IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රැකියා දශ ලක්ෂයේ ව්‍යාපෘතිය කතාවට පමණයි - ජොන්ස්ටන්

(ආරියරත්න රණබාහු, සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පසුගිය රජයේ රැකියා දශ ලක්ෂයේ ව්‍යාපෘතිය කතාවට පමණක් සීමාවී තිබූ ව්‍යාපෘතියක් යැයි ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ කීය.

උදය ගම්මන්පිල මහතා:

පසුගිය රජයේ ලොකුම ව්‍යපෘතිය වූ රැකියා දශ ලක්ෂය ව්‍යාපෘතිය තිබුණේ මාධ්‍යවල පමණද?

ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා:

ඒක කතාවට පමණක් සීමා වෙච්ච දෙයක්. ඒ නිසා තමයි රටේ ජනතාව ඒ ආණ්ඩුව අවුරුදු පහක් යන්න ඉස්සෙල්ලා යැව්වේ. තරුණයන්ට සම්පූර්ණයෙන් බොරු කළ ආණ්ඩුවක්.

කබිර් හසීම් මහතා:

මේ වගේ මෝඩ ප‍්‍රශ්න අහනකොට උත්තර දෙන්න  ඕන අපි මේ ව්‍යාපෘතිය රස්සාවල් දෙන ඒවා පොතේ පතේ ලියල තිබ්බේ නැහැ. අර්ථසාධක ගිණුම් අරගෙන බලන්න කොපමණ රස්සා දුන්නද කියලා. අපේ ලක්ෂ 10 අරමුණට ගිහින් තියෙනවා. මේ අය කරන විදියට කැලෑ කැපීමට සහ කාණු ශුද්ධ කිරීමට අපි දැම්මේ නැහැ.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා:

ජනාධිපතිවරණයට පෙර 2014 මහින්ද රාජපක්ෂ මහතා චක‍්‍රලේඛයක් ගෙනාවා සියලූම අනියම් කොන්ත‍්‍රාත් අය ස්ථිර කරන්න කියලා. ඒක හරියට කෙරුණේ නැහැ. ඒ රස්සා අපි ස්ථිර කළා. ඒ වගේ තත්ත්වයක් දැන් උදාවෙලා. දසදහස් ගණනක් එළියට දාලා. රැකියා කොච්චර ගණනක් ඇති කළාද කියල අහනකොට මෙතුමලාට පොඩි කලබලයක් ඇතිවෙනවා. කරුණාකරලා ඒ එළියට දැම්ම සියලූ දෙනාම ඇතුළට ගන්න. ඒ රස්සා ටික ස්ථිර කරන්න. අපි මහින්ද රාජපක්ෂ මහත්තයා රස්සා දුන් අය එළියට දැම්මේ නැහැ. ස්ථිර කළා.

ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා:

විපක්ෂ නායකතුමා කියනවා රස්සා දුන්නා කියලා. නමුත් ජනාධිපති කොමිසමට ගිහින් මොනවද කිව්වේ. රාජ්‍ය නිලධාරීන් පාවා දුන්නා. නීත්‍යානුකූල නොවන රස්සා දීපු නිසා කොන්ද පණ තියාගෙන කොමිසම ඉදිරියට ගිහින් හරියට කෙළින් උත්තර දෙන්න බැරිවුණා. එහෙම විපක්ෂනායක කෙනෙක් තමුන්නාන්සේලා මේ රටේ තරුණයන්ව රැවටෙව්වා.

උදය ගම්මන්පිල මහතා:

රැකියා දශ ලක්ෂයකුත් දීලා මෙතුමලා ගෙදර යැවීම බරපතළ අසාධාරණයක්. නමක් ගමක් දන්නේ නැතත් මනුස්සයෙක් වගේ පොතේ පතේ ලියන්නේ නැතුවනේ රැකියා දශ ලක්ෂයම දීලා තියෙන්නේ. රැකියා දශ ලක්ෂය බෙදී ගිය ආකාරය දැනුම්දෙන්න.

කබීර් හෂීම් මහතා:

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අදත් හාරපන්දාහක් උද්ඝෝෂණය කරනවා. විධිමත්ව තිබූ රැකියාවලින් ඒ අය දොට්ට දාලා අපි රැකියා දෙනවිට පක්ෂ පාට බැලූවේ නැහැ.

ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා:

හාර පන්දාහක් එළියට දාලා නැහැ. කොන්ත‍්‍රාත් පදනම මත ගත් අයවත් හරියට බඳවාගෙන නැහැ. ඒ අය ගත්තේ ගෙවල් ගානේ කැන්වසින් යන්න. ඒ තමයි තිත්ත ඇත්ත.

රංගේ බණ්ඩාර මහතා:

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට වාඩිවී සිටින 7,500 තරුණ තරුණියන්ගේ අතර අනුරාධපුරයේ පොහොට්ටු මන්ත‍්‍රී කෙනෙක් අතින් පත්වීම් ගත්ත කෙනෙකුත් ඉන්නවා.

ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා:

රැකියා දෙන්න පුරප්පාඩු තියෙන්න  ඕනෑ. පුරප්පාඩු නැති නිසා තමයි කොන්ත‍්‍රාත් පදනමට ගත්තේ. මේ රජය අසාධාරණ වැඩ කරන රජයක් නොවෙයි.  



අදහස් (0)

රැකියා දශ ලක්ෂයේ ව්‍යාපෘතිය කතාවට පමණයි - ජොන්ස්ටන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 162 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1580 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site