IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


A Widow’s Game

පිච්චැර් පිස්සා

 


 

අලුත්ම ස්පාඤ්ඤ සිනමා කෘතියක් ගැනයි අද මේ සටහන. ස්පාඤ්ඤ සිනමාවත් ඉතා අපූරු නිර්මාණ  ප්‍රේක්ෂකයන් වෙත තිළිණ කරන සිනමාවක් බව රහසක් නොවෙයි.

පසුගිය මැයි මාසයේ ප්‍රදර්ශනය සඳහා මුදා හැරුණු මේ චිත්‍රපටයේ නම ස්පාඤ්ඤ බසින් සඳහන් වෙන්නෙ La Viuda Negra යනුවෙන්. ඉංග්‍රීසි බසින් එය නම් කර තිබුණේ A Widow's Game යන නමිනු යි.

La Viuda Negra යන්නෙහි ඉංග්‍රිසි අර්ථය Black Widow යන්න යි. විෂ සහිත මකුළු වර්ගයකුත් මේ නමින් හැඳින්වෙනවා. මෙම මකුළුවන් ගේ ගැහැනු සතුන් ලිංගික එක් වීමෙන් පසු පිරිමි සතා මරා අනුභවයට ගන්නා අවස්ථා තිබෙනවා.
මේ නිසා සිය සැමියා මැරූ කාන්තාවන් ද මේ නමින් හැඳින්වෙනවා.
A Widow's Game චිත්‍රපටය  අප වැනි රටවල සිනමාපට තුළින් සුලබව  හමු නොවන ආකාරයේ කාන්තා චරිතයක් කේන්ද්‍ර කරගෙන දිගහැරෙන චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන චරිතය වන මාජෙ  දැඩි  කාමාශාවෙන් පෙලෙන තරුණ කාන්තාවක්. ඇය කාමෝන්මාදය (nymphomania) නමැති තත්වයෙන්  පෙලෙන බවකුත් පෙනෙනවා.

චිත්‍රපටය පටන් ගන්නේ තට්ටු නිවාස ගොඩනැගිල්ලක් වැනි තැනක යටි බිම් මහලේ ( basement)  දර්ශනයකින්. තරුණ යුවළක් මෝටර් බයිසිකලයකින් පැමිණ එහි එම බයිසිකලය නවත්වා පිටව යාමට සූදානම් වෙද්දී දකින දර්ශනකින් ඔවුන් භීතියට පත් වෙනවා. ඔවුන් දෙදෙනා දකින්නේ එහි නවතා ඇති වාහනයක් අසල කිසියම්  පිරිමි පුද්ගලයකු ඉතා බිහිසුණු ආකාරයෙන් මරා දමා ඇති ආකාරය යි.

ඔවුන් මේ ගැන පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිසිය මෙම අබිරහස් ඝාතනය සම්බන්ධයෙන්  විමර්ශනයක් ආරම්භ කරනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ ආර්තුරෝ නමැති පුද්ගලයෙක්. ලිපිය ආරම්භයේ සඳහන් කළ මාජේ ඔහුගේ බිරිඳ යි. ඔවුන් විවාහ වී ඒ හැටි කාලයක් නැති බවයි පෙනෙන්නේ.

ආර්තුරෝ ගේ මරණය ගැන පොලිසිය මාජේට දැනුම් දීමෙන් පසු එම ස්ථානයට පැමිණෙන ඇය  හැසිරෙන්නේ සිය සැමියාගේ මරණයෙන් මහත් කම්පනයට පත් ආකාරයෙන්.


කෙසේ හෝ වේවා පොලිස් විමර්ශනය ඉදිරියට යද්දී ඉතා අඳුරු කතාන්දරයක් ටිකෙන් ටික හෙළිදරව්  වීමට පටන් ගන්නවා.

කලින් සඳහන් කළ ලෙසම දැඩි කාමාශාවෙන් පෙළෙන මාජේ  ආර්තුරෝ සමග විවාහ වීමට ඔන්න මෙන්න කියා  තිබියදීත්   අන්ද්‍රේ නමැති තව පිරිමියකු සමගත් ලිංගික සම්බන්ධයක් පවත්වා ඇති බව අනාවරණය වෙනවා. විවාහයට කලින්ම ආර්තුරෝ මෙය දැන ගත්තත් ඔහු ඇයට සමාව දී ඇය සමග විවාහ වෙනවා.

විවාහයෙන් පසුවත්  මාජේ   ඩැනියෙල් සහ සැල්වා නමැති තව පිරිමින් දෙදෙනෙකු සමගත් ආශ්‍රය කරන බව හෙළිදරව් වෙනවා. මාජේ  විවාහක කාන්තාවක බව ඩැනියෙල් දන්නේ නැහැ. නමුත් සැල්වා ඒ බව දන්නවා.

ආර්තුරෝ ගේ අබිරහස්  මරණය සිදුවන්නේ මෙවැනි පසුතලයක් තුළ යි.  මාජේ ගේ සංකීර්ණ ලිංගික සබඳතා ජාලයත්, ආර්තුරෝගේ මරණය පිළිබඳව කෙරෙන කුතුහලය දනවනසුලු පොලිස් විමර්ශනයත් නිසා A Widow's Game  ඉතා නාටකීය කතන්දරයක්  බවට පත් වෙනවා.

මෙම සිනමාපටය නිර්මාණය වී ඇත්තේ සත්‍ය සිදුවීම් පෙළක් ඇසුරෙන් වීමත් විශේෂත්වයක්.

කාලෝස් සෙඩේස් ගේ අධ්‍යක්ෂණයක් වන A Widow's Game චිත්‍රපටය මට දැනුණේ ලිංගිකත්වය තුළ යම්  නිදහසක් අපේක්ෂා කරන ගැහැනියක් විවාහයක් තුළ කොටු වීමෙන් පසු ගොඩ නැගෙන ඛේදවාචකයක් පිළිබඳ කියැවෙන සිනමා කෘතියක් හැටියට යි. මාජේ ගේ මවුපියන් ඇතුළු පවුල  යම් දුරකට ආගමික පදනමක් මත ගොඩ නැගුණු එකක් හැටියටයි නිරූපණය වන්නේ.   එම සම්ප්‍රදායික පසුබිම තුළ මාජේට  විවාහ නොවී සිටින්නට බැරි වෙන්නට ඇති. නමුත් ඇයගේ ලිංගික අපේක්ෂාවන් විවාහයේ සීමාවන් තුළ සිරවෙන්නට සූදානම් නැහැ. මේ නිසා ඇති වන ගැටුම් සහ අර්බුද හරහා යි චිත්‍රපටය ඉදිරියට දිවෙන්නේ.

සිනමාපටය තුළ මාජේ  තරමක් දුරට "දුෂ්ට"  චරිතයක් ලෙසයි නිරූපණය වෙන්නෙ. ඇය ඇගේ පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් පිරිමින් පාවිච්චි කරන ආකාරය, ඔවුන්ට බොරු කරන ආකාරය, ඔවුන් රවටන ආකාරය, මෙවැනි බොහෝ දුෂ්ට ලක්ෂණ ඇය තුළින් පළ වෙනවා. එවැනි ලක්ෂණ ඇය තුළ තිබුණා වුවත් ඇය පිළිබඳ යම් සානුකම්පිත බැල්මක් හෙළ
න්නටත් නිර්මාණකරුවන්ට තිබුණාය යන හැඟීමක් චිත්‍රපටය අවසානයේ මගේ හිතේ ඇති වුණා.

මාජේ  ගේ හැසිරීම් රටාව බොහෝ දුරට ගොඩ නැගෙන්නේ ඇය ගේ ලිංගික ජීවිතය තුළ ඇති සංකීර්ණ ස්වභාවය  පදනම් කරගෙන යි. ඇයගේ එම තත්වය උපතින්, ජානමය හා හෝමෝනමය සාධක ආදිය මත ඇති වූවක් විය හැකියි. ඒ නිසා මාජේටත් එම හැසිරීම් පාලනය කර ගැනීම පහසු කටයුත්තක් නොවෙන්නට පිළිවන්. ඇය ගැන යම් සානුකම්පිත බැල්මක් ද හෙලන්නට තිබුණා යයි සිතුණේ ඒ නිසායි.

මෙවැනි සමහර ගැටලු තිබුණා වුවත් A Widow's Game මුල සිට අග දක්වාම ප්‍රේක්ෂකයා දැඩි ලෙස ග්‍රහණයට ගන්නා  කුතුහලයෙන් පිරි සිනමාපටයක්. මෙහි මාජේ ගේ චරිතය නිරූපණය කරන ඉවානා බකේරෝ ගේ අපූරු රංගනය ගැනත් මෙහි දී සිහිපත් කළ යුතුම යි.



අදහස් (0)

A Widow’s Game

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site