(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

වන අලි තර්ජන හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටලු වලට විසඳුම් සෙවීම සඳහා විෂය බාර ඇමැතිවරයාගෙන් සහ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් යුත් කමිටුවක් පත්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4)  පැවසීය.

සතියකට හෝ මසකට වරක් රැස් වී වන අලි තර්ජන පවතින ප්‍රදේශ පිළිබඳ සොයා බලා විසඳුම් සෙවීම එම කමිටුව වෙත පැවරෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අගමැතිවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාවේ දී එ.ජා.ප මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.