(තිළිණි ද සිල්වා සහ රන්ජන් කටුගම්පොළ )
පළාත් පාලන මැතිවරණයේදී මහරගම, මහියංගනය, බුත්තල , කොළඹ , පානදුර, අගලවත්ත, කින්නියා, තිරප්පනේ, වැලිගම, බදුල්ල ආදි පළාත් පාලන ආයතනයන් සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් හි නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කොට ඇති පෙත්සම් 14 ක් සළකා බැලීම ලබන සිකුරාදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද(16) තීරණය කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ අද මෙම පෙත්සම කැඳවූ අතර එහිදී පෙත්සම්කරුවන් ගේ නීතීඥවරුන් කල් ඉල්ලා සිටීමත් සමග පෙත්සම් සලකා බැලීම මෙදිනට කල් තැබිණි.
එසේම මෙම පෙත්සම්වල සඳහන් ආකාරයට නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට හේතුන් වෙන් වෙන්ව සලකා බැලීමට ද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.
මෙම පෙත්සම් හි වගඋත්තරකරුවන් වශයෙන් ඒ ඒ දිස්ත්‍රික් හි තේරීම් බාර නිලධාරීන් , මැතිවරණ කොමිසමේ සභාපති සහ එම කොමිසමේ සාමාජිකයන් සහ නීතිපතිවරයා ඇතුළු පිරිස් නම් කරනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 30
58
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
722
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
343
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පළාත් පාලන පෙත්සම් සලකා බැලීම කල් යයි