(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම නාගවිල්ලුව ප්‍රදේශයේ ජන්ද දායකයින්ට අද (24 ) දින සවස වියළි සලාක මලු බෙදා දි ජන්දය ඉල්ලා සිටිම පිළිබඳ කෝප වු පිරිස් තම වියළි සලාක මලු එරික්කුලම්පිට්ටි මුස්ලිම් දේවස්ථානයකට ආපසු බාර දි ඇතැයි වාර්තාවේ.
වන්නිය නියෝජනය කරනු ලබන ප්‍රබල ඇමතිවරයකුගේ හිතවතෙක් නාගවිල්ලුව කොට්ඨාශයෙන් එක්සත් ජාතික පක්ෂයට තරග වදි. ඔහු වෙනුවෙන් මෙම වියළි සලාක මලු නාගවිල්ලුව ප්‍රදේශයේ ජනතාව අතර බෙදා දි පසුව ඔහුට ජන්දය දෙන ලෙස ඉල්ලා තිබේ. ඡන්දය ඉල්ලා සිටීමෙන් පසුව ප්‍රදේශයේ පිරිස්
එයට විරෝධය පා තිබේ .
එහිදි සලාක මලු බෙදීමට පැමිණි පිරිස් පිටව ගොස් ඇති නමුත් පසුව සලාක මළු ලබා ගත් ඇතැම් පිරිස් එම බඩු මලු එරික්කුලම්පිට්ටි මුස්ලිම් දේවස්ථානයට ගෙනවිත් බාර දී තිබේ.
කෙසේ නමුත් මේ පිළිබඳව 24 දින රාත්‍රි වන තුරුත් කිසිවකු පොලිසියට හෝ වෙනත් නිළධාරියකුට පැමිනිලි කර නොතිබු බව කියයි


2025 දෙසැම්බර් මස 30
58
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
722
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
343
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වියළි සලාක මලු බෙදා දි ජන්දය ඉල්ලලා