IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මේ රටේ අසාර්ථකම ආණ්ඩුව කියලා පෙන්වලා තියෙනවා

සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක

  • රටේ සම්පත් විකුණන එක ආණ්ඩුව විලාසිතාවක් බවට පත්කරගෙන තියෙනවා. ආණ්ඩුවට මෙහෙම කරන්න වෙලා තියෙන්නේ දුර්වල මූල්‍ය කළමනාකරණය නිසයි. දැවැන්ත ආර්ථික අර්බුදයම විසඳගන්න යන්නේ දේශීය සම්පත් විකුණලා. 
  • මේ වගේ දුර්වල ආණ්ඩුවක් ඩොලර් ප්‍රශ්නය කොහොම විසඳා ගනීද කියලයි ජනතාව බලාගෙන ඉන්නේ. අපි විරුද්ධ පක්ෂයක් හැටියට ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වලා දුන්නා. ජනතාවගේ පැත්තෙන් අපි මේ ගැන කතා කළා. නමුත් රටේ ප්‍රශ්නවලට ආණ්ඩුවට විසඳුමක් නෑ.

රටේ අලුත් දේශපාලන තත්ත්වය ගැන සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සමග කළ සාකච්ඡාවකි.


ප්‍රශ්නය:- රටේ වත්මන් තත්ත්වය ඔබ විග්‍රහ කරන්නේ කොහොමද?


පිළිතුර:- රටේ තත්ත්වය ඉතාම භයානකයි. ආණ්ඩුව බලයට පත්වෙලා මේ කාලවකවානුව තුළ පෙන්වලා තියෙනවා මේ රටේ ඉතිහාසයේ අසාර්ථකම ආණ්ඩුව කියලා.


ප්‍රශ්නය:-කොවිඩ් වැනි මාරක වසංගතයකට මුහුණ දෙන්න වුණෙත් මේ ආණ්ඩුවට පමණයි?


පිළිතුර:- මේ ප්‍රශ්න අතිවෙලා තියෙන්නේ කොවිඩ් නිසා නොවෙයි. අසමත්කම නිසයි. අසමත්කම නිසා අර්බුද රාශියක් ඇති කරලා ජනවරම දුන් ජනතාවගේත් රටේ ජනතාවගේත් බලාපොරොත්තු සුන් කරලා ඉවරයි. ආණ්ඩුව එනකොට කියපුවා නොවෙයි දැන් කරන්නේ.


ප්‍රශ්නය:-මොනවද ඒ?


පිළිතුර:- රාජ්‍ය සම්පත් විකුණන්නේ නෑ කිව්වා. දුන්න ඒවත් ආපහු ගන්නවා කියලනේ කිව්වේ. එහෙම බලයට ඇවිත් අද වෙනකොට මොනවද කරන්නේ? විශේෂයෙන්ම පවරා ගැනීම් පවරාදීම්, පෞද්ගලීකරණය, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම්, විදේශ ආයෝජන ගැනීම ආදිය ගැන ​අද බලවත් ප්‍රශ්න තියෙනවා.


ප්‍රශ්නය:-ඔබලාගේ යහපාලන ආණ්ඩුව කාලේ හම්බන්තොට වරාය චීනයට බදු දුන්නා. දැන් මේ ගැන කතා කරනවා. විරුද්ධ වෙන්න අයිතියක් තියෙනවද?


පිළිතුර:- අපට විරුද්ධ වෙන්න හේතු දෙකක් තියෙනවා. රටේ සම්පත් විකුණන එක ආණ්ඩුව විලාසිතාවක් බවට පත්කරගෙන තියෙනවා. ආණ්ඩුවට මෙහෙම කරන්න වෙලා තියෙන්නේ දුර්වල මූල්‍ය කළමනාකරණය නිසයි. දැවැන්ත ආර්ථික අර්බුදයම විසඳගන්න යන්නේ දේශීය සම්පත් විකුණලා. අපි කියන්නේ නෑ විශාල වශයෙන් පාඩු ලබන රාජ්‍ය ආයතන ගොඩදමන්න පෞද්ගලික අංශය සම්බන්ධ කරගන්න එපා කියලා. නමුත් තමන්ගේ සමස්ත අකාර්යක්ෂමතාවය රටේ සම්පත් රටේ මර්මස්ථාන විකුණලා තමයි ගොඩ යන්න හදන්නේ. ඒකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ජනතා විරෝධයත් ඒ නිසාමයි. ඒ වගේම ලෝකය පිළිගත්ත ටෙන්ඩර් පටිපාටියකින් තමයි මේවා කෙරෙන්න ඕනෑ. නමුත් මේවා හොර පාරේ තමන්ට වැඩිම කොමිස් කුට්ටිය දෙන ව්‍යාපාරිකයන්ට විකුණනවාට අපි විරුද්ධයි. හොර රහසේ තමයි රටේ සම්පත් මේ ආණ්ඩුව විකුණන්නේ කියලා ඔප්පු වෙලා තියෙන්නේ. ඒ නිසාම කැබිනට් එක ඇතුළෙත් ප්‍රශ්න තියෙනවා.


ප්‍රශ්නය:-ආණ්ඩුව විකුණන්නේ නෑ කියනවා. පෞද්ගලික අංශය සම්බන්ධකර ගැනීමක් විතරයි වෙන්නේ.


පිළිතුර:- ඒ කියන කතානේ. ලාබ ලබන ආයතනත් විකුණනකොට කොළඹ නගරයේ පෞරාණික වටිනාකමක් තිබෙන ස්ථාන විකුණනකොට රටට වග කියන විපක්ෂයක් හැටියට අපට අහක බලාගෙන ඉන්න බෑ.


ප්‍රශ්නය:- ඔබලා කාලයක් පොහොර ප්‍රශ්නයෙ එල්ලිලා හිටියා. දැන් මේ ප්‍රශ්නය?


පිළිතුර:- පොහොර ප්‍රශ්නය විසඳිලා නෑ. මේ රටේ ගොවි ජනතාවට විශාලම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. සාගතයකට අත වනන තත්ත්වයට ආණ්ඩුව මේ ප්‍රශ්නය අරගෙන තියෙනවා.


ප්‍රශ්නය:- කාබනික පොහොර භාවිතයට යනවා කියන එක මැතිවරණ ප්‍රකාශනයේ තියෙනවා.


පිළිතුර:- ඒකෙ තියෙන්නේ ක්‍රමානුකූලව කියලා එක පාරටම ගහෙන් ගෙඩි එන්නා වගේ රසායනික පොහොර අයින් කරලා කාබනික පොහොරවලට යන්න මං හිතන්නේ නෑ කිසිම රටකට පුළුවන් කියලා. ලෝකයේ කොහේවත් නැති වැඩක් තමයි මේ කරන්න හදන්නේ. ඒකේ අසාර්ථකකම දැන්ම පේනවා. වී ගොවීන්, එළවළු ගොවීන්, අපේ පළාත්වල තේ ගොවීන්. මේ ඔක්කොම අද විශාල අර්බුදයකට ගිහින් තියෙනවා. කෘෂිකර්මාන්තය බරපතළ අනතුරකට ලක් කරලා තියෙනවා. කෘෂිකර්ම ඇමතිවරයා කිව්වා චීනයෙන් ගේන පොහොරවල කිසිම ප්‍රශ්නයක් නෑ. මේක මුළුමනින්ම මුහුදු පැළෑටිවලින් හදලා තමයි තියෙන්නේ කියලා. නමුත් මේ වන විට ඒක සම්පූර්ණ බොරුවක් බව ඔප්පු වෙලා තියෙනවා.


ප්‍රශ්නය:-ආණ්ඩුව ඒ පොහොර තොගය නැවැත්තුවා?


පිළිතුර:- මම කියපු කාරණයනේ ඒකෙන් සනාථ වෙන්නේ. චීනයේ අපද්‍රව්‍ය හා ආගන්තුක බැක්ටීරියා අපේ රටට ඇතුල්වෙලා කෘෂිකර්මාන්තයට විශාල අනතුරක් වෙන්න යනවා. ​ගොවියා ගොවිතැනින් ඉවත්වෙන තැනට ප්‍රශ්නය උග්‍රයි. එක පුද්ගලයකුගේ හිතුවක්කාර අත්තනෝමතික තීන්දු තීරණ නිසා හා පොහොර ගේන්න ආණ්ඩුවට ඩොලර් නැති නිසා ආණ්ඩුව මේ කාබනික පොහොර කියන මාතෘකාව එළියට දාලා අද විශාල ප්‍රශ්නයක් රට තුළ නිර්මාණය වෙලා තියෙනවා.


ප්‍රශ්නය:- විපක්ෂය හිතුවා ආණ්ඩුව​ මෝල් හිමියන් ඉදිරිපිට දණ නමයි කියලා. නමුත් එහෙම වෙන්නේ නෑ කියලා ආණ්ඩුව කියනවා.


පිළිතුර:- හාල් ප්‍රශ්නය ගත්තත් ඉස්සෙල්ලාම විධායක ජනාධිපතිකමට වරමක් ඉල්ලුවා. හැට නම ලක්ෂයක් ජනතාව ඒ වරම දුන්නා. ඒ වරම වගේම තුනෙන් දෙකක බලයක් ඕනෑ කිව්වා. ඒකත් ලබා දුන්නා. ඊට පස්සෙ කිව්වා 20 සම්මත කරගෙන තනි තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනෑ කිව්වා. ඒකත් සම්මත කර ගත්තා. ඒකාධිපති බලතල තනි පුද්ගලයකු අතට ගත්තා. ඊට පස්සේ හාල් මිල පාලනය කරනවා කියලා මුලින්ම අපි දැක්කා හමුදාව සම්බන්ධ කරගෙන ඩේටා බේස් එක ඒ අය ළඟ තියෙනවා කියලා සියලුම තොරතුරු තියෙනවා කියලා කතන්දර කිව්වා. ඊට පස්සෙ හාල් මිල පාලනය කරනවා කියලා කිව්වා. මාසෙන් මාසෙට ගැසට් ගහන හැටි අපි දැක්කා. අන්තිමට බැරි තැන පාරිභෝගික සේවා අධිකාරියෙ සභාපති සහල් නිලධාරීන් මාධ්‍යත් වට කරගෙන ගිහිල්ලා වී මෝල්වලට කඩා පැනලා මාධ්‍ය සංදර්ශන කළා. ඊට පස්සෙ කිව්වා පිට රටින් හාල් ගෙන්වලා මිල පාලනය කරනවා කියලා. ඇමතිවරු එකිනෙකට පරස්පර කතා කිව්වා. රටේ ජනතාව බලාගෙන හිටිය මේ සංදර්ශන පෙන්වන හැටි. අන්තිමට ​අත්‍යවශ්‍ය කොමසාරිස් කෙනෙක් පත් කළා කියලා මහා බලාපොරොත්තුවක දුන්නා. අපි දැක්කා වී මෝල්වලට ගිහින් සහල් තොග ලොරිවලට පටවාගෙන යන සංදර්ශන අපි දැක්කා. ඒකත් බැරි වුණ තැන කිව්වා මේක පාලනය කරන්න අපට හදිසි නීතිය පනවන්න ඕනැ කියලා.


ප්‍රශ්නය:- නමුත් පාර්ලිමේන්තුවේදි ඔබලා එයට විරුද්ධ වුණා.


පිළිතුර:- ඔව්. අපි විරුද්ධ වුණා. නමුත් ඔවුන්ගේ තුනෙන් දෙකේ බලයෙන් පනත සම්මත කරගෙන හදිසි නීතිය දාගත්තා. ඊට පස්සේ එක පෙළට ගැසට් ටික රිවස් වෙන්න පටන් ගත්තා. ඒ විතරක් නොවෙයි ඉතිහාසයේ පළමු වරට වී මෝල් හිමියෝ ජාතිය අමතලා වී මිල හාල් මිල ප්‍රකාශයට පත් කළා. ආණ්ඩුවක් මේ තරම් දුර්වල තත්ත්වයට කවදාවත් පත්වෙලා නෑ. ජාතියේ ප්‍රධානම ආහාරය වන බත් පතට මේ තරම් තොවිල් නටලත් විසඳුමක් ලබා දෙන්න බැරි වුණා. මේ දුර්වල ආණ්ඩුව රට මුහුණ දෙන අනෙකුත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න විසඳගන්නේ කොහොමද?


ප්‍රශ්නය:- ඇත්තටම රටේ ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. ලෝක ආර්ථිකයත් කඩා වැටිලා තියෙන්නේ.


පිළිතුර:- මේ වගේ දුර්වල ආණ්ඩුවක් ඩොලර් ප්‍රශ්නය කොහොම විසඳා ගනීද කියලයි ජනතාව බලාගෙන ඉන්නේ. අපි විරුද්ධ පක්ෂයක් හැටියට ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වලා දුන්නා. ජනතාවගේ පැත්තෙන් අපි මේ ගැන කතා කළා. නමුත් රටේ ප්‍රශ්නවලට ආණ්ඩුවට විසඳුමක් නෑ. දැන් බලන්න ජීඑස්පී සහනය කලිනුත් මේ අය නැති කර ගත්තා. ඊට පස්සෙ අපේ යහපාලන ආණ්ඩුවට පුළුවන් වුණා ඒක නැවත ලබා ගන්න. දැන් නැවත ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිකරගෙන තියෙනවා. මේවා ආණඩුව විසින්ම ඇතිකරගත්ත දේවල්. ජීඑස්පී සහනය නැති වෙන්න ප්‍රධාන වශයෙන්ම හේතු වුණේ ලෝකය ඉදිරියෙ මේ අයගේ හැසිරීම. මහත්මා ගුණ පෙන්වනවා වෙනුවට රට තුළ වගේම ලෝකය ඉදිරිපිටත් දාමරිකකම් පෙන්වනවා. අපි විරුද්ධ පක්ෂයක් හැටියට අද කටයුතු කරන හැටි බලන්න. මේ අය විපක්ෂයෙ හිටියානම් අද කොහොමද හැසිරෙන්නේ කියලා බලාගන්න තිබුණා.


ප්‍රශ්නය:-ආණ්ඩුව නම් කියන්නේ විපක්ෂය කකුලෙන් අදිනවා කියලයි?


පිළිතුර:- අපිද? අපේ විපක්ෂනායකතුමා අපේ පක්ෂය ජාත්‍යන්තරයට කතා කරමින් මේ ජීඑස්පී සහනය ලබාගන්න උත්සහ කරනවා. මේ ආණ්ඩුවට ජාත්‍යන්තර පිළිගැනීමක් නෑ. ඊයේ පෙරේදා අපි දැක්කා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවට රටේ නායකයා සහභාගී වුණාම බලවත් රාජ්‍ය නායකයන් හමුවෙලා සාකච්ඡා කරලා රටට යම් ප්‍රතිලාභයක් දෙන්න ඕනෑනේ. අපේ කාලයෙදි වුණේ එහෙමනේ. රටේ නායකයාට මෙවර එහෙම අවස්ථාවක් ලැබුණේ නෑ. අපේ නිලධාරීන් කොච්චර උත්සහ කළත් ඒ රටවල්වල නායකයන් ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අඩුම තරමින් එකට ඉඳගෙන ගත්ත ඡායාරූපයක්වත් තියෙනවාද. මේ තත්ත්වය ඇතිකරගෙන තියෙන්නේ ආණ්ඩුව විසින්මයි. බලයට එනකොට මොනවද කිව්වේ දැන් කරන්නේ මොනවද? ආණ්ඩුව තමන්ගේ අසමත්කම වහගන්න විවිධ සංදර්ශන පවත්වනවා. සන්ධානයේ පක්ෂ නායකයෝ ගැටුම් ඇතිකර ගන්නවා. පොහොට්ටුවේ ලේකම් ඔවුන්ට යන්න කියනවා. මන්ත්‍රීවරු ඇමතිවරු හැප්පෙනවා. මේවා දිහා බලාගෙන ඉන්නකොට රටේ ජනතාවට ප්‍රශ්න අමතක වෙනවා. ඒ නිසා අපි ජනතාවට කියනවා අවදියෙන් ඉන්න කියල.

 

 

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

 



අදහස් (0)

මේ රටේ අසාර්ථකම ආණ්ඩුව කියලා පෙන්වලා තියෙනවා

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 207 5

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1190 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 980 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2323 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2169 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3694 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site