
(ඩයනා උදයංගනී)
මන්ත්‍රීවරුන්ගේ ෆයිල් සහ බෑග් උස්සාගෙන යාමට පොලිස් නිලධාරීන් ලබාදිය නොහැකි බව වාරිමාර්ග අමාත්‍ය, අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද(23) පැවසීය.
මන්ත්‍රීවරුන්ට පමණක් නොව සමස්ත ජනතාවටම ආරක්ෂාව ලබා දීමට රජය කැප වී සිටින බව කී ඇමතිවරයා කිසිවෙකුගේ ආරක්ෂාවට තර්ජනයක් නැතැයි ද කීවේය.
රටේම සිටින්නේ පොලිස් නිලධාරීන් 85,000ක් බව කී ඇමතිවරයා ඉන් 38,000ක් මන්ත්‍රීවරුන්ගේ හා වෙනත් අයගේ ආරක්ෂාව යොදවා ඇතැයි ද සඳහන් කළේය.
ඇමති චමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදුන් පොලිස් නිලධාරීන් සිව් දෙනා දෙදෙනකු දක්වා අඩුකිරීම සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ඇතැම් පොලිස් කොට්ඨාශ වල පොලීසියේ රාජකාරී කටයුතු සඳහා යෙදවීමට හෝ පොලිස් නිලධාරින් නොමැති තත්වයක් උදා වී ඇති බවත් ඇතැමුන් පුද්ගලික ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් වැඩිපුර ඉල්ලා සිටින්නේ මහජනතාව කෙරෙහි විශ්වාසයක් නොමැති නිසා බවත් අමාත්‍යවරයා මෙහිදී කීවේය.
2025 නොවැම්බර් මස 04
162
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2055
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1580
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘මන්ත්‍රීවරුන්ගේ බෑග් හා ෆයිල් උස්සාගෙනයාමට පොලිසිය දෙන්නේ නෑ‘