙක් නෑ

bamunuarachchi Tuesday, 07 November 2017 08:22 AM

ඒ වුනාට පිට දේසක්කාරයෝ ගෙනත් බැංකු තමන්ගේ වාසියට හසුරවනවා.

:       0       0

Mudalaali Saturday, 25 November 2017 11:13 AM

පරණ වට්ටක්කා වලට ගිය කලක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17579 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site