පහුගිය සුමානෙ ඉතා අපූරු බටහිර චිත්‍රපටයක් නරඹන්න ලැබුණා. මේ සිනමාපටයේ නම The Substance.
වයසට යාම පිළිබඳ භීතිය කේන්ද්‍ර කරගත්, උපහාසය සහ හාස්‍යය ද ගැබ් කරගත් භීම ( Horror) චිත්‍රපටයක් හැටියට මේ සිනමා කෘතිය හැඳින්විය හැකියි. මේක තරමක් දුරට බුදු දහම හා අනුකූල වන නිර්මාණයක් කියලත් හිතුණා.
The Substance චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ අපූරු කතාවක්. මෙහි ප්‍රධාන චරිතයේ නම එළිසබෙත් ස්පාක්ල්. ඇමෙරිකානු සිනමාවේ දක්ෂ, ජ්‍යෙෂ්ඨ නිළියක වන ඩෙමී මුවර් තමයි එළිසබෙත් ගෙ චරිතය රඟපාන්නෙ.
එළිසබෙත් වයස අවුරුදු 50 ක කාන්තාවක්. කලක් ඉතා ජනප්‍රිය නිළියක වූ ඇය ගේ ආකර්ශනීය බව දැන් කෙමෙන් ගිලිහෙමිනුයි තියෙන්නෙ. චිත්‍රපටය ආරම්භ වෙන්නෙ ඇයගේ 50 වැනි උපන් දිනය දවසේ සිදුවන සිද්ධියකින්.
ඇය ඒ වනවිට එක්තරා රූපවාහිනි නාලිකාවක ශාරීරික ව්‍යායාම පිළිබඳ වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටිනවා. කෙසේ හෝ වේවා, ඇයට අවුරුදු 50 පිරෙන දවසේ එම නාළිකාවේ හිමිකරුවා එළිසබෙත්ව එම වැඩසටහනෙන් ඉවත් කරනවා. එයට හේතුව ඇය දැන් වියපත්ව සිටීම යි. එළිසබෙත් වෙනුවට තරුණ වියේ කෙනකු යොදා ගැනීමටයි හාවි නමැති මේ නාළිකා හිමිකරුවා බලාපොරොත්තු වෙන්නෙ.
මෙම සිද්ධිය එළිසබෙත් තුළ දැඩි කම්පනයක් සහ කලකිරීමක් ද, ආත්ම විශ්වාසයේ බිඳ වැටීමක් ද, අසරණ බවක් ද ඇති කරනවා. අවුල් වූ මනසින් යුතුව එදින නිවෙසට එමින් සිටිය දී එළිසබෙත් රිය අනතුරකට මුහුණ දෙන අතර ඇය රෝහල්ගත කරනු ලබනවා.
රෝහලේ සිට එද්දී එහි සිටින හෙද නිලධාරියෙක් ඇයට රහසින් ඇයගේ කබායේ සාක්කුවට පෙන් ඩ්‍රයිව් (Pen drive) එකක් වැනි උපාංගයක් දමන අතර එළිසබෙත් එය දකින්නේ පසුව යි. නිවෙසට පැමිණෙන ඇය එය රූපවාහිනියට සම්බන්ධ කර එහි ඇත්තේ කුමක්දැයි බලනවා.
එහි තිබෙන්නේ කිසියම් රහස් ඖෂධයක් පිළිබඳ ඔත්තුවක්. එම ඖෂධය එන්නත් කර ගත්විට තමාගේම පිටපතක් වැනි තවත් චරිතයක් තමාගේ ශරීරය තුළින්ම බිහි කර ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් වෙනස වන්නේ එම චරිතය මුල් චරිතයට වඩා බෙහෙවින් තරුණ, රූමත්, පරිසමාප්ත කෙනෙකු වීමයි. ඒ අනුව එකම පුද්ගලයාගේ වියපත් version එකක් සහ තරුණ version එකක් නිර්මාණය වෙනවා.
නමුත් මේ චරිත දෙකට එකවර "ජීවත් වීමට" ලැබෙන්නේ නැහැ. ඔවුන්ට ඒ සඳහා ඉඩ ලැබෙන්නේ සතියෙන් සතිය මාරුවෙන් මාරුවට යි. එක් චරිතයක් ජීවත් වෙද්දී අනෙක් චරිතය සම්පූර්ණයෙන්ම අක්‍රිය තත්වයට පත්වෙනවා.
කෙසේ හෝ වේවා, මහලු වීම, විරූපී වීම පිළිබඳ කලකිරීමකින් සහ බියකින් පසුවන එළිසබෙත් මෙම රහස් ඖෂධය ලබා ගැනීමට තීරණය කරනවා. ඒ ඇයට නැවත තාරුණ්‍යය අත්කර ගැනීමට අවශ්‍ය වන නිසා යි.
මේ අනුව එළිසබෙත් ඉහත කී ඖෂධය ලබා ගන්නා අතර එයින් පසු ඇගේ සිරුර පළාගෙන අර තරුණ version එක මතුවෙනවා.
එයින් පසු චිත්‍රපටය ඉදිරියට යන්නේ මෙම තරුණ සහ වියපත් versions දෙක අතර සිදුවන සිදුවීම් දාමයක් ඔස්සේ යි. තරුණ චරිතය හැඳින්වෙන්නේ "සූ" (Sue) යන නමින්.
මේ වනවිට පෙර සඳහන් කළ නාළිකාවේ හිමිකරුවා එළිසබෙත් වෙනුවට අලුත් කෙනෙක් සොයමිනුයි ඉන්නේ. සූ ඒ සඳහා ඉල්ලුම් කරන අතර ඇය ඒ සඳහා තෝරා ගැනෙනවා.
මෙවැනි සිදුවීම් පෙළක් ඔස්සේ ඉදිරියට යන එළිසබෙත් සහ සූ අතර සම්බන්ධය එකිනෙකාට වෛර කරන තත්වයකට පත්ව මාරාන්තික ගැටුමක් බවට පරිවර්තනය වෙනවා.
කලින් ද සඳහන් කළ පරිදි The Substance සිනමාපටයේ කේන්ද්‍රීය තේමාව වන්නේ වයසට යාමට සහ විරූපීභාවයට පත් වීමට, විශේෂයෙන් කාන්තාවන් තුළ පවතින බිය හා ඒ නිසා ඇතිවන මානසික කාංසාව යි. සදාකාලික තාරුණ්‍යයක් සහ "අමරණීයත්වයක්" වෙනුවෙන් පවතින අසීමිත ආශාවත් මේ තුළ ගැබ් වෙනවා. කාන්තා රූපය සහ ශරීරය පිළිබඳ පුරුෂ මූලික ආකල්ප විසින් හැඩගස්වනු ලබන සමාජය එම කාන්තාවන්ගෙන් අපේක්ෂා කරන ප්‍රතිරූපයත් මෙහි දී මෙම කාංසාවට හේතුවක් වෙනවා. මෙම තත්වය තුළ කාන්තාවක මුහුණ දෙන ඛෙදවාචකයක් පිළිබඳ කතාවක් තමයි The Substance විසින් ප්‍රධාන වශයෙන්ම සිනමාවට නගනු ලබන්නේ.
ජීවිතයේ වෙනස් වීම් සහ අනිත්‍ය බව ඒ ආකාරයෙන් භාර ගැනීමටත්, තේරුම් ගැනීමටත් ඇති නොහැකියාව ද මේ ඛේදවාචකයේ සංඝටකයක්. The Substance බුදු දහමේ ඉගැන්වීම්වලට කිට්ටුවෙන් යන නිර්මාණයක් බව සඳහන් කළේ ඒ නිස යි.
තරුණ බව සහ මහලු බව යනු අනිත්‍ය බව ආත්ම කරගත් ශරීරයේ එකිනෙකින් වෙන් කළ නොහැකි අවස්ථාවන් දෙකක් ලෙස සැලකිය හැකියි. නමුත් එළිසබෙත් නියෝජනය කරන සමාජය (වගේම අප බොහෝ දෙනෙකු ) මේ දෙක දෙකක් හැටියට සලකන්නට පෙලඹෙනවා. චිත්‍රපටය තුළ තරුණ සහ මහලු යන වෙනම versions දෙකක් නිර්මාණය කිරීමත්, ඒ දෙක අතර මාරාන්තික ගැටුමක් ඇති වීමත් තුළින් පිළිබිඹු කරන්නට උත්සාහ කරන්නේ මෙම බෙදුම්කරණය සහ එහි ප්‍රතිවිපාක බවයි මට හිතුණේ.
චිත්‍රපටය අවසන් වන්නේ මෙහි ඇති සානුකම්පික බව මෙන්ම විකාර සහගත බව ද, හාස්‍යජනක බව ද, නිස්සාරත්වය ද පිළිබඳ හැඟීමක් ප්‍රේක්ෂකයා තුළ ජනිත කරමින්.
නරඹන්නා ඉතා නැවුම් සිනමා අත්දැකීමක් වෙත කැඳවාගෙන යන The Substance හි තිරරචනය ලියා අධ්‍යක්ෂණය කර ඇත්තේ කාන්තාවක වීමත් විශේෂත්වයක්. ප්‍රංශ ජාතික නිර්මාණකාරියක වන ඇගේ නම කොරෙලී ෆාර්ජා.
2024 වසරේ නිර්මාණය වූ මේ සිනමාපටය එම වසරේ කාන් සිනමා උළෙලේ දී හොඳම තිර රචනය සඳහා පිදෙන සම්මානය දිනාගන්නට සමත් වූ අතර එම උළෙලේ දී පිදෙන ඉහළම සම්මානය වන Palme d' Or සම්මානය සඳහාත් නිර්දේශ වුණා.
කොරෙලී ගේ තිර රචනය සහ අධ්‍යක්ෂණය වගේම මෙහි ප්‍රධාන චරිතය රඟපාන ඩෙමී මුවර්ගේ රංගනයත් විශාල වශයෙන් කතාබහට ලක් වුණා.
2025 ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම තිර රචනය, හොඳම වේෂ නිරූපනය යන සම්මාන සඳහා The Substance නිර්දේශ වූ අතර ඒ අතරින් හොඳම වේෂ නිරූපනය සම්මානය හිමි කරගන්නටත් සමත් වුණා.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තරුණ - මහලු ජීවිතයේ යථාර්ථය විනිවිද දකින The Substance